The title of the page
Smile Sinhala Subtitle
Smile Sinhala Subtitle
6.8
79
83

Smile (2022) Sinhala Subtitles | “මරු කැඳවන සිනහව” | සිංහල උපසිරැසි සමඟ

(Smile (2022) Sinhala Subtitles) (Smile Sinhala Subtitle)

ආයුබෝවන් හැමෝටම..අදත් ආවා පුලුවන් ඉක්මනින් අලුත්ම උපසිරැසියක් ඔයාල ලගට අරගෙන…ඉතිං අද මම උපසිරැසි අරගෙන එන්නෙ අලුත්ම වෙනස් විදිහෙ හොරර් චිත්‍රපටයකට…

ඉතිං චිත්‍රපටයෙ නම තමයි Smile(😁)..නමේ හැටියටම කතාවට හිනාවක් පාදක වෙලා තියනවා…චිත්‍රපටය නිකුත් වෙන්නෙ 2022 සැප්තැම්බර් 30 වෙනිදා..දැනට IMDB අගය 6.8/10 අරන් තියනව වගේම ඩොලර් මිලියන 17 බජට් එකක් වැය කරල හදපු මේ චිත්‍රපටය ඩොලර් මිලියන 137  වගේ බොක්ස් ඔෆිස් ආදායමක් ලැබිලා තියනව.Horror/Psychological Horror වගේ කැටගරි වලට ෆිල්ම් එක අයත් වෙනවා…

නළු නිලියන් විදිහට Sossie Bacon(Rose),අපේ The boys කතා මාලාවෙ A-Train විදිහට රගපාපු Jessie T Usher(Trevor),Kyle Galner(Joel),Robin Weigret(Dr.Madeline) වගේ ගොඩක් අය රගපානවා.

ඉතිං කතාව පැත්තට ගියොත්,

රෝස් කොට’ර් කියන්නෙ මනෝ චිකිත්සකවරියක්..එයා එයාගෙ රස්සාව ගොඩක් මහන්සි වෙලා කැපවෙලා කරන කෙනෙක්…එයාගෙ කාලයෙන් ගොඩක් වෙලා එයා ගත කරන්නෙ රෝගින්ට උදව් කරන්න…ඒ වගේම එයා ඒ දේ කරන්නෙ එයා පොඩි කාලෙදි තමන්ගෙ මානසික රෝගයකින් මියගිය අම්මව තමන්ට බේරගන්න බැරිවුණා කියන වරදකාරි හැගීමත් එක්කම…ඒකම එයා මනෝ වෛද්‍යවරියක් වෙන්න හේතුවක් වෙන්න ඇති කියල හිතන්න පුලුවන්…

ඔහොම දවසක් ඉන්නකොට…රෝස් ට කෝල් එකක් එනවා ලෝරා වීවර් කියල තරුණ ගෑනු ළමයෙක් ගැන පරික්ෂා කරන්න යන්න කියල…රෝස් ගිහින් මේ ගෑනුළමයා එක්ක කතාකරනවා..ඉතිං ලෝරා එතනදි කියනවා එයාට මනුස්සයෙක් වගේ කෙනෙක් පේනවා කියලත්,ඒ මනුස්සයා හැමතිස්සෙම හිනාවීගෙන ඉන්නවා කියලත්,තව ඌ එයාව මරන්න එනවා කියලත්… ඒක කියල වැඩි වෙලා යන්න කලින්ම ලෝරා අසාමාන්‍ය විදිහට කලබල වෙනවා…රෝස්ට තවත් වරදකාරි හැගීමක් උත්තේජනය වෙන සිද්ධියකට මූණදෙන්න වෙනවා…ඒ සිද්ධියෙන් පස්සෙ රෝස් ගෙ ජීවිතය ටිකෙන් ටික කණපිට හැරෙනවා…

ඉතිං ඉතිරි ටික මම ඔයාලට බාර කරනවා…ආරාධනා කරනවා ටිකක් වෙනස් හොරර් අත්දැකීමක් විඳින්න…ගොඩක් හොඳ අත්දැකීමකට නම් රෑ 9 වගෙ පස්සෙ බැලුවොත් හොඳයි….

එහෙනම් අදට අපි යනවා…

තවත් සබ් එකකින් ඉක්මනින් හමුවෙන්නම්..

සියලු දෙනාට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip /WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

14 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සඳා සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      ammo meka balanna aasawen hitiye……..
      HC unath PSArip eka godak hondai..
      wechcha mahansiyata godak pin…………..!!

      puluwannam me wage aluth evata sub dennako..
      deergausha labewa………………!

  2. Thank you

  3. Thanx Bro…..Secret headquarters film eke Sinhala sub oyata genna puluwanda…

  4. විඩියෝ එක ඩවුන්ලොඩ් කරන්න බැනේ

  5. thanks …………………

  6. Mcho original awma update parak danna
    Jaya wewa

  7. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  8. pawule samata puluwanda

  9. Thanks for the sub!!!!!!

  10. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  11. Thanks Lot “Sanda”

    • මට හම්බුන සයිට්ස්වලින් හොදම සහ පැහැදිලි විදියටම සබ් තියෙන සයිට්ස් එක..සිනෙරූ…❤🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login