The title of the page
8.6
92

The King’s Affection (2021) E17-18 Sinhala Subtitles |”රජුගේ මවාපෑම”| සිංහල උපසිරැසි සමඟ

(The King’s Affection 2021 Sinhala Subtitles)  

අපේ කතාවත් එහෙමන් අවසානය ටිකෙන් ටික ළං වෙනවා.අද මම ගේන්නේ 17-18 කතාංග දෙකයි.ඒ වගේම මේ තමයි මගේ 50 වෙනි උපැසිරැසි නිර්මාණය වෙන්නෙ.කෙටිම කාලෙකින් ලොකු ජනප්‍රියතාවක් ලබාගත්ත සිනෙරු කියන ලොකු පවුලට මාව එකතු කරගත්තට මුලින්ම සමිත රමේෂ් අයියට ස්තූති කරන්න ඕන.ඒ වගේම තවත් ස්තූතියක් දෙන්න ඕන කාලයක් උපැසිරැසි දායකත්වය ලබා දුන්න අමන්දා කාරියවසම් අක්කටත්.මේ වගේම ඉස්සරහටත් ඔයාලව හොඳ උපැසිරැසි මඟින් මුණගැහෙන්න මම බලාපොරොත්තු වෙන ගමන් මම දැනට සමුගන්නවා.

Information

 English Title – The King’s Affection

 Also Known As – Attachment, Yeonmo

 Type – Drama

 Episodes – 20

 Aired – oct 11 -Dec 14, 2021

 Original Network- KBS2, Netflix Main

Cast

01. Park Eun-Bin(Lee Hwi ලෙස)

02. Ro Woon (Jung Ji-Un ලෙස)

17 වෙනි කතාංගය

දැන් කට්ටිය දන්නවනේ කවුද කලින් කතාංගයෙන් ආවේ කියලා.ඒ වෙන කවුරුවත් නෙවෙයි,මැරුණයි කිව්ව රජතුමාගේ මාමා.මේ වෙලාවේ අපිට එයාලගෙ සැලසුම ගැනත් දැනගන්න ලැබෙනවා.හ්‍යුන්ගේ සහෝදරයා රජතුමාට ඉපදිල තියෙන්නෙ නිවුන් සහෝදරයෙක් විදිහටත් මේ ඉන්නේ හරියටම පිරිමි කෙනෙක්ද කාන්තාවක්ද කියලත් සැක පහල වෙනවා.කොහොමනමුත් රජතුමාට පහර දෙද්දී ජුන්ගේ තාත්තා මෙයාලව බේරගන්නවා.තමන්ගේ සැලසුම් විනාශ වුණ නිසා වොන්සන් කුමාරයා මාළිගාවේ කටකතා පතුරවනවා රජතුමා කැමති පිරිමි අයටත් ජුන්ග් ලේකම්ව ලඟින් තියාගන්නෙ ඒ නිසා කියලත්.ඇත්තටම රැජිණටත් මේ ගැන දැනගන්න ඇස් දෙකින්ම දකින්නත් ලැබෙනවා.මාළිගාවම මේ නිසා කලබලයට පත් වෙලා නිසා ඒ කටකතා යටපත් කරනත් එක්ක ජුන්ග් නිළධාරීතුමා ෂින් අමාත්‍යතුමාගේ දියණිය එක්ක තමන්ගේ පුතාව විවාහ කරන්න සැලසුම් කරනවා

18 වෙනි කතාංගය

පුදුමකට වගේ ජුන්ග් ජි-උන්ත් මේ යෝජනාවට කැමති වෙනවා.ඒ ඇයි කියලා හේතුව හියුන් අහද්දි එයාට කියනවා.ඒ තමයි රජතුමාගෙ රහස තමන් දන්නවා,මේ විවාහය කර නොගත්තොත් ඇයව මරා දානවා කියලා තමන්ගේ තාත්තා තර්ජනය කරපු නිසා කියලා.මේ අතරේ රැජිණත් කනස්සල්ලෙන් ඉන්නෙ රජතුමා තමන් එක්ක හැසිරෙන විදිහ නිසා.මේ දේවල් වෙන අතරේ ජුන්ග් නිළදාරිතුමා කොහොමහරි චන්ගුන් කුමාරයා හොයාගෙන එයාව මරලා දානවා.මොකද රහස සවොන්ගුන් සාමිවරයාට එළිවුණොත් තමනුත්,තමන්ගේ පවුලත්,රජතුමාත් ජීවත් වෙන්නෙ නැති නිසා.ඒ වුණත් වොන්සන් කුමාරයාගෙන් දැනගන්න තොරතුරු නිසා සවොන්ගුන් සාමිවරයාත් රජතුමාව දැඩි විදිහට සැකකරන්න පටන් ගන්නවා.අවසානෙදි කිම් පාලිකාව ජුන්ග් ජි-උන්ට ඇත්ත කියනවා.එයාගෙ පළවෙනි ආදරය ඒ කියන්නේ මැරුණයි කිව්ව ඩෑම්-යී කියන්නෙ වෙන කවුරුත් නෙවෙයි රජතුමා කියලා.

එහෙනම් අපි අවසාන කතාංග දෙකෙන් ආපහු මුණගැහෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

12 comments

  1. ගොඩාක් ස්තූතියි සහෝ.
    එවගේම Bad and Crazy korean drama එකේ සිංහල සබ් දෙන්න අමතක කරන්න එපා.
    මම බලාගෙන ඉන්නවා.

  2. 🎀*50* වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ🎀
    සබ් එකට ගොඩාක් තෑන්ක්ස් බ්‍රෝ❤️
    අන්තිම එපිසෝඩ් දෙකෙන් හමුවෙමු🤜🤛

  3. Thanks sub ekata

  4. Sub ekata thanx

  5. Tnxxxxxxx ituru tikath ohommama danna good luck

  6. ගොඩාක් ස්තූතියි සහෝ නියම වැඩක් .

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  8. උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  9. ඔයාල මේ sub එකට ගැලපෙන video එක හොයාගත්තේ කොහෙදිද link එක එවන්නකෝ

    • වීඩියෝ කොපි දීලා තියෙන්නෙ..VPN off කරලා සයිට් එකට ලොග් වෙන්න..එතකොට වීඩියෝ පිටපත් කියලා බට්න් එකක් පෙන්නයි..

  10. Thank you so much anjula aliye oyage udawuta mama vpn on karala thama awe oyala karana sewaya wenuwen thank you. Wish you all best

  11. Krishani
    Cineru_users

    50 upasirasiyata suba pathum 💐💐💐💐 godak sthuthi 💜️💜️💜️💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login