The title of the page
The Kid Detective (2020) Sinhala Sub
The Kid Detective (2020) Sinhala Sub
6.7
79
84

The Kid Detective (2020) Sinhala Subtitles | ඝාතනයේ සුලමුල සොයා! | සිංහල උපසිරැසි සමඟ

(The Kid Detective (2020) Sinhala Sub) හැමෝටම සුබ දවසක් කිව්වා! 😃😃😃😃😃 Songbird 2020 චිත්රපටියෙන් පස්සෙ අද මේ අරගෙන 2020 අවුරුද්දෙ ඔක්තෝබර් 16 වැනිදා තිරගත කිරීම් ආරම්භ කරපු The Kid Detective චිත්රපටිය. Kid Detective කිව්වට ඉතින් පුංචි ළමයි වෙනුවෙන් ආව ෆිල්ම් එකක් නෙවෙයි. පොඩි අයට බලන්න ආව එකක් කියලා මගඇරගන්න එපා. බලන්නම වටින චිත්රපටියක් 😍 IMDb 6.8 ක අගයක් වගේම Rotten Tomatoes වල 79% ක අගයකුත් මේ චිත්රපටියට හිමිවෙලා තියෙනවා.

ඒ වගේම ගූගල් පරිශීලකයන්ගෙ 84% ක කැමත්තකුත් හිමිකරගෙන තියෙනවා. මේ චිත්රපටිය අධ්යක්ෂණය කරලා තියෙන්නේ Evan Morgan විසින්. එයාව නොදන්නවා වෙන්න බෑනෙ නේද. ඒ වගේම ඇ.ඩො. 364,138 ක ආදායමකුත් උපයගන්න මේ චිත්රපටිය සමත්වෙලා තියෙනවා. Mystery/Drama ඝනයට අයිතිවෙන මේ චිත්රපටිය පැය 1 යි විනාඩි 40 ක කාලයක් පුරාවට නරඹන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ලාවට වගේ Comedy ගතියකුත් දෙන්න උත්සහ කරලා තියෙනවා. එහෙනම් ඉතින් මේකෙ කතාව පැත්තට පොඩ්ඩක් ගොඩවෙලා ඉමු 🙂 ඒබ් ඇපල්බෝම් කියන්නෙ පුංචි කාලෙ ඉඳන්ම රහස් පරීක්ෂක වැඩවලට හුඟක්ම දක්ෂ කෙනෙක්. ඒ වගේම මෙයා මෙයාගෙම කියලා රහස් පරීක්ෂක වැඩකටයුතු කරගෙන යනවා. අභිරහස් බාරගෙන ඒවා විසඳලා දෙනවා. පොලීසියටවත් විසඳන්න බැරි අභිරහස් පවා මෙයා විසඳලා දීලා තියෙනවා.

ඒ ඉතින් පොඩි කාලෙ. ටිකෙන් ටික මෙයා ලොකු උනහමත් මේ පෞද්ගලික රහස් පරීක්ෂකයෙක් විදිහට තමන්ගෙම තැනක් හදාගෙන වැඩ කරනවා. හැබැයි ඉතින් වැඩක් කරන්න ගියහම අනිවා ඒක නාගන්නවා 😅 ඒබ් ඇපල්බෝම් පුංචි කාලෙ ඉස්කෝලෙක නඩුවක් විසඳනවා. ඒත් ඉතින් ඒ නඩුව විසඳලා සෑහෙන කාලයක් ගියාට පස්සෙ තමයි එයාට තේරෙන්නෙ එයාගෙන් වෙලා තියෙන්නේ ලොකු වැරැද්දක් කියලා. ඒ කියන්නෙ මෙයා විසඳපු නඩුවෙදි අල්ලගත්ත කෙනා නෙමෙයි ඇත්තටම ඒකට වැරදිකාරයා.😐 එතකොට හිතාගන්න පුළුවන් ඇතිනෙ… ආයෙ අවුරුදු 20 කට විතර පස්සෙ තමයි මෙයා ඒක දැනගන්නෙ.

ඒ දැනගන්නෙත් මෙයා ඉන්න නගරෙ, ඒ කියන්නෙ විලෝ බෲස්’වල පිරිමි ළමයෙක්ව මරලා දාන සිදුවීමක් වෙනවා. එයාව මරලා දාලා තියෙන්නේ පිහියකින් 17 වතාවක් එයාට ඇනලා. ඔන්න ඔය සිදුවීමෙ සුලමුල හොයන්න ගිහින් තමයි අර පුංචි කාලෙ සිදුවීමෙ ඇත්ත නැත්ත හොයාගන්නෙ. මේ සිදුවීම නිසා කෙනෙකුගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙනවා. ඒ කියන්නෙ ඒබ් ඇපල්බෝම්ට මේ නඩුව බාරදෙන කැරොලයින්’ගෙ ජීවිතේ තමයි මේ විදිහට වෙනස් වෙන්නෙ. වෙනස් වෙනවා කියන්නෙ මේ කැරොලයින්ගෙ ජීවිතේ හැම ඇත්තක්ම එයාට දැනගන්න ලැබෙනවා. එහෙනම් ඉතින් ආයෙ කියන්න දෙයක් නෑ 😐 සිනෙරූ අපි ඉස්සරහට තවත් දේවල් ගේන්න උත්සාහ කරනවා. දිගටම සිනෙරූ උපසිරැසි අඩවියත් එක්ක රැඳිලා ඉන්න. අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාරෙන් ඒකත් කියන්න අමතක කරන්න එපා. ඒ වගේම කනෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා. ඔබට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

2 comments

  1. විශේෂ දවසක අරම්භය..තෑන්ක්ස් මල්ලි සබට ❤

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login