The title of the page
Painted Skin (2008) Sinhala Subtitles
Painted Skin (2008) Sinhala Subtitles
6.3
89

Painted Skin (2008) Sinhala Subtitles | “හිවල් ආත්මයේ පුරාවෘතය” | සිංහල උපසිරැසි සමඟ

(Painted Skin (2008) Sinhala Subtitles) (Painted Skin (2008) Sinhala Sub)

Native Title: 畫皮
Also Known As: Hua Pei, Wa Pei , Hua Pi
Screenwriter & Director: Gordon Chan
Screenwriter: Ho Leung Lau
Genres: Action, Historical, Romance, Fantasy
Tags: Hidden Identity, Adapted From A Novel, Han Dynasty, Nine-tailed Fox, Insects, Demon/Monster Hunting, General, Historical Fiction, Jealousy, Demon
Release Date: September 28, 2008
Runtime: 100 min.
Language: Mandarin
Country: China

සිනෙරු සංවත්සරයත්, අලුත් අවුරුද්දත් වෙනුවෙන් අරන් ආවා චීන චිත්‍රපටයක්‌.

Painted Skin කියන්නේ ආදර ෆැන්ටසියක්. ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ, “Ruyis’s Royal Love In The Palace” කතා මාලාවෙන් හා “Last Letter”, “Red Sorghum” වැනි චිත්‍රපට හරහා හමුවන සුරූපී zhou xun, “Rise Of The Phoenixes”, “Mulan(2009)”,”Escaper” වැනි සිනමා නිර්මාණ තුලින් හමුවන කඩවසම් chen kun, “Chinese Odessy”,”Tiger Mom”, “Mulan(2009)” වැනි නිර්මාණ තුලින්ද හමුවන zhao wei මෙන්ම Donnie Yen හා Sun Li වැනි චීන සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පීන්.

කොරියානු මිථ්‍යාවේ එන ගුමිහෝ වගේ චීන මිථ්‍යාවක් තියෙනවා මිනිස් වේශයෙන් හිවල් ආත්මයක් ගැන. මේ ආත්ම අමුනුෂ්‍යයින් බවට පරිවර්තනය වෙලා ඉන්නේ. ඔවුන් මිනිස් වේශය පවත්වා ගන්න මිනිස් හදවත් ආහාරයට ගන්න ඕනේ. Xiowei කියන්නේ සුරූපි වෙස් ගෙන ඉන්න මෙවැනි අමුනුෂ්‍ය ආත්මයක්. රූපය සහ මායා බලෙන් පහසුවෙන්ම පිරිමින් මුලා කරගෙන හදවත උගුල්ලාගන්න ඇයට හැකියි. කාන්තාරයේ මංකොල්ලකරුවන් සිටින තිත්පොළක්‌ වටලන්න පැමිණෙන Wang Sheng නම් කඩවසම් සෙන්පතියා, මැය බලහත්කාරයෙන් රදවාගෙන සිටින තරුණියක් කියා සිතා ඇයව බේරාගෙන අගනුවර ඔහුගේ නිවසට කැටුව යනවා..ඇය හා සියළුම දෙනා හරිම හිතවත්. නමුත් Sheng ගේ බිරිදට ඇය ගැන සැකයක් මතු වෙනවා…

මේ ප්‍රධාන කතාවට අමතරව Wang Sheng සහ ඔහුගේ බිරිද Pierong ත්, එකම හමුදාවේ සිට වෙන්ව ගිය Pang Yong ත්, මොවුන් අතර ආදර ත්‍රිකෝණයකුත් කතාව පුරා ගලාගෙන යනවා. කෙලිලොල් යකැදුරු කෙල්ලෙකුත් චරිත අතරට එක්‌ වෙනවා..

අමුනුෂ්‍යයෙක්‌ ආදරය හඳුනනවාද? අවුරුදු 1000ක්‌ තිස්සේ ආදරවන්තයා එනකම් බලාන හිටිය හිවල් ආත්මයකගේ කතාවකුත් චීන මිථ්‍යා කතා වල තියෙනවා, හරියට කොරියානු කතා වල එන ගුමිහෝ වගේම.හැබැයි මේ චිත්‍රපටය ඊට වෙනස්.

චීන ෆැන්ටසි වලට කැමති කෙනෙක්නම් අනිවාරෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා. සුරූපී Zhou Xunට නම් කවුරුත් අනිවාරෙන්ම වසග වේවි.

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්🍊)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    …………..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!………….

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Sub ekta thnx

  3. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.gf

  4. This subtitile cant read. it just like symbols. what shll i do..pls reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login