The title of the page
The Gifted Hands 2013 Sinhala Sub
The Gifted Hands 2013 Sinhala Sub

The Gifted Hands (2013) Sinhala Subtitles |මනෝමිතිකය| සිංහල උපසිරැසි සමඟ

සුභ දවසක් හැමෝටම. ඔන්න අදත් ඔයාලට අරගෙන 2013 වසරේ එළිදැක්වුණ තවත් සුපිරිම කොරියානු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඇවිත් ගොඩක් කල් උනාට මේකට සිංහල උපසිරසියක් මේ වෙනකන් කවුරුත් දීලා තිබුණෙ නෑ. ඉතින් මම හිතුවා මේ චිත්‍රපටියට උපසිරසි අරගෙන එන්න ඕන කියලා. එහෙම හිතලා අමාරුවෙන් වෙලාව ගැට ගහගෙන අන්තිමට කොහොමෙන් කොහොම හරි අද දවසෙදි උපසිරසිය අරගෙන එන්න පුළුවන් වුණා.(The Gifted Hands 2013 Sinhala Sub)

Supernatural Power එකක් බේස් කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ. මේකෙ ස්ටෝරි එක ගැන කියන්න කලින් චිත්‍රපටිය ගැන පොඩි දේවල් ටිකක් කියලා ඉන්න ඕන කියලා හිතුනා. 2013 වසරෙ එළි දැක්වුණ මේ චිත්‍රපටිය අයිති වෙන්නෙ Thriller / Drama කියන කැටඝරි දෙකට. ඒ වගේම මේ චිත්‍රපටියට IMDb 6.5/10 ක අගයකුත් My Drama List එකේ 8.2/10 ක අගයකුත් හිමිවෙලා තියෙනවා. ගූගල් පරිශීලකයන්ගෙ 96% කැමැත්ත ගන්නත් මේ චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. එතකොට මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නෙ Kwon Ho-young කියා චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා.

මේ චිත්‍රපටිය ගැන තවත් දෙයක් කිව්වොත්, Kim Bum, Kim Kang-woo, Esom වගේම සුපිරි චිත්‍රපටි නළු Park Sung-woong නුත් මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා. 2013 වසරෙදි තිරගතවුණු ටිකක් පරණ චිත්‍රපටියක් උනත් කිසිම කම්මැලිකමක් නැතුව පැය 1 යි විනාඩි 43 ක පුරාවට බලන්න පුළුවන්. එහෙනම් චිත්‍රපටිය ගැන විස්තර කිව්වා ඇති කියලා හිතනවා. දැන් බලමු මේ චිත්‍රපටියෙ ස්ටෝරි එක ගැන.(Saikometeuri sinhala sub)

ඔයා නිකමට හිතන්නකො “ඔයා කාවහරි ඇල්ලුවම ඔයාට එයාගෙ අතීතය බලන්න පුළුවන් වුණොත්?”

මම මුලින්ම කිව්වා වගේ මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ Supernatural Power එකක් බේස් කරගෙන. යැං චූන් ඩොං කියන්නෙ රහස් පරීක්ෂකයෙක්. අවුරුදු තුනක ඉඳන් තමයි මෙයා මේ රස්සාව කරන්නෙ. දවසක මේ නගරෙ පොඩි ගෑණු ළමයෙක් ඝාතනය වෙන සිද්ධියක් වාර්ථා වෙනවා. මෙයා ඒකෙ නඩුව කරන අස්සෙ මේ නගරෙම කෙනෙක් අඳින Wallart එකක් දකිනවා. ඒ චිත්‍රයේ තනිකරම හැංගිලා තියෙන්නෙ අර මරපු ගෑණු ළමයවයි, එයා මරපු තැනයි. ඊට පස්සෙ මෙයා ඒ චිත්‍රය ඇඳපු කෙනාව හොයාගෙන යනවා. එයා හිතනවා එයා හොයාගන්න එක මේ නඩුවට ලොකු උදව්වක් වෙයි කියලා.

ඔන්න ඔයවගේ ස්ටෝරි ලයින් එකක් එක්ක තමයි මේ චිත්‍රපටිය දිවෙන්නෙ. මේ ටික කියෙව්වා නම් ඔයාලට හිතාගන්න පුළුවන් ඇති සුපිරිම චිත්‍රපටියක් කියලා. මේ ටිකවත් කියවන්න හිත දෙන්නෙ නැත්තන් ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නෑ. සුපිරිම චිත්‍රපටියක් තමයි මග ඇරෙන්නෙ. ඒ වගේම පල්ලෙහා තියෙන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ඕනනම් ඉතින් චිත්‍රපටිය බලලම ඉන්න වෙනවා.

⚫ කවුද මේ චිත්‍රය ඇන්දෙ?
⚫ කොහොමද එයා මේ ගැන කලින්ම දැනගත්තෙ?
⚫ ඩොං ට මෙයාව හොයාගන්න පුළුවන් වෙයිද?

පුළුවන් ඉක්මන්ට තවත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම නවතිනවා. චිත්‍රපටිය බලලා අඩුපාඩු තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මම නවතිනවා.

හැමෝටම ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

8 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 👍😊

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Thanks sub ekata supiri wage ikmanata balanawa thx

  4. Peter Barthelot
    Cineru Family Member

    සබ් එක නියමයි . Keep it up

  5. බොහොම ස්තූතියි සබ් එකට

  6. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  7. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login