The title of the page
The New Mutants 2020 Sinhala Sub
The New Mutants 2020 Sinhala Sub
5.6
33
80

The New Mutants (2020) Sinhala Subtitles |”එක්ස් මෙන්”| සිංහල උපසිරැසි සමඟ

(The New Mutants 2020 Sinhala Sub)හම්මෝ ඉතින් කට්ටියට කොහොමද? මට නම් ටිකක් විතර අමාරු කාලයක් එන්නේ ඔන්න. පොඩි පාඩම් වැඩ වගයක් සෙට් වීගෙන එන්නේ. කොහොම උනත් ඔන්න අදට 50යි! ඔව්, උපසිරැසි 50ක් සම්පූර්ණ කලා. හිතා ගන්නත් බෑ. මං හිතන්නේ ගොඩක් ඉක්මනින්ම 50 කලා මම. ඉතින් මෙහෙමයි අද කතාව අරන් ආවේ අති විශේෂ එකක්. මොකද කියනවා නම් මේක තමයි අර එක්ස් මෙන් කියන සුපිරියෝ ටිකගේ දෙවන පරපුර වෙන්නේ. කොහොම හරි ඔන්න අරන් ආවා.

මේ තමයි එක්ස් මෙන් ෆිල්ම් සෙට් එකේ අවසානය. ආයේ එනවා නම් එන්නේ වෙනම නමකින් හෝ වෙනම විදිහකින්. අර මීට කලින් අවසානෙට ආව ඩාර්ක් ෆීනික්ස් එකේ කිව්වනේ ජීන් තමයි බලවත්ම කියලා. ඒත් මේකෙදී කියනවා බලවත්ම වෙන කෙනෙක් ගැන. ඇයි අර ලෝගන්ගේ අවසාන ෆිල්ම් එකේදි එයාගේ දුව බේරෙනවා. එතනත් ආයේ ෆිලුමකට ඉඩ තියෙනවා. අපි බලමුකෝ. මේ සබ මාර හදිසියෙන් ගැහුවේ. හරිම කොපිය අරගෙන බලන්න. හොඳ කොපියක් ආව ගමන් අප්ඩේට් කරන්නම් සෙනිකව😂.

මුලින්ම දුකෙන් උනත් කියන්න ඕනේ මේක කැම් කොපියක්. ඒ උනත් කඩයිමක් පහුකරන්න ඉතින් මීට වඩා හොඳ එකක් නැනේ. ඒ නිසයි දෙන්නේ. මම කැමති නෑ කැම් කොපිවලට සබ් ගහන්න. ඒත් 50 වෙනුවෙන් දෙනවා. අනික මම මාරම ආස ෆිල්ම් සෙට් එකක් තමයි මේ එක්ස් මෙන් සෙට් එක. තව දෙයක් ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ අර මලවුන්ගේ හමුදාවේ මහ එකාව මරන පොඩි කෙල්ල “ආර්යා ස්ටාර්ක්” මේකේ ඉන්නවා. මේකේ කියවෙන දේ ඔයාලා දන්නවනේ, ඉතින් සුපිරියක් තමයි. තාම මේක සමහර රටවල තිරගත වෙලාවත් නෑ, ඒ උනාට ආදායම නම් ඇමරිකානු ඩොලර් 12 404 473 විදිහට මේ වෙනකොට සටහන් වෙලා තියෙනවා. හරි එහෙනම් මොනවා කියන්නද ටිකක් අඩු කොලිටියෙන් හරි බලලා ඉන්න මුලින්ම. අපි තමයි ඉස්සෙල්ලාම මේක අරන් ආවේ ඉතින් හැමදාම වගේම.

අනික විශේශයෙන් දෙයක් කියන්න ඕනේ, සමහර ලොකු සයිට්වල ඉන්න ලොකු අයියලා මට කියලා තිබ්බා සබ් දීපුවා ආපහු දීලා දෙකක් විතර. ඇයි එයාලාගේ සබ් හොරකම් කරනවද කියලා. මට ඒ අයට  කියන්න තියෙන්නේ ඔයාලගේ එකයි, මගේ සබයි දෙකම අරන් බලන්න. වෙනස තේරෙයි.

