The title of the page
The Housemaid (2010) Sinhala Subtitles
The Housemaid (2010) Sinhala Subtitles
6.4
70
73

The Housemaid (2010) Sinhala Subtitles | “ද’ හවුස්මේඩ්” | සිංහල උපසිරැසි සමඟ (18+)

(The Housemaid (2010) Sinhala Subtitles ) (The Housemaid (2010) Sinhala Sub)

සුබ අලුත් අවුරුද්දක් වේවා සිනෙරු වැසියනි! ඒ වගේම සුබ උපන් දිනයක් වේවා සිනෙරු!

අද අරගෙන ආවේ බලන්නම ඕන චිත්‍රපටයක්.

The Housemaid / Hanyo (2010) කියන්නේ, එනමින්ම 1960 දි Kim Ki Young විසින් නිර්මාණය වුණු අද්විතීය කොරියානු චිත්‍රපටය අනුසාරයෙන් Im Sang Soo අධ්‍යක්ෂණය කළ නව පන්නයේ සිනමා කෘතියක්.මේ ගැන කතා කරන්න ගත්තොත් දවසක් මදි. මං කෙටියෙන්ම කියන්නම්  1960 චිත්‍රපටය බැලුවා නැතා මේ චිත්‍රපටය බලන්න. ඊටපස්සේ අනිවාරෙන් පරණ එකත් බලන්න. මොකද මේ දෙක එකම ලක්ෂණ තියෙන කතන්දර දෙකක්.1960 චිත්‍රපටයේ චරිත වල සමානත්වයක් දකින්න ලැබුණත්, 2010 චිත්‍රපටයේ මේ චරිත සැලකිය යුතු පමණක වෙනසක් පෙන්නුම් කරනවා.


The Housemaid (1960)

Genre: Mystery & Thriller
Original Language: Korean
Director: Im Sang-soo
Writer: Im Sang-soo, Kim Ki-young
Age Restrictions:  NC-17 (18+)
Release Date (Theaters):  Jan 21, 2011 – Limited
Release Date (Streaming):  Apr 4, 2017
Runtime: 1h 46m
Distributor: IFC Films

The Housemaid (2010)

රංගන ශිල්පීන් ගත්තම අපිට Squid Game කතා මාලාවේ වීරයා වුණු Lee Jung Jae, එතනින් ගියාම  Secret Sunshine, Memories Of The Sword වැනි චිත්‍රපට වලින් හමුවන  Jeon Do Yeon, Pachinko. Taste Of Money, Minari වගේ නිර්මාණ වලින් හමුවන Youn Yuh Jung, ඊට අමතරව Seo Woo, Park Ji Young වගේ විශිෂ්ට රංගන ශිල්පීන් රැසක්ම හමුවෙනවා මේ චිත්‍රපටය තුලින්. අධ්‍යක්ෂකවරයා ගැන ආයේ මතක් කළොත් Taste Of Money, Indian Summer, A Good Lawyers Wife වගේ නිර්මාණ වල අයිතිකරුත් මේ Housemaid 2010 චිත්‍රපට අධ්‍යක්ෂක Im Sang Sooම තමයි. ඉතිං 1960 චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා තමයි මොහු ඇතුලු Parasite අධ්‍යක්ෂක Bong Joon Ho, තවද Oldboy, The Handmaiden චිත්‍රපට අධ්‍යක්ෂක Park Chan Wook වැනි අධ්‍යක්ෂකවරුන්ගේ ආදර්ශමත් වෘතීකයා වෙලා තියෙන්නේ. ඔවුන් හැමෝම අනුගමනය කරලා තියෙන්නේ Kim Ki Young ගේ ආභාෂය කිව්වොත් නිවැරදියි.

ඉතිං මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම වැඩිහිටියන්ට පමණක් නැරඹීමට සුදුසු එකක් බවත් මතක තියාගන්න.සමහර දෙබස් පරිවර්තනයේදි මටත් ලොකු අපහසුතාවක් දැනුනා. ඒත් අමුවෙන්ම සමහර දේවල් දාලා ඇති. චිත්‍රපටයේ නමින්ම තේරෙනවනේ මේක ගෘහ සේවිකාවක් සම්බන්ධ කතන්දරයක් බව. ඒ නිසා මං කතාවේ සාරාංශය ගත්තොත්, ලී ඉයුන් යී දුප්පත් යුවතියක්. ගෝහ් හූන් නම් ව්‍යාපාරිකයෙකුගේ ගර්භණී බිරිදගේ උදව්වට ගෘහ සේවිකාවක් අවශ්‍ය බැවින්, ඒ නිවසේ වසර ගණනාවක් තිස්සේ රැකියාවේ නිරත වෙන වයෝවෘධ පාලිකාව,ඉයුන් යීට මේ රැකියා අවස්ථාව පිරිනමනවා. ඉයුන් යී නිවසේ කටයුතු වලට ඉක්මනින් හැඩගැහුනත්, හූන්ගේ මායම් වලට අහු වෙන්නේ ඉදිරියට උදාවෙන ඵල විපාක වල තරම හරිහැටි නොදැන….

ඉතිරිය ඔබට බාරයි..

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    …………..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!………….

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. සබ් එකට ගොඩාක් තෑන්ක්ස්

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  4. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.dd

  5. Thanks for the sub!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login