The title of the page
Classroom of the Elite (2024) S03 E01 Sinhala Sub
Classroom of the Elite (2024) S03 E01 Sinhala Sub
7.4
94

Classroom of the Elite (2024) S03 E01 Sinhala Subtitles | “නව පරික්ෂණයක්, නව අභියෝගකරුවෙක්” | සිංහල උපසිරැසි සමඟ —

2024 Winter Season එකේ ආරම්භයෙන් තවත් ඇනිමෙ එකක සිංහල උපසිරැසි මාලාවයි මේ ඇරඹෙන්නේ. “අයනොකෝජි කියොතකා” කියන නම ඇසූ පමණින් මේ කතාව මොකක්ද මොන වගේද කියල බොහෝ දෙනෙක් මේ වෙද්දි දන්නවා. High School එකක අනිත් ශිෂ්‍යයින්වත් ඉත්තො ගානට දාගෙන, එක්තරා Manipulator කෙනෙක් පරික්ෂණ අභියෝග එක්ක තමන්ගේ ගමන යන විදිහ තමයි අපිට කතාවේ මුල ඉඳන්ම බලාගන්න ලැබුනෙ.

අන්න ඒ විදිහක High School Psychological ඇනිමෙ සීරීස් එකක තුන් වෙනි කතා සමය මේ විදිහට ඇරඹෙනවා.

     

𝗬𝗼𝘂𝗸𝗼𝘀𝗼 𝗝𝗶𝘁𝘀𝘂𝗿𝘆𝗼𝗸𝘂 𝗦𝗵𝗶𝗷𝗼𝘂 𝗦𝗵𝘂𝗴𝗶 𝗻𝗼 𝗞𝘆𝗼𝘂𝘀𝗵𝗶𝘁𝘀𝘂 𝗲 හෙවත් 𝗖𝗹𝗮𝘀𝘀𝗿𝗼𝗼𝗺 𝗼𝗳 𝘁𝗵𝗲 𝗘𝗹𝗶𝘁𝗲 ඇනිමෙ සීරීස් එක Syougo Kinugasa ගේ Classroom of the Elite Light Novel එක ආශ්‍රයෙන්, Animation production එක කරන්නෙ සුපුරුදු පරිදි Lerch Studio එක විසිනුයි. Drama, Suspense, Psychological, School යන Genre වලට අයත් වෙන මේ ඇනිමෙ එක Season 3 ට අදාළව මිනිත්තු 23 බැගින් වුනු කොටස 13 කින් සමන්විත වෙනවා. මේ උපසිරැසිය නිකුත් කරන මොහොත වෙද්දි Season 3 එක MyAnimeList දර්ශකයේ 8.14 ක අගයක් ලබා ගෙන තියෙනවා. Season 3 හි Theme එක වෙන “Minor Piece” ගීතය ZAQ විසින් ගායනා කරනවා. පසුගිය සීසන් දෙකේදිම themes ගායනා කළේ ZAQ ම තමයි.

මුලින්ම ඔයා Classroom of the Elite Season 1 ,2 නරඹපු නැති කෙනෙක් නම් ඒ සීසන් දෙකම නැරඹීම අනිවාර්යයි. මොකද ඒවායේ අවසානයන් එක්ක පිළිවෙළින් තමයි මේ Season 3 යෙදෙන්නේ. Classroom of the Elite Season 2 හි අවසානයෙදි අයනකෝජි කියොතකාගේ උපක්‍රම නිසා D පන්තිය C පන්තිය තෙක් උසස් කෙරුනා. ඇත්තටම බැලුවොත් පරික්ෂණ නීතිවල තිබුනු යම් යම් හිඩැස් අතරින් යොදපු උපක්‍රම නිසා මේ උසස් වීම මුළු පන්තියටම ලැබුනේ කියන එක අපිට තේරුම් ගන්න පුලුවන්. ඒ වගේම පන්තියේ හිටපු කෙල්ලෙක්ගේ දුර්වල ස්ථානය ප්‍රයෝජනයට ගනිමින් ඒ කෙල්ලව තමන්ගේ ඉත්තෙක් කරගෙන හැම වැඩක්ම පාහේ අයනොකෝජි කරගන්න විදිහ අපිට දකින්න ලැබුනා. ඒ වගේම වැදගත්ම සිදුවීම තමයි C පන්තියේ ඒකාධිපති නායකයා වුනු රියුඑන් සහ අයනොකෝජි අතර වුනු සටන. මේ සටනින් රියුඑන් දරුණු විදිහට ගුටි බැට හමුවේ පරාජයට පත්වුනා. සියලු උපක්‍රම හමුවේ D පන්තිය C පන්තිය තෙක් ඉහළට අරන් ආපු අයනොකෝජිට අවසානයෙදී අලුත් අභියෝගකරුවෙක් අභියෝග කරනවා.

මේ Season 3 ඇරඹෙන්නේ තවත් විශේෂ පරික්ෂණයක ආරම්භයක් එක්කයි. මුල ඉඳන්ම හිටපු හැම චරිතයක්ම අපිට නැවතත් අලුත් අභියෝග උපක්‍රම එක්ක හමු වෙනවා. මේ පළවෙනි කොටස ගැන මම වැඩි විස්තරයක් කියන්න යන්නෙ නෑ. නරඹන්න මේ ආරම්භක කොටස. ඇතැම් විට මීළඟ කොටස් කිහිපයක උපසිරැසි එකවර අරන් එන්න මම හිතන් ඉන්නවා. ඉදිරි වැඩත් එක්ක ඒකත් බලමු. මුල් සීසන් දෙකම නරඹපු නැති කෙනෙක් නම් ඒ දෙකත් සිංහල උපසිරැසි එක්කම නැරඹීමේ අවස්ථාව තියෙනවා.

නරඹන්න එහෙනම් මේ Highschool Psychology ය. නරඹන්න එහෙනම් මේ කොටස. මීළඟ කොටස් තුළින් මුණ ගැසෙමු.

Episode Name : The strongest principle of growth lies in the human choice.
Aired Date : 2024.01.03
IMDB Rating : 7.7

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

5 comments

  1. ado thx bn .

  2. macahan La Brea s3 eka ava .ane sub plz

  3. adow bn thank you A/L iwara una gamanma balanawa 😊

  4. Thanks jaya wewa

  5. meke s2 eka balanna widiyak nadda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login