හරි එහෙනම් ඔන්න මගේ ස්තූති කතාව පටන් ගන්න හදන්නේ. මෙහෙමයි මේ සබ් කෙරුවාවට ආවේ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න ඕනේ නිසා. මෙන්න බොලේ මේක විශ්ව විද්‍යාලයක් වගේ උනා. මම මුලින්ම ශර්ලොක් හෝම්ස් මහත්තයාගෙන් වැඩේ පටන් ගත්තා. එදා තිබ්බා ලස්සන කමෙන්ට් ටිකක්. ආස හිතිලා දෙවනි එකත් ගෙනාවා. ඔහොම ආව වැඩේ අවසානේ මම රුසියන් ෆිලුම් සිංහලෙන් ගෙන ඒම දක්වාම දියුණු උනා. ඉතින් මේකේ අයිතිය තියෙන්නේ මට නෙවෙයි. මෙන්න මේ පහල ඉන්න අයට.

පිළිවෙලටම කිව්වොත් මුලින්ම ඉන්නේ මගේ චූටි සදහම් පුතා. ඊලඟට මගේ ආදරණීය බිරිඳ ලක්ෂ්මී. ඒ දෙන්නා මට කරදර නොකර, ඉල්ලන ඉල්ලන වෙලාවට තේ, බිස්කට්, කෝපි ගෙනත් දීලා, ඒ වගේම කීබෝඩ් එක උඩ, නැත්නම් ටැබ් එක උඩ නිදියන් ඉද්දී ඇහැරවලා මට දුන්න හයියෙන් තමයි සබ් 50ක් කොරේ ඕං. ඒ වෙනුවෙන් ඉතින් ස්තූතියි කියලා මදි මම. බොහෝම පිං. හරි ඔන්න ඊලඟ තුන්දෙනා, පළවෙනියා තමයි මගේ ලොකු බොස් සමිත රමේශ් මල්ලී, කොයි තරම් අවුල් උනත් මැසේජක් දාලා අපිව ෆෝම් කරලා ගන්න සුපිරි බොසෙක් තමයි ඉතින්. ඊලඟ ඔය ලස්සන කවර හදලා දෙන, ඒ වගේම හැමවෙලේම හොයලා බලන, සබ් ඉල්ල ඉල්ල දාන මගේ පොඩි බොස් තමයි මේ, අංජුල උමේශ් මල්ලි. ඊලඟ ඉන්න තනිකඩයා තමයි චානක තිලංක මල්ලී. මගේම සහෝදරයෙක් වගේ හැම මගුලකටම ඔලුව දාන හිත හොඳ සුපිරිම කොල්ලෙක් තමයි ඉතින් මේ. ඔරවන් හිටියට හිත හොඳයි. තනිකඩයා, ඒ නිසා කැමති කෙනෙක්ට වේකන්සියක් තියෙනවා. චානකගෙන් අහලා බලන්ටකෝ කැමති කෙනෙක් ඉන්නවා නම්. මේ හැමෝටම ගොඩක් ස්තූතියි, ගොඩක් පිං මට මේ කඩයිමට එන්න උදව් කලාට.

Hashan M. Priyadarshana , Kantha_DLA , Isirajanith , Gihan Lakmal , Lakmal , හිරාන් ශාරංග , Kosala , V E N O M E , Nuwan Kanchana Ganegoda……….. ඇතුලු නම් කියවුන හා නොකියවුන එක කමෙන්ට් එකක් හරි දාපු හැමෝම තමයි තල්ලුව දුන්නේ මේ 50වෙනි උපසිරැසිය ගේන්නත්. ඒ හැමෝවමත් ආදරයෙන් මතක් කරනවා වගේම දිගටම කමෙන්ට් කරන්න කියලත් ඉල්ලනවා. නම නොකියවුනා නම් සමාවෙන්න කියලත් ඉල්ලනවා. මට නම් එක කමෙන්ටුවක් හරි දාපු කෙනෙක් ඉන්නවා නම් ගොඩාක් පිං. ඔයාලා තමයි මට මේ දුර එන්න හයිය. ආයෙත් කියන්නේ අමතක උනා නම් සමාවෙන්න, කොහොම උනත් කමෙන්ට් කරපු හැමෝම හදවතේ ඉන්නවා.

