The title of the page
Cheaper by the Dozen (2022) Sinhala Subtitles
Cheaper by the Dozen (2022) Sinhala Subtitles
4.2
35
52

Cheaper by the Dozen (2022) Sinhala Subtitles | “කරදර පිට කරදර – පවුල අංක එක” | සිංහල උපසිරැසි සමඟ

(Cheaper by the Dozen (2022) Sinhala Subtitles) (Cheaper by the Dozen (2022) Sinhala Sub)

මේ මගේ දෙවනි උපසිරැසි ගැන්වීම..මුලින්ම ස්තූති කරන්න ඕනේ Hasal Dulanjana සහෝදරයාට.හැමදේම මුල ඉඳන්ම කියලා දීලා මාව දිරිමත් කලාට..ඒ වගේම,පලවෙනි සබ් එකට සුබ පතපු අයටත් ගොඩක්ම ස්තූතියි.

ඔන්න මම අද ඔගොල්ලොන්ට අරගෙන ආවේ Cheaper by the Dozen ෆිල්ම් සීරීස් එකේ 3 වෙනි එක.මේක තිරගත වුනේ මේ වසරේ මාර්තු 16 වෙනිදා.මීට කලින් දෙකේම හිටියෙ එකම පවුලක්නෙ.මතක ඇතිනෙ බලපු අයට.ඒත් මේකේ ඉන්නෙ වෙනමම කට්ටියක්..පොඩි පොඩි සමානකම් තිබුනත් මේක වෙනමම කතාවක්.

ඉතින් මෙහෙමයි කතාව….. අම්මයි තාත්තයි ළමයි දහයයි.කොහොමට තියෙයිද නේහ්…මේ තමයි බේකර්ස් පවුල.හිතාගන්නකො ඉතින් යම යුද්ධයක් වගේ ඇති නේද.හැබැයි ඉතින් මේ දේවල් ‘සෝයි’ (අම්මා) ‘පෝල්'( තාත්තා) එකතුවෙලා ගානට බැලන්ස් කරගෙන යනවා…මේ දෙන්නම කලින් කසාද බැඳපු අය…අම්මෝ…ඒ උනාට බලන්න එපායෑ ආදරේ..හරි ඉතින්..මෙයාලට මෙයාලගෙම රෙස්ටූරන්ට් එකක් තියෙනවා..අනිත් ඒවට වඩා නම් වෙනස්…මොකද දන්නවද.මේකේ මහ රෑටත් දෙන්නේ උදේ කෑම තමයි.පෝල් හදනවා මෙයාලටම ආවේනික සෝස් එකක්…ඔන්න ඔය සෝස් එක නිසා තමයි ඔක්කොම කනපිට හැරෙන්නෙ.. පෝල්ට තමන්ගෙ ව්‍යාපාරය සුපිරියටම දියුණු කරගන්න මගක් පෑදෙනවා..එයින් පස්සෙ හැමදාම හීන දැකපු ජීවිතේ මෙයාලට ලැබෙනවා…ඔන්න ඉතින් දැන් මෙයාලා යන්නෙ මේ සුපිරි ජීවිතේ භුක්තිවිඳින්න…සුපිරි ජීවිතේ සුපිරියටම භුක්ති විඳීද…නැත්තන් අනාගනීද…ඒවා ඉතින් බලලම දැනගන්න…හිනා කාගෙන බලන්න පුළුවන් ලස්සන කතාවක්..අනිවාරෙන්ම බලන්න….. තවත් උපසිරැසියකින් හමුවෙමු…පරිස්සමින් ඉන්න හැමෝ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Shawini S Lakmali (සාවි) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Shawini S Lakmali (සාවි)

March 25, 2022


14
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    …………..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!………….

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Sub ekta ගොඩක් ස්තුති

  3. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.sx

  4. 𝐒𝐡𝐚𝐰𝐢𝐧𝐢 𝐒 𝐋𝐚𝐤𝐦𝐚𝐥𝐢

    Thank you
    💗💗

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login