The title of the page
Gatham 2020 Sinhala Sub
Gatham 2020 Sinhala Sub
8.7

Gatham (2020) Sinhala Subtitles | “අතීත අභිරහස් හෙලිදරව්ව” | සිංහල උපසිරැසි සමඟ

(Gatham (2020) Sinhala Sub) ආයුබෝවන් ආදරණීය සිනමා ලෝලී යහලු යෙහෙලියන්ට.අද උදෑසන අන්තර්ජාලයට ඔර්ජිනල් පිටපත් නිකුත් කෙරුනු තවත් අපූරු තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මම අද වෙබ් අඩවියට ගොඩ වුනේ.

ඉතින් තවමත් පවතින කොරෝනා අවදානම නිසා සිනමා කර්මාන්තය  විශාල පහරක් එල්ල වී තිබෙනව.සිනමාශාල තවමත් ඉන්දියාව තුල වසා දමා තිබීමත් එක්ක OTT මාධ්‍ය හරහා කෙලින්ම අන්තර්ජාලයට පිටපත් නිකුත් කිරීමෙන් තමයි රසිකන් වෙත සිනමාපට ලගා වෙන්නෙ.ඒ කර්තව්‍යයේ සාර්තකව නියැලී ඉන්න Amazon Prime Video හරහා නිකුත් වුනු Action | Thriller කාණ්ඩයේ චිත්‍රපටයක් තමයි මේ Gatham ( අතීතය ) කියල කියන්නෙ.Kiran Reddy ගේ අධ්‍යක්ශණයක් වන මෙහි රංගනයෙන් දායක වෙන ප්‍රධාන නලු නිලියො ටික තමයි මේ.
           • Bhargava Poludasu
           • Rakesh Galebhe
           • Poojitha Kuraparthi

ඇමරිකානු ඩොලර් 200 000 ක ඇස්තමේන්තුගත වියදමක් දරමින් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ.චිත්‍රපටියේ සම්පූර්ණ ධාවන කාලය පැය 1 යි විනාඩි 41 ක් පමණ වෙනවා.

ඉතින් ලෝ බජට් එකක , සාමාන්‍ය අඩු ධාවන කාලයක් සහිතව හා ප්‍රසිද්ධ නලු නිලියන් නොමැති චිත්‍රපටියක් නිසා ගොඩ දෙනෙක්ගෙ අවදානය යොමු නොවෙන්න පුළුවන්.ඒත් මටනම් මේකේ කතාව හිතට ඇල්ලුවා.ඉතින් මේකට ඔයාලගෙ අවදානයත් යොමු කරනවනම් හොඳයි.

හරි කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත් මෙහෙමයි.රිශී කියල තරුණයෙක් රෝහලක ඉන්නව.මෙයාව අනතුරක් වෙලා දවස් දෙකකට කලින් ඇතුල් කරල තියෙන්නෙ.හැබැයි මෙයාට අතීතයේ මොකුත් මතක නෑ.ඉතින් මෙයාගෙ පෙම්වතිය ආදිති තමා මෙයාගෙ ටිකට් කපල ගෙදර අරගෙන යන්නෙ.ඒත් මෙයාට මොකුත් මතක නැති හින්දා එයාගෙන් අහල තමන්ගෙ පවුලේ අය ගැන දැනගන්නව.අම්ම නෑ තාත්තා දුරක ඉන්නව කියල එයා කියනව.ඉතින් දෙන්න එක්ක තාත්තව මුණ ගැහෙන්න යනකොට කාර් එක මග හිටිනව.ඔය වෙලේ එතනදි ටිකක් අමුතු පුද්ගලයෙක් එයාලට හම්බ වෙනව.

ඔන්න ඔතනින් තමා හැමදේම පටන් ගන්නෙ.ඉතින් කව්ද මේ මනුස්සය..? මෙතනින් එහාට මොනව වෙයිද ..? කියන වග දැනගන්න ඔයාලට බාරයි.

එහෙනම් ඉතින් හැමදාමවගේ ඉල්ලන්න තියෙන්නෙ දිගටම අපේ සිනෙරූ උපසිරැසි අඩවිය එක්ක රැදෙන්න කියල.චිත්‍රපටය මොකවුනත් පුළුවන් ඉක්මනින් සිංහල උපසිරැසිය ආදරණීය ඔයාල වෙත ලගා කිරීමේ වගකීම අපි ඉටු කරනව වගේම සාමාන්‍යයෙන් තරමක් පසුගාමීව පවතින කොරියානු , චයිනිස් භාශා චිත්‍රපට හා ඩ්‍රාම වලට පවා වැඩියෙන් උපසිරැසි දීල ඉස්සරහට අරගෙන එන්න සිනෙරූ අපි සමත් වෙලා තියෙනව.

පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න බැරිනම් ඒත් දාන්න 😁.තවත් අපූරු උපසිරැසියක් අරගෙන මම එන්නම් ඉක්මනින් ඔයාලව හම්බවෙන්න.පුළුවන් තරම් පරිස්සම් වෙලා මේ කාලේ ගත කරන්න.සිනමාව අස්වැසිල්ලක් කරගන්න.

         ” ගොඩක් මහන්සි පාටයි…
            විවේක ගන්න….
            පස්සෙ කතා කරමු… “

ඔබට ජය !
         

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

10 comments

  1. G.W.Deshan Adithya

    නියමයි මදූ අයියා සුපිරියි …..😊

  2. නියමයි මදුවා..තෑන්ක්ස් සබට..❤️

  3. samitha
    Cineru Family Member

    dala thiyenne

  4. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  5. Thambi ungalikekai roma thanks

  6. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela bro Patta

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මධුවා මොකෝ මේ හයි ස්පීඩ්, සුපිරි ඈ

  9. Thanks. But we only see some icons. What is the font bro?

  10. චානක තිලංක
    Cineru Family Member

    මදුශාන් අයියා නියමයි ආ දිගටම සිනෙරු එක්ක යං. ජයවේවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login