වැදගත්ම දේ තමයි, මම දැක්කා පහුගිය කමෙන්ට් කීපයකම කට්ටිය ඉංග්‍රීසී සීරීස් වලට සබ් ඉල්ලලා තිබ්බා. ඕං එහෙනම් මං පොරොන්දුවක් දෙනවා. මේ වෙනකොට මම කරන් එන සීරීස් ඉතුරුවා සීසන් සීසන් වශයෙන් එකටම සබ් ටික දෙනවා. ඒ වගේම ඒ ටික එක එක ඉවරවෙනකොට ඒ වගේම සුපිරි ඉංග්‍රීසි සීරීස් දෙනවා. ඒ අතර ඇනිමේශන් හා වාර්ථාමය එක සීසන් එක ගානේ දෙනවාමයි. හැබැයි ඉන්දියන් ඒවා නම් දෙන්නේ නෑ මම. හරිනේ. ඔන්න ඉතින් මම 50ට වඩා ඉක්මනින් 100 ඉවර කරනවා. ඉතින් හරිනේ, මතකයිනේ, මේක පොරොන්දුවක්. සීසන් කම්ප්ලීට් කරලම දෙන හින්දා පොඩි කාලයක් නිහඬයි වගේ දැනේවි. ඒත් එහෙම නෑ, මම ඉන්නෙ ගේම් එක ඇතුලෙමයි හොඳේ.

හරි එහෙනම් ඔන්න ආයේ කියන්නේ මට කියන්න දෙයක් තියෙයි නම්   මෙතනින් ඇවිත් ඊ මේල් එකක් දාන්න. අනිවා කමෙන්ට් එකකට හෝ ඊ මේල් එකකට මම රිප්ලයි කරනවාමයි. ඒ වගේම මගේ යූ ටියුබ් චැනල් එකක් තියෙනවා, තාම පොඩියට යන්නේ ඉතින්. මෙතනින් ඇවිත් ඒකටත් සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා, ලයික් එකක්, කමෙන්ට් එකක් දාලා යන්න. අදට 50යි ඔන්න. ආයේ ඊලඟ උපසිරැසි සෙට් එක ගේන්න ටිකක් කල් යාවි. හැබැයි සීසන් එකක ඉතුරු ඔක්කොම එක පාරම ගේනවා. ඒ නිසා ආයෙත් හමුවෙනකල් ඔයාලා හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! ආයුබෝවන්! 
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

82 comments

  1. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    50 ට සුභ පැතුම් අයියා ,ඔය ගැම්මටම 100 ගහමු 💛❤️💚👆

  2. නියමයි අයියෙ! ඉක්මන්ටම උපසිරැසි 50 ගැහුවෙ අයියා තමයි.
    50 වෙනි උපසිරැසියටත් සුබ පැතුම්!!
    සබ් එකටත් බොහොම ස්තූතියි!!

    • ස්තූතියි ම්ල්ලී, ඔයාලා හින්දා තමයි ඉතින් මෙහෙම දුරක් ආවේ

    • උණුසුම් සුබ පැතුම් දර්ශන සහෝදරයා ..ඉදිරි හැම වැඩකටම සුබ පතනවා..ගොඩක් සතුටුයි ඉංග්‍රීසි සීරීස් දිගටම ලබා දෙනවට..ගොඩක් ආසාවේන් තමයි සාලේම් ඉදන් සහෝ උපසිරැසි දුන්න හැම නිර්මාණයක්නම බැලුවේ …..

      • දර්ශන හෙට්ටිවත්ත
        Cineru Family Member

        අනිවා සහෝ, ඔන්න සාලෙන් සීසන් එකේ ඉතුරු ඔක්කොම එකට එනවා. එක පොකුරට. දිගටම කමෙන්ටුවක්දාන්න සහෝ

  3. නියමයි අයියා..❤️ 50 වෙනි උපසිරැසි ගැන්වීමට සුබ පැතුම්..😍 ඉක්මනටම 100 ත් ගහමු…😗

  4. ela mage english sub ekata hodata karala thiyenawa!!!

  5. ela mage english sub ekata hodata karala thiyenawa

  6. :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
    >>>>>>> විශේෂ මතක් කිරීම <<<<<<<<
    :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

    මෙම වීඩියෝව කැම් කොපියක් නිසා උපසිරැසියේ යම් යම් නොගැලපීම් ඇතිවිය හැකියි
    එවැනි අවස්තාවලදී KM Player නම්" [ " හා " ] " යන බටන් දෙකෙන් හා
    MX Player නම් සබ්ටයිටල් ස්පීඩ් එක 116% ට පමන වැඩි කිරීමෙන් සකසා ගත හැකියි.

