The title of the page
Pacto de Fuga (2020) Sinhala Subtitles
Pacto de Fuga (2020) Sinhala Subtitles
7
77

Pacto de Fuga (2020) Sinhala Subtitles | “ජනතා අරගලය” | සිංහල උපසිරැසි සමඟ

(Pacto de Fuga (2020) Sinhala Sub)  (Pacto de Fuga (2020) Sinhala Subtitles)

2020 වසරේදී නිකුත් වූ Pacto de Fuga එහෙමත් නැත්නම් Jailbreak pact චිත්‍රපටිය David Albala විසින්  අධ්‍යක්ෂණය කළ සත්‍ය සිදුවීම් පාදක කොටගත් ස්පාඤ්ඤ චිත්‍රපටියකි. 

මේ චිත්‍රපටියට උපසිරසි කරන්න හිතුවේ මේ දවස් වල කාලීන මාතෘකාවක්  වෙලා තියෙන “අරගලය” ගැන මේ චිත්‍රපටියෙන් යම්කිසි දුරකට අදහසක් දෙන නිසා .

 

කථාව පැත්තට හැරුනොත් , 

1996 දී චිලී රාජ්‍යයේ බලය හිමිව තිබුණේ Pinochet කියන ඒකාධිපති පාලකයාට . මොහු ගෙනගිය හමුදාමය ඒකාධිපති පාලනයට විරුද්ධව එවකට සමාජයේන් හා විවිධ වූ දේශපාලන පක්ෂවලින් ඒකාධිපති  පාලනයකට ඇති අකමැත්ත ප්‍රකාශ කරමින් අරගල කළා. Manuel Rodrigueගේ පෙරමුණ නමුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය Pinochet පාලනයට විරුද්ධව අරගල කළ ප්‍රධාන දේශපාලනික පක්ෂයක් විය. මෙම අරගලය සාමකාමී එකක් නොවූ අතර Pinochet පාලනය සතුව තිබූ පොලිස් ස්ථාන, ප්‍රධාන  දේශපාලනික නායකයින් එල්ල කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට තරම් අවසානයේ දරුණු එකක් බවට පත් විය. අවසානයේදී කුවීන්ස් නම් ප්‍රදේශයේ  පොලිස් කරුවන් මේ  අරගලය නිසා මරණයට පත්විය. මේ සම්බන්ධයෙන්  Pinochet පාලනය මගින් අසත්‍ය චෝදනා ගොනු කළේ Manuel Rodriguezගේ පෙරමුණ පක්ෂයටයි. අවසානයේ වූයේ Manuel Rodriguez  පක්ෂයෙහි සාමාජිකයන් 200ක් දේශපාලනික සිරකරුවන් ලෙස Pinochet පාලනය විසින් නම් කිරීමයි . එයින් සිරකරුවන් නව දෙනෙකුට මහාධිකරණය විසින් චෝදනා ගොනු කොට මරණිය දණ්ඩනය ලබා දෙන ලදී. මොවුන්ගෙ අවසාන නවාතැන උනේ අන්තිමට සැන්ටිගෝ සිර ගෙදරයි.

මොවුන් දේශපාලනමය වශයෙන් සිරකරුවන් ලෙස නම් කළත් මොවුන් වෘත්තිමය වශයෙන් වෛද්‍යවරු, ඉංජිනේරුවරු , ගෘහ නිර්මාණ ශිල්පීන් වැනි උසස් වෘත්තිකයන්.දේශපාලන සිරකරුවන් වශයෙන් මොවුන්ට අත්විඳීමට සිදු වූ අමිහිරි අත්දැකීම් නිසා සිර ගෙදරින් පැන යාමට ඔවුන් තීරණය කළා. ජෙමිනේ, ව’ගස් , පිටුකෝ, ජර්මාන් හා ලාලෝ  කියන අපේ කතාවේ කතා නායකයන් තමා මේ සැලැස්මේ ප්‍රධාන කොටස් කරුවන් වෙන්නේ.

සිර කුට්ටියේ බිත්තියක් කඩල,  එතනින් මීටර් 70ක් තරම් දිගට හාරපු උමගක් ඔස්සේ පලායෑමට තමා මොවුන්  උත්සාහ කරන්නේ. උමගෙන් හාරන පස් එහෙම දාන්න තෝරගන්නෙත් මෙයාලා අමුතු තැනක. කොහොම වුණත් මේ සැලැස්ම ඒතරම් ලේසි එකක් නම් නෙමෙයි. සිරගෙදර නිලධාරීන්ගෙන් ආරක්ෂා වෙන්න ඕන, විශ්වාසවන්ත අනෙකුත් සාමාජිකයන්ට මේ වැඩේට එකතු කරගන්න ඕන, හිරගෙදර ඇතුළේ ඉන්න ඔත්තුකරුවන්ගෙන් බේරෙන්න ඕනා ඔක්කොටම වඩා එලියෙ ඉන්න කාගෙන් හරි උදව් ඉල්ලගන්නත් ඕන. ඉතින් තේරෙනවනෙ තේරෙනවනේ මේක එතරම් ලේසි දෙයක් නෙමෙයි කියලා. මේ ඔක්කොම බාධක  එක්ක මෙයාලා මාස 18ක් තිස්සේ මේ උමග හාරනවා. ඔක්කොම හාරලා ඉවර වෙනකොට භූමිකම්පාවකුත් එනවා.

මේ කටුක උත්සාහයේ අවසාන ප්‍රතිඵලය වන්නේ, දේශපාලනික සිරකරුවන් 49කට සැන්ටිඑගෝ හිර ගෙදරින් පැනලා යන්න අවස්ථාව හම්බවෙන එක. කොහොම වුණත් අවාසනාවට මොකක් හරි දෙයක් සිද්ධ වෙනවානේ කොහෙන් ගියත්.  ඒක චිත්‍රපටිය බලලම දැනගන්න.

කොහොම වුණත් මේ සිරකරුවන්ගේ පලා යෑම Pinochet  පාලනයට ලැජ්ජාවක් වුණා. කොහොමහරි තිබ්බ ජනමත විවරණයකින් වංචා කරලා දිනන්න හැදුවත් අරගලකරුවන්ගේ උත්සාහය නිසා එය Pinochet පාලනය එයින් පරාජය වෙනවා. අවසානයේ මේ අරගලය නිසා Pinochetට සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට එකග වී ඡන්දයකින් තමන්ට අවශ්‍ය පාලකයා පත්කරගන්න ජනතාවට අයිතිය ලබාදෙන්න ඉඩ දෙන එකයි . එකට නීතිය අනුව මොවුන් වරදකරුවන් උනත් පසෙව පත්වන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවෙහි  ජනාධිපති Augusto Pinochet මොවුන්ට සමාව ලබා දෙනවා  ඕනෑම ඒකාධිපති පාලනයකට තිත තියන්න ජනතා අරගලයකට පුළුවන් වෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන්! මේක මගේ පළවෙනි උපසිරසිය නිසා අඩුපාඩු තියෙන්න පුලුවන්. ඉතින් එවා ගැන මාව දැනුවත් කරන්න කරන්න කියලත් ඔයාලාගෙන් ඉල්ලනවා. ඔබට ජය!

නදුන් පියුමන්ත.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නදුන් පියුමන්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නදුන් පියුමන්ත

April 14, 2022


2
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    …………..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!………….

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Sub nam cineru…cineru nam sub🔥🔥❤

  3. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.nn

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login