The title of the page
5.6
90

The Ghost (2022) Sinhala Subtitle | “අවතාරය” | සිංහල උපසිරැසි සමඟ

  • Action | Thriller 
  • IMDb 5.6/10 
  • Nagarjuna | Sonal Chauhan
  • 2hrs 10mins
ඔන්න තවත් තෙලුගු ෆිල්ම් එකකට සිංහල උපසිරැසි අරන් ආවා. මේ ෆිල්ම් එක පසුගිය ඔක්තෝබර් 5 ලොව පුරා තිරගත වූ සුපර් ස්ටාර් නාගර්ජූනාගේ තවත් ඇක්ශන් ෆිල්ම් එකක්.  කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් කතාවක්. වයසට ගියත් තාම කොල්ලා වගේ කියන්න පුලුවන් මේක බලද්දි.. 
කතාව හා අධ්‍යක්ෂනය Praveen Sattaru වන අතර සංගීතය Bharatt-Saurabh හා Mark K. Robin වේ. හද්‍රාබාද්, ඌටී හා ඩුබායි වල තිරගත කිරීම සිදු කර ඇත. හොද වගේම නරක ප්‍රතිචාර මිශ්‍ර වෙමින් මේ ෆිල්ම් එකට ප්‍රේක්ෂකයන් විසින් දෙනු ලැබුවා. පැය 2 යි විනාඩී 10ක කාලයක් දිග හැරෙන කතාවක්. ගීත 5ක් ඇතුලත් වෙනවා. නාගර්පුනා ප්‍රධාන රංගනය වෙන අතර මීට අමතරව අය ලෙස, 
💫 Sonal Chauhan
💫 Gul Panag 
💫 Anikha Surendran 
💫 Manish Chaudhari 
💫 Ravi Varma 
💫 Srikanth Iyengar 
කතාව පොඩ්ඩක් කිව්වොත්, වික්‍රම් නායිදු කියන්නෙ interpol officer කෙනෙක් ඩුබායි වල. ප්‍රියා සමග අවු.5ක ප්‍රේම සබදතාවක් පවත්වන අතර ඇයද එම වෘත්තියේම නියැලෙන යුවතියක් වෙනවා. කුඩා කල වික්‍රම්ගේ මව මිය යනවා. අවු. ගානකට පසු විකීගේ නැගෙනිය ඔහුගෙන් උදව් ඉල්ලනවා. ඒ අනූ. නිතර නිතර එන තර්ජන නිසා දැඩි බය වීමකින් ඉන්න අනූ වික්‍රම්ගෙන් උදව් ඉල්ල අතර ඔහු සිය කණ්ඩායම සමග අනූගේ නිවසේ නැවතී ආරක්ෂාව සලසන්න කටයුතු කරනවා. අනූට හිතුවක්කාර සුරූපී දියනියක් ඉන්නවා. ඇයනමින් අදිති. ඇය ගොඩක් අකීකරු වෙන අතර ඇගේ නොමනා වැඩ නිසා ඇයගේ ජීවිතේ පවා අනතුරේ වැටෙන්න යනවා. මේ සියලු ප්‍රශ්න හමුවේ නායර් සමූහ ව්‍යාපාරයේ අධිපති වෙන්නෙ අනූ. මේ ව්‍ය්‍යාපාර හා දේපල වෙනුවෙන් බොහෝ දෙනා කෑදරකමට බොහෝ පිරිසක් මාන බලන් ඉන්නවා. ඒ නිසාම අනූ හා ඇගේ දියනිය මරා දැමීමට කොන්ත්‍රාත් එකක් ලලා නම් වූ මැර නායකයා බාර ගන්නවා. ඔන්න ඔහොම තමා කතාව ගලාගෙන යන්නෙ.  කුතුහලයෙන් බලන්න පුලුවන්.. 
කෙසේ හෝ කෝටී 9.5+ ආදායමක් වාර්තා කරන්න සමත් වෙලා තියෙනවා. අන්තිම ටික ඇක්ෂන් ගොඩක් තියෙනවා. හොද fighting ටිකක් බල ගන්න පුලුවන්..මුලිම ප්‍රියාගේ චරිතය වෙනුවෙන් කාජල් අගර්වාර් යෝජනා වී තිබුණද ඇයගේ ගැබ්ගැනීම නිසා එය ප්‍රතික්ෂේප වූ අතර පසුව අමාලා පෝල් යෝජනා වුනා. ඇයත් ප්‍රතික්ෂේප වූ පසු ජැක්ලීන් ෆර්නැන්ඩස් යෝජනා වුනා. ඇයටද ඒ වාසනාව අහිමි විය. අවසානයේ  සොනාල් චෞහාන්ට ඒ වාසනාව ලැබුනා. ඇය ඇත්තටම චරිතයට හොද සාදාරනයක් කරලා තියෙනවා.. 
කම්මැලි නැතුව බලන්න පුලුවන් කතාවක්. බලන්න. පරණ නාගර්ජූනා super come back එකක්.නැවත  තව සිංහල උපසිරැසියකින් හමු වෙන්නම්. 
සිනෙරූ වෙනුවෙන් මම,
✍🏻 නිත්‍යා රූපසිංහ
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිත්‍යා රූපසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිත්‍යා රූපසිංහ

February 4, 2020


21
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිත්‍යා සොයුරිය …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login