  7. oya meka gahala thiyenne time line eka poddak ehain ekai normal copy ekata wada naththe
    oya oka timeline walin hadanna one nathnam sub eka passe watenne

  8. ((((((((((((((((((((((((((((*))))))))))))))))))))))))))))
    කට්ටියම ආයෙත් සබ් එක අරගන්න. පොඩි අප්ඩේට් එකක් කරා. දැන් අපි දීපු පිටපතටම හරියටම හරි සබ් එක. සමවෙන්න පරක්කුවට. ඒ වගේම සමිත සහෝ ,අංජුල සහෝ ස්තූතියි ගොඩක්ම

  9. 50 වෙනි සබ් එකට සුබ පතුම්!

  10. X MEN කිවොත් ඕනෑම එකක් බලනවා .
    ගොඩාක් ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් ඒ වගේම smallville සීසන් වලටත් මේ වගේම සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් පිං .

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      අනිවා, එහෙනම් මේ තමයි අවසානේ. මේකත් බලන්න සහෝ. ස්තූතියි

  11. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      බොහොම ස්තූතියි සහෝ, 1වෙනි එකේ ඉඳලම මාර සපෝර්ට් එකක් දුන්නේ ඔයා

  12. 50 සුභ පැතුම් සහෝ මගෙන්… දිගටම සබ් දෙන්න.

  13. සුබ පැතුම් සහෝදරයා තව තවත් සබ් කරන්න ලැබේවා ඔන්න පොඩි ඉල්ලීමක් තියෙනවා ජපන් චිත්‍රපටයකට සබ් එකක් දෙන්න කෝ

  14. 50 ට සුභ පතනවා අයියා.ඉක්මනටම 100 ගහමු..

  15. ප්‍රසාද්

    thanks

  16. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    සුපිරියි දර්ශන බ්‍රෝ මාස ටික කාලෙකින්ම 50 ගැහුවා නේහ් 👏 සුබ පතනවා පලවෙනි සබ් එකට කරන්න තියන විභාගෙට පාඩම් කරල ඒ දේවලුත් කරගෙන ඉක්මනින්ම 100වෙනි සබ් එකත් ගහමු බ්‍රෝ 👊👊👊.. එහෙනම් වෙනද වගේම බොහොම ස්තුතියි සබ් එකට 😊..
    තෙරුවන් සරණයි.!!
    ජය වේවා.!

  17. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    සමාවෙන්ටෝන පොඩි එහෙ මෙහෙවීමක් උනා පනස්වෙනි කියන එකට පලවෙනි කියල type උනේ 😉 පලවෙනි නෙවේ පනස්වෙනි 😊

  18. Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)

  19. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks sub ekata Subtitles horakan karata man dannawa sub eka kageda kiyala e nisa mata aulak ne hoya ganna pluwan Dc superhero girl 2019 tv series ekata sub one 100 kada imata kalin thx plz oyage mulu Family Ekatama thanks

    • ස්තූතියි සහෝ. මට පැහැදිලි නෑ ඔයා කියපු දේ. කොහොම උනත් මම අනුන්ගේ සබ් හොරකන් කරලා දාලා නෑ. මොකද මට තේරෙනවා කෙනෙක් එහෙම කරාම හිතට එන දුක. එකම ෆිලුම සයිට් 3ක 4ක ඇති සමහරවිට. ඒත් මම දෙන එකක්වත් හොරකම් කරපුවා නෙවෙයි. නිදි මරාගෙන ගහපු සබ්

  20. congratulation bro…………. 100ත් ඉක්මනටම කරන්න ලැබෙන්න ඕන…🎉❤❤😘😘

  21. The New Mutant 2020 කියලා ගූගල් ස්‍ර්ච් කරාම එනවා ඔන්න තව සයිට් දෙකක මගේ සබ් එක. එකක් නම් අමු අමුවේම හොරකන් කරලා. අනික නම් නම දාලා තියෙයි. ඒත් මට හොරෙන් තමයි ඒක අරන් තියෙන්නේ. ඒ නිසා බය නැතුව කියන්නේ
    ***** “මම නම් උපසිරැසි හොරෙක් නෙවෙයි” *****

