The title of the page
Ik Sandhu Hunda Si (2020) Sinhala Subtitles
Ik Sandhu Hunda Si (2020) Sinhala Subtitles
4.9
93

Ik Sandhu Hunda Si (2020) Sinhala Subtitles | සන්දු, සිම්රන් ආදර අන්දරය | සිංහල උපසිරැසි සමඟ

හදවතක් කියවිමට මට හැකිනම්
මා කිසි විටෙකත් ආදරයෙන් නොබැදෙන්නෙමි”
මම කවදාවත් සිතුවේ නෑ
මගේ ආදරය මා දාලා යාවි කියා.”
ඇය මගේ හදවතද සොරකම් කර
පසුව ඇගේ හදවතින් මා ඉවතට විසි කරනා බව.”
මිනිසෙකුට අඩන්න තියන්න පුළුවන් අයට.”
දඩුවමක් තිබිය යුතුය.
එවැනි හදවත් බිදවන අයට
දඩුවමක් තිබිය යුතුය.”

( Ik Sandhu Hunda Si (2020) Sinhala Subtitles) ඔන්න එහෙනම් www.cineru.lk වෙබ් අඩවිය වෙනුවෙන් මම අරගෙන එන දාසයවැනි උපසිරසි නිර්මාණය අරගෙනයි මේ එන්නේ. මේපාර අරන් ආවේ Action, Drama ඛණ්ඩයට අයත් 28 February 2020 දින තිරගත වු හින්දි සිනමාවකට උපසිරසියයි. මා කලින් ලබා දුන්න DRONA (2020) Kannada චිත්‍රපටය වෙනුවෙන් වචනෙකින් හරි ස්තූති කරපු සියළු දෙනාටත් එයා නැරබු සියළු අයට මාගේ ස්තූතිය පුදමින් imdb අගය 4.9 ක් ලබා ගත්තු ලස්සන ෆීල්ම් එකක් තමයි. එහෙනම් වෙනද වගේම මට මේ ෆිල්ම් එකට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්න www.cineru.lk ඇඩ්මින් මණ්ඩලයේ සියළු දෙනාටත්, විශේෂයෙන් ස්තූති වන්ත වෙනවා.

ඉතින් මේකෙ කථාව පැත්තට පොඩ්ඩක් ගියොත් ‘ජංදිගාර්.’ ඒ කියන්නේ පංජාබයේ අගනුවර ,පංජාබයේ පොඩි නගර හා ගම්වල ජීවත් වෙන තරුණයන් හීන දකින්නේ උසස් පෙල කරලා චන්දිගාර් වලට ඇවිත් කුලියට හරි කාමරයක් අරන් උසස් අධ්‍යාපනයක් හදාරලා ජීවිතය රසවිදින්නයි . ඉතින් රාජීව්ත් එන්නේත් මේකටයි. මෙයානම් ඉතින් රාජීව් කිව්වට කොලේජ් එකේ කව්රුත්ම අදුරන්නේ නෑ. මෙයාව ඕන කෙනෙක් අදුරන්නේ සන්දු කිව්වම තමයි. සන්දු කියන නම ඇහුවම ඉතින් කොලේජ් එකේ ඉන්න ඕන කෙනෙක් බය වෙන චරිතයක්.මෙයා ඉතින් ගොඩක්ම වලියට බර කෙනෙක්. මෙයයි මෙයාගෙ යාළුවො ටිකයි දවසකට හරි වලියක් දාගන්නවමයි.ඉතින් දවසක් කොලේජ් එකට ලස්සන කෙල්ලෙක් එනවා.

මෙයා ඉතින් සන්දු ගැන දන්නේ නෑ. මේ කෙල්ල එන දවසෙම සන්දුයි, එයාගෙ කට්ටියයි කොල්ලෙක් එක්ක හොදටම වලි. ඒ කොල්ලට හොදටම ගුටි දෙනවා. පස්සේ මේ කෙල්ල සන්දු ලගට ඇවිත් හොදටම බනිනවා. අනිත් අය හැමෝම පුදුමෙන් වගේ බලන් ඉන්නවාත ඒ හැමෝම මේ කෙල්ලට කියන්නෙ ඔයා වැරදි මිනිහ එක්ක හැප්පුනේ, දැන්නම් ඔයා ඉවරයි කියලා. අපේ සන්දු ඉතින් කෙල්ලො දිහා වැඩිය බලන කෙනෙක් එහෙම නෙමෙයි. ඉතින් පලමු බැල්මෙන් ම සන්දුට අර කෙල්ල ගැන හිත යනවා. මෙයාගේ නම් සිම්රන්….එතන ඉදන් සන්දුගෙ හිත සිම්රන් ලගමයි. සන්දුට ඉන්න තැන් පවා අමතක වෙනවා. ඔහොම ඉද්දි සිම්රනුයි, සන්දුයි දෙන්න ආදරය කරන්න පටන් ගන්නවා. ඉතින් දවසක් මේක මෙයාගේ අයියා දැනගන්නවා. එයා මේ සම්බන්දෙට කොහොමත්ම කැමති නෑ. පස්සෙ දවසක් සිම්රන්ගේ අයියටගේ සෙට් එක මේ සම්බන්දෙ නවත්තන්න සන්දුට ගහන්න එනවා. එදා වෙලාවට ගුටි කන්නේ සන්දුගේ යාළුවා. පස්සේ තමයි සන්දු දැනගන්නේ ඒක කරේ සිම්රන්ගේ අයියා බව. දැන් මොනවා කරන්නද , සන්දු හොදටම සිම්රන්ගේ අයියට නෙලනවා මේක ඉතින් සිම්රන් දකිනවා. එදායින් පස්සේ සිම්රන් ඉතින් සන්දුගේ මූනවත් බලන් නෑ. ලව් එකත් ඉවරයි…..

ඔන්න ඉතින් දැන් සන්දුටත් මේක නවත්තන්න දෙන්න බෑ, .සිම්රන්ගේ ගෙදර අයනම් දැන් හොදටම සන්දු එක්ක කේන්තියෙන් ඉන්නේ. .ඇති ඇති..දැන් ඉස්සරහට මොකක් වෙයිද කියලා මම තවත් කියන්න යන් නෑ. ඔයාලම බලලා දැනගන්න කියලා කියන ගමන් අදට මම සමුගන්නවා… වැඩ රාජකාරි අස්සෙ වුනත්, ඉක්මනින් තවත් උපසිරසියකින් හමු වෙනතුරු සියළු දෙනාටම තෙරුවන් සරණ පතනවා.

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. තෑන්ක්ස් අයියේ සබට ❤

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තූතියි සබ් එකට 🙂❤️…
    ජය වේවා.!! 👊👊👊

  4. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    hammo ithin saman saho, meka nam aran balanawamayi. mn kemathima niliyak inne. sthuthiyi meka dunnata ae. goda goda godaaaaaaak sthuuthiyi

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login