The title of the page
Classroom of the Elite S02 (2022) Sinhala Subtitles
Classroom of the Elite S02 (2022) Sinhala Subtitles
7.7
93

Classroom of the Elite S02 (2022) Complete Season Sinhala Subtitles | ජයග්‍රහණය ඉව කළ අන්ධකාරය | සිංහල උපසිරැසි සමඟ

“ඔයා දන්නවද මේ ලෝකෙ තියෙන ප්‍රබලම ආයුධය මොකක්ද කියලා.
තම ඇස් ඉදිරිපිට සිද්ධ වෙන ප්‍රචණ්ඩත්වය නතර කරන්න කිසි කෙනෙක්ට බෑ.
අන්තිමේදි, මම හිතන්නෙ මම තාම එතන ඉන්නවා.
අන් අය ඉත්තො මිස වෙන කිසි දෙයක් නොවන බව මගේ හැඟීම…”

ශ්‍රී ලාංකික ඇනිමෙ රසික රසිකාවියො හැමෝටම කොන්නිචිවා කියල පිළිගන්න අතරෙ මගේ 13 වන උපසිරැසි නිර්මාණය එක්ක මම කලින් පොරොන්දු වුනු විදිහට අද අරන් ආවෙ හැමෝම මඟ බලාගෙන හිටපු සිංහල උපසිරැසි අතරින් එකක් වෙන 𝗬𝗼𝘂𝗸𝗼𝘀𝗼 𝗝𝗶𝘁𝘀𝘂𝗿𝘆𝗼𝗸𝘂 𝗦𝗵𝗶𝗷𝗼𝘂 𝗦𝗵𝘂𝗴𝗶 𝗻𝗼 𝗞𝘆𝗼𝘂𝘀𝗵𝗶𝘁𝘀𝘂 𝗲 AKA 𝗖𝗹𝗮𝘀𝘀𝗿𝗼𝗼𝗺 𝗼𝗳 𝘁𝗵𝗲 𝗘𝗹𝗶𝘁𝗲 ඇනිමෙ කතා මාලාවේ Season 2 හි සිංහල උපසිරැසියයි.ඉතින් හිතපු නැති විදිහට Season 1 ට වඩා Season 2 එක ඇනිමෙ රසිකයො අතරෙ ජනප්‍රිය වුනා කිව්වොත් හරියටම හරි.දැන් අපි බලමු මේක ඒ විදිහට ජනප්‍රිය වුනේ කොහොමද කියලා.

2017 වසරෙදි නිකුත් වුනු Classroom of the Elite පළමු කතා සමයට පස්සෙ ඒ කතාවේ අනාගතය ගැන කිසිම අලුත් තොරතුරක් නිකුත් නොවූ නිසා දෙවන කතා සමයක් නිකුත් නොවේවිද කියල හුඟක් දෙනෙක් සැක පහළ කළා.ඉතින් කවුරුවත් නොහිතපු විදිහට අවුරුදු පහකට ආසන්න කාලයකට පස්සෙ Classroom of the Elite දෙවන කතාසමය 2022 වසරේ Summer Season එකේදි නිකුත් කරන බව නිවේදනය කළ වෙලේ පටන් ඇනිමෙ රසිකයො අතර ඒ ගැන කතා බහක් ඇති වුනා.

සුපුරුදු පරිදි 𝘿𝙧𝙖𝙢𝙖,𝙋𝙨𝙮𝙘𝙝𝙤𝙡𝙤𝙜𝙞𝙘𝙖𝙡,𝙎𝙘𝙝𝙤𝙤𝙡 යන Genre වලට අයත් වෙන මෙය, 𝗜𝗠𝗗𝗕 දර්ශකයේ 7.7 ක් හා 𝗠𝘆𝗔𝗻𝗶𝗺𝗲𝗟𝗶𝘀𝘁 දර්ශකයේ 8.16 ක අගයක් ලබා ගනිමින් Top anime ලැයිස්තුවේ 381 වන ස්ථානයේ රැඳෙන්නට සමත් වෙනවා.ඉතින් පළමු කතා සමයට සාපේක්ෂව මේ රේටින් අගය වැඩි අගයක්.ඒ වගේම Syougo Kinugasa විසින් රචිත Light Novel එක අනුසාරයෙන් මෙහි Animation නිෂ්පාදන කටයුතු කළේ සුපුරුදු පරිදි season 1 හි ඇනිමේෂන් නිර්මාණය කරපු 𝗟𝗲𝗿𝗰𝗵𝗲 𝗦𝘁𝘂𝗱𝗶𝗼 එක විසින්මයි.Season 1 හි අපිට හම්බුනේ කොටස් 12 ක් වුනාට, මේ Season 2 එකට කොටස් 13 ක් ලැබිල තියෙනවා.🤩