  22. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    ne man kiuwe anik aya oyage sub horakan karata man dannawa oyage mahansiyen gahapu subtitles monoda kiyala me site eke sub monoda kiyala oya sub horakan karanne ehema unoth dc superhero girl 2019 tv series ekata Subtitles denna

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      හරි සහෝ, බොහෝම පිං මේ දෙන තල්ලුවට. මං ලිපියෙත් ඔයා ගැන කිව්වා

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      ආ අනික, සහෝ අරකේ එපි 32යි ඩවුන්ලෝඩ් තියෙන්නේ. ඒ ඕකොම දෙන්නම්. ඩීසී සුපර් හීරෝ ගර්ල්ස් එක

  23. 50 වෙනි කඩඉමට මගේන් සුභ පැතුම් සහෝ.100 වෙනි කඩඉමත් ඉක්මනට පසු කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම සීනේරු එකේන් පොඩි ඉල්ලීමක් තියෙනවා පුලුවන් නම් how to sell drugs online කියන නේට්ෆිල්ක්ස්ලාගේ ටීවී සිරිස් එක්ට සිංහල උපසිරැසි ලබා දෙන්න කියලා.මේකේ දැනට සීසන් දෙකක් ඇවිත් තියෙනවා ඕක්කෝම එපි 12 යි.

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      හරි සහෝ, ඉල්ලීම් ගොඩයිනේ. පොඩ්ඩක් බලන්නම්. උපරිමෙන් උත්සාහ කරන්නම් දෙන්න

  24. ශා නියමයි අයියේ..මාරම කැපවීමෙන් සබ් කරන සුපිරි කෙනෙක් ඔයා..50 ට සුභ පැතුම් ..තව තවත් මේ වගේ උපසිරැසි ගේන්න ශක්තිය , ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..❤️

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      ස්තූතියි මල්ලී. ඔයාලා වගේ සීනියර් අය දිහා බලලා තමයි මේ ඉතින් අපි තාම ඉගෙන ගන්නේ. ගොඩක්ම පිං මේ කමෙන්ට් එකට මල්ලී

    • Udaya saman
      Cineru Family Member

      මුලින්ම සුබ පතනවා පලවෙනි කඩයිමට…ඉතින් බො⁣හොමතුති මේ කරනා වු සේවයටඇත්තටම අපිට මේකෙන් ලැබෙන තෘප්තිය කියල නිම කරන්න බැ.අයියටත් ඒමතමා….ඉක්මනටම 100 ගහමු..ජය වේවා

      • දර්ශන හෙට්ටිවත්ත
        Cineru Family Member

        ස්තූතියි මල්ලී. ජොබ් එකයි දරුවයි එක්ක හරිම අමාරුයි වෙලාවක් හොයා ගන්න. මාස 3ක් යන්න කලින් 100 සම්පූර්ණ කරනවාමයි
        👍🤩🤩🤩🤩🤩🤩🤩

  25. චානක තිලංක

    ෂා ආසාවෙන් බලනවා මේක නම්, ආ 50 වෙනි සබ් එකට මගෙන් උනුසුම් සුභ පැතුම්. ජයවේව🔥🔥🔥👏👏👏👏⭐⭐⭐⭐👌👌👌👌👌✌️✌️✌️✌️✌️👍👍👍👍👍👊👊👊👊👊🙌🙌🙌🙌❤️❤️❤️❤️❤️❤️

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      අනේ මනුස්සයෝ, බලනවකෝ, ඔහේගේ පොටෝ එකක් දාලත් කමෙන්ට් කරේ අන්තිමටනේ. මෙච්චර කල් මක්කැයි කොලේ? අඩු ගානේ යකෝ මූ යාලුවා නේද කියලවත් හිතන්නෙපැයි. ඇයි ඔහේ අවුලෙන්‍ය ඉන්නේ කෙල්ලෙක් නැතුව?

  26. Peter Barthelot
    Cineru Family Member

    එල එල 50 ට සුබ පැතුම්
    දිගටම ඕම යමු,
    Late wishes

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි අයියේ, ඔයා වගේ සීනියර් කෙනෙක් කමෙන්ටුවක් දැම්මම මාර සතුටුයි
      🌻🌻

  27. ජයවේවා බ්‍රෝ.👍👍👍

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තුතියි සහෝ 🌻

  28. වැඩි කමෙන්ට් නොදැම්මත් සබ් දෙනව දකිනව, ඔන්න අපෙනුත් සෆ් එකක් congratulations brother ….💚💚💚
    ටිවි සිරියස් complete දෙනව දැකල තියෙනවා සුපිරි

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අන්න ඒකයි, බොහොම ස්තූතියි සහෝ 🌻

      • ඔයාට පුළුවන් නම් සහෝ The Purge ටිවි සිරියස් එක සම්පූර්ණ කරල දෙන්න පුළුවන් ද කියල … එක බොහොම ටිකයි දිල තියෙන්නේ ඔගොල්ලො..

