The title of the page
The Marvels Sinhala Subtitle
The Marvels Sinhala Subtitle
5.9
61
50

The Marvels (2023) Sinhala Subtitles | “විනාශයකට එරෙහිව” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාළුවනේ ඉතිං කොහොමද…මාස ගානකට පස්සෙ ඔන්න සිනෙරූ අපේ අඩවියට ආවා සබ් එකක් දීලා යන්න කියල…ඉතිං කාර්‍යබහුලත්වයත් එක්ක ලැබුණ පොඩි  විවේකයෙ වෙනසකටත් එක්ක තියෙන්නෙ ඔයාල වෙනුවෙන් ආපහු සබක් දෙන්න හිතුවෙ 😁

හරි , මම අද සබ් එක අරගෙන ආවෙ මාවල් ලගෙ අලුත්ම ෆිල්ම් එක වෙන The marvels ෆිල්ම් එකටයි.

ඉතිං දැනට IMDB දර්ශකයේ 5.9/10 වගේ අගයක් සටහන් කරල තියෙන මේ ෆිල්ම් එක රිලීස් වුනේ මේ නොවැම්බර් 10 වෙනිදායි.රංගනයෙන් සුපුරුදු විදිහට Samuel Jackson,nick fury විදිහටත්,ප්‍රධාන චරිත විදිහට Iman Vellani,Ms.marvel විදිහටත්.Brie Larson Captain Marvel විදිහටත් Teyonah Parris Captain monica Rambeau විදිහටත්. Main villain විදිහට Zawe Athson,Dar benn විදිහට ත් රංගනයෙන් දායක වෙනවා.

ඉතිං කතාව පැත්තට ගියොත්.

කතාව පටන්ගන්නෙ අපේ ප්‍රධාන දුෂ්ටයා වෙන  ඩා බෙන් මිස් මාවල් ලග තියනවා වගේ බැන්ගල් එකක් හොයාගන්න සිද්ධියෙන් තමයි පටන්ගන්නෙ.එයාගෙ අරමුණ වෙන්නෙ එයාල හදුන්වන The Annihilator එහෙමත් නැත්තම් Captain Marvel එයාලගෙ ක්‍රී අධිරාජධානියේ තිබුණ Supreme Intelligence එක විනාශ කළාට පස්සෙ ක්‍රී අධිරාජ්‍යයේ මව් ග්‍රහලෝකය වෙන හාලා ග්‍රහලෝකයට අහිමි වුන ස්වභාවික සම්පත් වෙන ලෝකවලින් උදුරගෙන එයාලගෙ ලෝකෙට ගෙන්නගන්නත්,කැප්ටන් මාවල් ගෙන් ඒ සිද්ධියට පලිගන්නත් කියන කාරණා දෙකම.ඉතිං මේකට එයා පාවිච්චි කරන්නෙ විශ්වය හරහා ගමන් කරන්න පුලුවන් විදිහට නිර්මාණය Universal Neural Teleportation Network එකයි…ඒකෙ තියන ජම්ප්පොයින්ට්ස් කියන විශේෂ අංගය තමා ඩා බෙන් මේකට පාවිච්චි කරන්නෙ.ඒකට එයා පාවිච්චි කරන්නෙ මිස් මාවල් ලග තියනවා වගේම බෑන්ඩ් එකක්.ඉතිං එයා ඒ කරන වැඩේ අපේ මාවල්ස් ලට කෙලින්ම බලපාන්න ගන්නවා.ඉතිං ඒ කොහොමද කියලයි කතාවෙ වෙන්නෙ මොනවද කියලයි දැනගන්න මම ඔයාලට භාර දෙනවා.

ඉතිං මම අද ලොකු ලිපියක් ලියන්න නම් බලාපොරොත්තු වුනේ නෑ ඇත්තටම තියන පොඩි විවේකයත් එක්ක.කොහොමහරි කතාව රසවිදින්න කියල ඔයාලට ආරාධනා කරන ගමන් මම දැනට යනවා.මේකත් එක්කම තව සබ් දෙකක් විතර දෙන්න බලාපොරොත්තුත් වෙනවා.

ඉතිං බලල,චිත්‍රපටය කොහොමද,සබ කොහොමද කියල පුලුවන් නම් කොමෙන්ටුවකුත් දාන්න කියලත් මතක් කරනවා.

ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

12 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සඳා …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. SUB EKATA THANKS .WEB RIP KIWUWATA CAM QUALITY NE THIYENNE

  3. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  4. kohmomada film download karanne

  5. chaley sl
    Cineru_users

    original copy eka enne kawadda

  6. praneeth
    Cineru_users

    Thank me wage web ekaK Karanawata.

  7. Napoleon 2023 එකට සබ් දෙන්නෙ නැද්ද බ්‍රො දැන් ගොඩක් දවස්නෙ ඇවිදින්😕

  8. Thanks for the sub!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login