The title of the page
Sila Nerangalil Sila Manithargal (2022) Sinhala Subtitles
Sila Nerangalil Sila Manithargal (2022) Sinhala Subtitles
8.1
96

Sila Nerangalil Sila Manithargal (2022) Sinhala Subtitles | “සමහර වෙලාවලට, සමහර මිනිස්සු” | සිංහල උපසිරැසි සමඟ

(Sila Nerangalil Sila Manithargal (2022) Sinhala Subtitles) (Sila Nerangalil Sila Manithargal (2022) Sinhala Sub)

අයියෝ… අයියෝ!
හිතලා බැලුවමත් විහිළුවක් වගේ’
කොහේදෝ හමන හුළඟක්, එක දවසක
අපි ගන්න හුස්ම විදිහට වෙනස් වෙනවා
කොහේදෝ දුරක තියෙන වලාකුළු
එක දවසක අපි බොන වතුර විදිහට වෙනස් වෙනවා
මගේ මේ පොඩි ජීවිතේට
මම ඉගෙන ගත්ත දේ මොකක්ද කියනවා නම්
අපි ජිවත් වෙන මේ ජිවිතේ
අපි දැනුවත්ව හරි නොදැනුවත්ව හරි,
සමහර වෙලාවලට, සමහර මිනිස්සුන්ගේ ජිවිත වෙනස් කරනවා
ජිවිතේ විශේෂත්වය මොකක්ද කියනවා නම්
අපි හිතුවොත් හිතුව මොහොතේම..
හිතන විදිහට ඒක වෙනස් කරගන්න පුළුවන්
වැරදි කරන්න ජීවිතේ අවස්ථාවක් දෙනවා වගේ..
හදාගන්නත් අවස්ථාවක් දෙනවා
ඒක තද කරලා අල්ලගන්න ඕනේ
අල්ලගත්තා නම් සතුටින් ජිවත් වෙන්න පුළුවන්
ජිවත් වෙලා බලන්නකෝ.. මොකෝ කියන්නේ ?

ඉතින් කොහොමද යාලුවනේ මුලින්ම මේ ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේම අදට හරියටම අවුරුදු තුනක් සම්පුර්ණ වෙනවා අපේ සිනෙරූ සයිට් එක පටන් අරගෙන.. සිනෙරූ එකේ මගේ යාළුවො හැමෝටම මම ඒකටත් සුභ පතනවා හදවතින්ම.. මම නම් සිනෙරූ එකත් එක්ක එකතු වෙලා ලොකු කාලයක් නැහැ මාස තුනක් හතරක් වගේ ඇති.. කෙටි කාලෙකින් ඉතින් සයිට් එක වෙනුවෙන් මට සබ් හුඟක් කරන්න ලැබුනා.. ආයෙත් අපේ සිනෙරූ සෙට් එකට Happy Anniversary කිව්වා..

එහෙනම් මේක තමයි මගෙන් ඔයාලට අද ලැබෙන අලුත්ම සබ් එක.. මේක මේ අවුරුද්දේ එළිදක්වපු ෆිල්ම් එකක්.. ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ කරන්නේ ” අශෝක් සෙල්වන් ” සහ ” නසර් ” ඒ ඇතුළුව තව ඉන්නවා ” රිත්විකා ” හඳුන්වා දෙන නවක නිලි ” රෙයා ” ” අභි හසන් ( එයා ප්‍රවීන නළු නසර්ගේ පුතා ) සහ ” අන්ජු කුරියන් ” ” කේ. එස්. රවිකුමාර් ” ඒ ඇතුළුව තව දන්න කියන නළු නිලියෝ හුඟක් ඉන්නවා මේ ෆිල්ම් එකේ.. එතකොට මේ ලස්සන ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය ” විශාල් වෙන්කට් “

කතාව ගැන පොඩි හැඳින්වීමක් දෙන්නම් මෙහෙම…

ඔයාලට ෆිල්ම් එකේ ටයිටල් එකෙන්ම අදහසක් එන්න ඇතිනේ.. ” සමහර වෙලාවලට, සමහර මිනිස්සු “

මේකේ චරිත 4ක් තියෙනවා.. එකිනෙකාට වෙනස් චරිත හතරක්.. තම තමන්ගේ ජිවිතේ ඒ ඒ විදිහට ගෙවන කට්ටියක්.. ඉතින් මේ හැමෝම එක සිද්ධියක් නිසා එකට සම්බන්ධ වෙනවා.. ඒ කොහොමද ඒ හේතුව මොකක්ද කියලා ඔයාලම බලන්න..

මම වැඩි විස්තරයක් කියන්නේ නැහැ.. ඒත් මේක හුඟක් ආදර්ශමත් ෆිල්ම් එකක්.. මේ ෆිල්ම් එකෙන් ජීවිතේට ගන්න දෙයක් අනිවා තියෙනවා.. අනිවාර්යෙන් ඔයාලා අරගෙන බලන්න.. මම උඩ ලියලා තියෙන්නේ මේ ෆිල්ම් එකේ දෙබසක්.. ඒකෙන් ඒක ඔයාලට තේරුම් ගන්න පුළුවන් මම කියන කතාවේ ඇත්ත නැත්ත..

එහෙනම් මම ගියා ආයේ අලුත් සබ් එකක් අරගෙන එනකල් අදට සමුගන්නම්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ………….සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!………….

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Pattaaaaaaaaaaaaa

  3. Sub ekta thnx bro

  4. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.fds

  5. Sila Nodigalil (2023) Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login