  29. බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අනිවා සහෝ 🌻

  30. G.W.Deshan Adithya

    50 ට සුබ පැතුම් දර්ශන අයියා… 😊 අපි පස්සෙ හරි ආව ඈ
    කෝ බන් 100 දෙන්නෙ නැද්දෝ… 😭

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      100 ටයිප් කරනවා බං. ඒකේ වචන ගොඩක පැටලිලා ඉන්නේ . 🌻

  31. subapathum machoo…

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ 🌻

  32. ගිහාන්

    තෑන්ක්ස් බ්‍රෝ..100 ගහමු…

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ඔව් දවස් දෙකතුනකින් දෙන්නම් 100 සහෝ 🌻

  33. සහෝ මමනම් මේ සයිට් එකට අලුත්, හබැයි එහෙමයි කියල කෙනෙක්ගෙ ජයග්‍රහනයක් දැකල නිකන්ම යන්න බෑනේ.. ඒනියි සයිට් එකට මන් අලුත් උනත් කමෙන්ට් එකක් දාන්න හිතුවෙ.. ඔගොල්ලො මේ ඔගොල්ලොන්ගේ බොහෝමයක් වැඩ අතරෙ අපිවෙනුවෙන් මේ සබ් දීල කරන කැපවීමට බොහොම ස්තූති සහෝ.. ඒත් එක්කම ඔබගෙ 50වෙනි කඩයිමට සුබ පතනව.. ජය වේවා!!

    ඒත් එක්කම පොඩි ඉල්ලීමක් කරන්න කැමතී, මේ සයිට් එකට එන කට්ටියට කැමති චිත්‍රපට / කතාමාලා සදහා ඉල්ලීම් කරන්න ගොනුවන් නිර්මානය කරොත් කොහොමද? එයින් 30% හො වැඩිම ඉල්ලීම් ලැබෙන දේට සබ් දෙන්න විදිහක්.. මොකද සමහර අය ආසාවෙන් ඉන්නව සමහර කතාමාලා වලට ඒත් කවදාවත් එවට සබ් ලැබෙන් නෑ.. ඒනිසයි මෙහෙම ඉල්ලීමක් කරේ.. උත්සහ කරල බලන්න හැකිනම්.. ස්තූතියි.

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අනිවා සහෝ, කලින් එහෙම ඉල්ලීම් තීරුවක් තිබ්බා. ආයේ අපේ ඇඩ්මින් එකට කියන්නම් මම. බොහොම ස්තූතියි කමෙන්ටුවට. මාර වටිනවා. ඒ වෙනකල් ඔයාලගේ ඉල්ලීම් මගේ ඊමේල් එකට එවන්න.

  34. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝදරයා. ගොඩක් පරක්කු වෙලා නේද මේ පාර නම්?

  35. දැන්ම සබ් එක ගන්නෙ නෑ.. කැම් කොපි බලන්නෙ නෑ.. සුභ පතනව 50 වැනි උපසිරසියට… ඉදිරියටත් මේ විදියටම කරගෙන යන්න ලැබෙන්න ඕන… බොහොම ස්තුතියි….😘😘🎉🎉🎉

  36. ජයවේවා bro….
    පුලුවන්නම් You Season 2 එකට සබ් දෙන්ඩකො…

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      හරි මං හිතන්නේ පුලුවන් වෙයි

  37. සුභ පැතුම්. 💖
    සමහර තැන් වල සබ් නෑනෙ ඒක පොඩ්ඩක් හදාගන්න 😒😒

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ආ සහෝ, මේක මුලින්ම කැම් කොපියටනේ දුන්නේ. ඒකමයි අපි අප්ඩේට් කරේ. දෙසැම්බර් මාසේ ඇතුලත් අප්ඩේට් කරන්නම්කෝ . ස්තූතියි ඈ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login