ඒ වගේම තමයි මේ කතාවෙ Ending theme එක හා Opening theme එක ගැන නොකිය බෑ.OP එක වෙන ‘Dance in the Game’ ගීතය ZAQ නම් ගායිකාව ගායනා කරනවා.ඒ වගේම මේ ගීතය 2022 summer season එකේ දි Spotify හි වැඩිම playtime එකක් ලබා ගත්තු ඇනිමෙ තේමා ගීත අතරින් 6 වන ස්ථානය පවා ලබා තියෙනවා.මතකනෙ Season 1 එකේ ED එක වුනු ‘Beautiful Soldier’ ගීතය ගායනා කළෙත් මෙයාම තමයි.ඒ වගේම Season 2 හි ED එක වෙන ‘Hito Shibai’ ගීතය Mai Fuchigami නම් ගායිකාව ගායනා කරනවා.ඉතින් මේ ගීත දෙකත් season 1 හි අපිට අහන්න ලැබුනු ගීත දෙක වගේම හරිම ලස්සන ගීත දෙකක් වෙනවා.🎶💓

දැන් අපි කතාව පැත්තට යමු.ඊට කලින් මම Season 1 එකට අදාළව සාරාංශයක් කතාව spoil නොවෙන විදිහට අරන් එන්නම්.

📄 Tokyo Metropolitan Advanced Nurturing High School කියල කියන්නෙ ජපානයේ රජය මඟින් පවත්වාගෙන යන සුඛෝපභෝගී මට්ටමේ උසස් පාසලක්.මේ පාසලේ හැම පන්තියක්ම ඒවයේ ඉන්න ශිෂ්‍යයන්ගෙ දක්ෂතා අනුව වර්ග කරලයි තියෙන්නෙ.ඒ කියන්නෙ පළමු වසර ගත්තොත් class D,class C,class B,class A කියල වර්ග කරලයි තියෙන්නෙ.ඒ අනුව බලනකොට පළමු වසරෙ හොඳම මොළකාරයො ටික ඉන්නෙ class A එකේ.ඒ වගේම මේ පාසලේ අමුතු විදිහෙ නීති ගොඩකුත් තියෙනවා.මේ පාසලේ දිගටම ඉන්න නම් විභාගවලින් සමත් වෙන්නත් ඕනි.ඒ අතරතුරේදි පන්ති අතර ඉහළට යන්නත් ඕනි.ඉතින් පන්ති අතර සීතල යුද්ධයක් හැම වෙලේම තියෙනවා.

අයනොකෝජි කියොතකා කියල කියන්නෙ මේ පාසලේ පළමු වසරට ඇතුළත් වෙන ශිෂ්‍යයෙක්.මෙයා හරිම calm,cool personality එකක් තියෙන කොල්ලෙක්.කොටින්ම කිව්වොත් හිනා වෙන්නෙවත් නැති ජාතියෙ කොල්ලෙක්.මෙයා වැටෙන්නෙත් class D එකට.ඒ කියන්නෙ අදක්ෂයෙක්ද? තව එක එක විදිහෙ චරිත මෙයාට මුණ ගැහෙනවා.හැමෝගෙම අරමුණ තමයි ඉතින් හැමදේටම හොඳම ලකුණු අරන් ඉස්සරහට යන එක.ඒත් අයනොකෝජි… එයාගෙ අරමුණ මොකක්ද? එයාට කාටද උදව් කරන්නෙ? කාගෙ උදව් ද ඕනි වෙන්නෙ? අයනොකෝජි ඇත්තටම මොන විදිහෙ චරිතයක්ද? මේ පාසලේ විශේෂත්වය මොකක්ද? කියන දේවල්වලට උත්තර season 1 එකෙන් දැනගන්න ලැබෙනවා.ඒත් ඔයා season 1 නොබලපු කෙනෙක් නම් ඔයා ඒක අනිවාර්යයෙන්ම බලල ඉන්න ඕනි.මොකද season 1 ඉවර වෙන තැනින් තමයි season 2 පටන් ගන්නෙ.🤫

