The title of the page
krishnamma kalipindi iddarini 2015 sinhala sub
krishnamma kalipindi iddarini 2015 sinhala sub

Krishnamma Kalipindi Iddarini (2015) Sinhala Subtitles | සදා නොවෙනස් පළමු ප්‍රේමය | සිංහල උපසිරැසි සමඟ

අපි කාටහරි ගරු කලොත්..
එයාලා අපි වෙනුවෙන් ජීවත්වෙන්න හිතනවා…

අපි කාටහරි ආදරය කලොත්…
අපි එයාලා වෙනුවෙන් ජීවත්වෙන්න හිතනව….
ඒකයි ආදරය කියන්නේ…

පොඩි කාලෙ ඉදන් කෙනෙක්ට ආදරය කරල ඒක කියාගන්න විදියක් නැතුව ඉන්න උනොත් කොහොමද ? ඒක දරාගන්න අමාරු දෙයක් වෙනවා.ඉතින් අපි ජීවිතයේ මොන තරම් දුරට සාර්ථක වෙලා, කොච්චරනම් ඉලක්ක ලගා කරගත්තත් ආදරය ජයගන්න නොලැබුනොත් ඒක අපේ ජීවිතේ අසාර්ථකත්වය පෙන්වන පැතිකඩක් වෙනවා.ආදරය කලානම් අනිවාරෙන්ම ආදරයත් ජය ගන්න ඕනිමයි.(krishnamma kalipindi iddarini 2015 sinhala sub)

ආයුබෝවන් යාලුවො හැමෝටම..බොහෝ දෙනෙක්ට මගහැරුනු තවත් අපූරු තෙලිඟු චිත්‍රපටියකට සිංහල උපසිරැසි අරගෙනයි මම අද ආවේ.ගිය අවුරුද්දේ මම බලල ගොඩක් හිතට අල්ලපු එකක් නිසා කරන්න හිතුනා.මේ වෙනකම් ඉංග්‍රීසි උපසිරැසියක්වත් මේකට නිකුත් වෙලානම් නෑ .

2015 වර්ශයේ තමයි මේ චිත්‍රපටිය තිරගතවෙලා තියෙන්නෙ.IMDB දර්ශකය තුල 7.3 ක අගයකුත් , ගූගල් පරිශීලකයන්ගෙන් 97% ක  ඉහල මනාපයකුත් මේ චිත්‍රපටිය සදහා හිමිවෙලා තියෙනවා.

ප්‍රධාන නලුවා විදියට රංගනයෙන් එක් වෙන්නේ Sudeer Babu විසින්.මීට කලින් Sudeer ගෙ Sammohanam 2018 චිත්‍රපටියට ගොඩ දෙනෙක්ගෙ යහපත් ප්‍රතිචාර හිමිවුනා..මමත් ගොඩක්ම ආසම කරන චිත්‍රපටයක් ඒක.ඒකට පස්සෙ බලපු මේකටත් මට ගොඩක් හිත ගියා..

ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙසින් එක් වෙන්නේ සුරූපි Nanditha Raj විසින්.මීට කලින් ඔයාල Prema Katha Chithram චිත්‍රපටිය බලල තියේනම් දැකල ඇති මේ කපල් එක තමයි ඒකෙත් රංගනයෙන් එකතු වෙන්නේ..

හරි අපි එහෙනම් කතාව පැත්තට යොමු වෙමු.ක්‍රිශ්නා කියන්නෙ වර්තමානයේ ඇමරිකාවෙ කම්පැනියක CEO කෙනෙක්.ඉතින් මෙයාගෙ ඉන්දියාවෙ ඉන්න පොඩිකාලෙ යාලුවො ටික ඒ දවස්වල ඉස්කෝලෙ ගිය යාලුවො ඔක්කොම ආපහු හම්බවෙන්න උත්සවයක් ලෑස්ති කරනවා.ඕකට සහභාගි වෙන්න ක්‍රිශ්නා ඇමරිකාවෙ ඉදන් ගමට එනකොට එයාට ඒ කාලේ දේවල් මතක් වෙනවා.විශේෂයෙන් මෙයා ආදරය කරපු රාධාව වත්.ඉතින් මෙයා එන එකේ එක අරමුණක් තමයි එයාව හම්බවෙන එකත්..

ඉතින් මේ රාධා කව්ද ? ඇත්තටම කලින් සිද්ද වුනේ මොකක්ද ? එයා දැන් කොහේද ? හැමදේම දැනගන්න ඔයාට චිත්‍රපටිය බලන්නම වෙනවා..ඉතින් නියමම අවසානයක් එක්ක නිම කරපු චිත්‍රපටයක්..අනිවාරෙන්ම අරන් බලන්න කියල ඉල්ලනවා.
එහෙනම් මම ගිහින් එන්නම් ආයෙමත් අපි හම්බෙමු තවත් උපසිරැසියකින්..

ජීවිතේදී ඉලක්කයන් ඉශ්ට කරගත්තොත්…
ජයග්‍රහණයක්…..
ඉලක්කයන් එක්ක ආදරයත් දින්නොත්….
පරිපූර්ණ ජයග්‍රහණයක්….

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

7 comments

  1. Ah ela thanks sub ekata adarenma thx

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ 😊👍..
    * Birbal (2019) Kannada
    * Valayam (2020) Telugu
    මේවටත් සබ් දෙන්න 😊😊😊

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Malith Sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි❤
    සබ් නැති පරණ අනිත් ෆිල්ම් වලටත් සබ් එක ඕනේ
    ………ජය වේවා………!

  5. Hashira
    Cineru_users

    Me movie eka hoyaganna bane, link ekak ewanna puluwanda. tvseriesandmovies.co eke movie link ekath wada na

    • මේකෙ සබ් කලේ මගෙ ලග තියෙන කොපියකට..ඒක නෙට් එකේ කොහේවත් නැ..මං ආයි ක්ලව්ඩ් එකකට දාල අප් කරන්නම්

  6. Kasun Sandaruwan

    අඩේ විඩීයෝ එක හොයාගන්න නෑනෙ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login