The title of the page
8.4
93
97

The Mandalorian (2019) S01 E01 Sinhala Subtitles|සල්ලිද? ජිවිතයක්ද?| සිංහල උපසිරැසි සමග

Jon Favreau විසින් නිර්මාණය කරපු The Mandalorian කතා මාලාවේ සිද්දවෙන්නෙ Jedi නැවත පැමිණීමෙන් වසර පහකට පස්සෙ සිදුවීම් තමයි, ඒත් මේක නව ජනරජයේ සීමාවෙන් ඔබ්බට ගිහින්, දඩයම්කරුවෙකු ගැන අවධානය යොමු කරලා තියෙනවා. නිදහස් තුවක්කු දඩයක් කරුවෙක් කිව්වොත් හරි.Jedi නිදහසේ දඩයම් කරනවා කිව්වොත් හරි.හැබැයි නිකම්ම නෙවෙයි සල්ලි වලට. මේක අයිති වෙන්නෙ Action, Adventure, Sci-Fi කියන ඝණයට. Star wars බලලා තියෙන අය දන්නවා කොහොමද කියලා. ඇත්තටම කියලා වැඩක් නෑ අනිවාරෙන්ම බලන්න ඕන කතා මාලාවක් තමයි The Mandalorian කියලා කියන්නෙ. මේ කතා මාලාව IMDb 9.1 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම Google User ලාගෙන් 97% ක්ම කැමැත්ත දක්වලා තියෙනවා.

කතා මාලාව නිර්මාණය වුණේ කොහොමද?

Star Wars රූපවාහිනී කතා මාලාවක් 2009 වසරේ මුල් භාගයේදී නිෂ්පාදනයට ඇතුළු වූ අතර 2012 වන විට පිටපත් 50 කට අධික ප්‍රමාණයක් ලියා ඇත, නමුත් ඒවායේ සංකීර්ණ අන්තර්ගතය නිසා ඒවා නිෂ්පාදනය කිරීමට විශාල මුදලක් වැය වෙයි. ඒකෙ මාතෘකාව වුණේ Star Wars: Underworld ය. 2013 ජනවාරියේදී, Lucas Films සහ 2012 දී The walt Disney සමාගමට විකිණීමෙන් පසුව, එවකට ABC රූපවාහිනී ජාලයේ සභාපති Pual Lee කතා මාලාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් “අපි Lucas Films ආයතනයත් එක්ක යමක් කරන්න කැමතියි, තවම ඒක මොකක්ද කියලා විශ්වාස නෑ. මේ අනූව 2014 ජුනි මාසයේදී Boba Fett ත් ඇතුළුව මාලාව පිළිබඳ වැඩි විස්තර අනාවරණය විය.

2017 නොවැම්බර් 9 වන දින Walt Desney සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Bob Eger, ආයෝජකයින් සමඟ ඇමතුමක සිටියදී Desney සහ Lucasfilms එවකට නම් නොකළ ඉදිරියට එන ප්‍රවාහ සේවාව සඳහා නව Star wars රූපවාහිනී කතා මාලාවක් නිර්මාණය කරමින් සිටින බව නිවේදනය කළා.

2018 මාර්තු 8 වන දින Lucasfilms හී Jon Favreau එළඹෙන ලිපි මාලාවේ ලේඛකයා සහ විධායක නිෂ්පාදකයා ලෙස ප්‍රකාශයට පත් කකා. කතා මාලාව සඳහා පිටපත් වලින් අඩක් සම්පූර්ණ කර ඇති බව 2018 මැයි මාසයේදී Favreau ප්‍රකාශ කළා. Octomber 3 වන දින Favreau විසින් මාලාවේ මාතෘකාව “Mandalorian” ලෙස නම් කර ඇති අතර ප්‍රදර්ශනයේ කේන්ද්‍රීය පරිශ්‍රය හෙළි කළේය.පසු දින, අතිරේක විධායක නිෂ්පාදකයින් අතර Dave Filoni, Kathleen Kennedy සහ Colin Wilson, Karen Gilchrist සමඟ සම විධායක නිෂ්පාදකයෙකු ලෙස කටයුතු කරන බව අනාවරණය වුණා. Taika Waititi, Bryce Dallas Howard, Rick Famuyiwa සහ Deborah Chow ඇතුළු අතිරේක අධ්‍යක්ෂවරුන් සමඟ මාලාවේ පළමු කථාංගය Filoni විසින් අධ්‍යක්ෂණය කරනු ඇතැයි අපේක්ෂා කරන කරා. දෙසැම්බර් 19 වන දින Ludwig Goransson විසින් මාලාව සඳහා සංගීත ලකුණු රචනා කරන බව නිවේදනය කරන ලදී.

ඔන්න ඔහොම තමයි Star Wars: The Mandalorian කතා මාලාව නිර්මාණය වුණේ.2012 වසරේ වගේ ඉඳන් තමයි මේක නිර්මාණය කරන්න ඉඳලා තියෙන්නෙ.හැබැයි ඉතින් එක එක හේතුනිසා මේක 2019 වසර දක්වාම දීර්ඝ වෙලා තියෙනවා.කොහොම හරි අන්තිමට 2019 November 12 දවසෙ මේක රිලීස් කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

5 comments

  1. Thank you for subtitles

  2. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. අනිත් episodeවලටත් එන එන සෙනිකව සබ් එක දෙන්න 😉..
    ජය වේවා.!

  3. Vimukthi Chathuranga

    thanks for sub…………………………………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login