දැන් season 2 හි කතාවට පොඩි ආරම්භයක් අරන් දෙන්නම්.season 1 හි අවසානයේ දූපතේ තිබුනු විශේෂ පරික්ෂණයෙන් අයනොකෝජි කියොතකා ප්‍රමුඛ D පන්තිය ජය ගැනීමෙන් අනතුරුව හැමෝම ආපහු නැවට ගියාට පස්සෙ නැවෙත් විශේෂ පරික්ෂණයක් පවත්වන්න කටයුතු සූදානම් කරල තියෙනවා.ඒ පරික්ෂණය මොන වගේද කියනව නම් ඒක අපේ භාෂාවෙන් ‘සැඟවුණු අමුත්තා සෙවීම’ වගේ පරික්ෂණයක්.ඒකෙදි වෙන්නෙ මොකක්ද කියල මම මෙතනදි කියන්නෙ නෑ.ඒ වගේම තවත් අමුතුම විදිහෙ පරික්ෂණය කිහිපයක්ම මේ season 2 එකේදි අපිට බලාගන්න පුලුවන්.ඉතින් අයනොකෝජි කියොතකා ප්‍රමුඛ D පන්තිය මේවට මුහුණ දෙන්නෙ කොහොමද? මේ පාර අයනොකෝජිගේ ඉත්තෙක් වෙන්නෙ කවුද? අයනොකෝජිට මේ පාර හම්බවෙන ප්‍රතිවාදීන් කවුද? එයාලව පරද්දන්නෙ කොහොමද? අයනොකෝජි තමන්ගෙ D පන්තිය A පන්තිය තෙක් අරන් යන්නෙ කොහොමද? අයනොකෝජි හොයන තමන්ගෙ ජයග්‍රහණය ලබා ගන්නෙ කොහොමද? කියල බලන්න නම් ඔයාට මේක අවසානය වෙනකල්ම නරඹන්න වෙනවා.

තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate කරන හැටි බලාගන්න ලැබෙන නියම කතාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ.එක චරිතයක් වටා ගෙතුණු නැති,තවත් චරිත ගණනාවක පසුබිම ගෙන එන මේ කතාව ඇත්තෙන්ම High school ඇනිමෙ අතර වෙනස්ම කතාවක් අරන් ආපු ඇනිමෙ එකක් කිව්වොත් හරි.ඒ වගේම season 2 එක කතාවෙ චරිත කිහිපයකම අඳුරු පැතිකඩ අරන් ආපු කතාව බව අනිවාර්යයෙන්ම කිව යුතුයි.ඒ නිසා මේ කතාව කොහෙත්ම boring වෙන එකක් නම් නෑ.ඔයා season 1 බලපු කෙනෙක් නම්, බලන්න මේ කතා සමයෙන් අරන් එන චරිත ඔයා හිතපු විදිහෙ අයද කියලා.සමහරවිට ඔයා කැමැත්තෙන් හිටපු චරිතත් ඒ අතර ඇති.ඉතින් Classroom of the Elite Season 2 නරඹන්න කියල ආරාධනා කරන ගමන් මම මේක තවත් වර්ණනා කරන එක මෙතනින් නවත්තනවා.

මතක තියාගන්න මම කලින් කිව්ව වගේම මේක පටන් ගන්නෙ Season 1 ඉවර වුනු තැනින්මයි.ඉතින් ඔයා ඒක නොබලපු කෙනෙක් නම් season 1 ත් සිංහල උපසිරැසි එක්කම නැරඹීමේ හැකියාව තියෙන නිසා අනිවාර්යයෙන්ම ඒක බලල ඉන්න.ඉතින් උපසිරැසිය බාගෙන යන ගමන් comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ කතාවෙ Season 3 එක 2023 වසරෙදි නිකුත් වෙන බව දැනටමත් නිවේදනය කරලයි තියෙන්නෙ.ආයෙත් මේ වගේම තවත් උපසිරැසිකින් මුණ ගැහෙනකම් හැමෝටම සුභ වේවා! ජය වේවා!අරිගතො🙏

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන්:- හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

21 comments

  1. Thank you 💙

  2. Kohenda meewage videos download kereganne?

    • ලංකන් weebs

      මේ cineru සයිට් එකේම තියෙනව සබ් ඩවුන්ලෝඩ් බටන් එකට යටින්.vpn පාවිච්චි කරනව නම් ඒක off කරල සයිට් එකට ඇවිත් බලන්න.නැත්නම් animekaizoku වෙබ් සයිට් එක හරි telegram හරි පාවිච්චි කරන්න පුලුවන්.

  3. The eminence of shadow ekatath sub dennako

  4. season 1 eke sub kohomada download krgnne?

    • සර්ච් බාර් එකේ සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගන්න..

  5. Thanks bro

  6. sub download karanne kohomada
    vatenne nane

    • සිංහල උපසිරැසිය කිය තැනින් ඩවුන්ලෝඩ් කරගන්න.

  7. machan sub ekanam patta , Monster Anime ekatath sub demu

  8. Season 3 ekath january wala enawalu 😊

  9. bro Code Geass ekatath sub dennako

  10. Prabha
    Cineru_users

    Mee series eke season 3 sub dnne kwdada😁

  11. Machan aluthin apu S3 ekata sub one 🤗

  12. thanks bossa

  13. Season 2 nane kollo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login