The title of the page
The.Gentlemen.2020
The.Gentlemen.2020

The Gentlemen (2019) Sinhala Subtitles |මහත්වරු| සිංහල උපසිරැසි සමග

අායුබෝවන් හැමෝටම. මුලින්ම කියන්න ඕනෙ මේක තමයි වෙබ් අඩවියක් වෙනුවෙන් මං කරන පලවෙනි උපසිරැසිය. අකුරු වැරදීම් වගේම අඩුපාඩු තියෙන්නත් පුළුවනි. සාමාන්‍ය සලරුවකට වඩා වැඩි කාලයක් මේ උපසිරැසිය වෙනුවෙන් වැය කරන්නත් සිද්ධවුනා. හේතු කිහිපයක් නිසා, මේ දිනවල තියන ගැටළුකාරී තත්වයත් එක හේතුවක් වුනා. මේ සලරුවේ භාවිතා කරන භාෂා විලාශය, වෙනත් භාෂාවල වචන වගේම ව්‍යංගාර්ථ ප්‍රකාශන, උපමා වගේ දේවල් එ්කට හේතු වුනා කිව්වොත් නිවැරදි. උපරිමයෙන් උත්සහ කලා සලරුවේ රසය එ් අාකාරයෙන්ම රැකගෙන පරිවර්තනය කරන්න. (the gentlemen sinhala sub)
the gentlemen sinhala sub

 The Gentleman 2020 චිත්‍රපටය පලමුවෙන්ම එක්සත් රාජධානියේදී තමයි මේ වසර අාරම්භය සමග නිකුත් වුනේ. චිත්‍රපටය (Action/Crime) ක්‍රියාදාම සහ අපරාධ යන ශානරයන්ට අයත්. මේක IMDB වලදී 8/10 කුත් (Rotten Tomatoes) කුණු තක්කාලිවලින් 74% කුත් රේටින්ග්ස් ලබාගෙන තියනවා. කතාව දිගහැරෙන්නෙ ජාත්‍යන්තර මට්ටමේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් මුල්කරගෙනයි. මරිජුවානා නිශ්පාදනය, වෙළඳාම කරන මයිකල් පියර්සන් නැමැත්තා තමන්ගෙ ව්‍යාපාරය වෙනත් අයකුට විකිණීමට උත්සහ කිරීමත් සමග හටගත් අවුල් සහගත තත්වයෙන් ඔහු තමන්ගෙ මුදල්, බිරිඳ වගේම ව්‍යාපාරයත් අාරක්ෂා කරගන්න දරන උත්සහය වටා කතාව ගෙතිල තියනව.

the gentlemen sinhala sub

මේක බ්‍රිතාන්‍ය සලරුවක්, නිශ්පාදන වියදම හැටියට අැමරිකානු ඩොලර් මිලියන 22ක් සටහන් වෙද්දි බොක්ස් ඔෆිස් වල අැමරිකානු ඩොලර් මිලියන 48.4ක් ලෙස අාදායමක් සටහන් කරගන්නත් සමත් වෙලා තියනවා. Guy Ritchie තමයි අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නෙ. Matthew McConaughey, Michelle Dockery, Charlie Hunnam අැතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා. මෙහි සිදුවීම් වගේම කතාකරන දේවල් ගැන හොඳ අවධානයකින් කතාව බලන්න කියලත් කියනව. මොකද එ්ක උදව්වක් වෙයි සලරුව එ් අාකාරයෙන්ම තේරුම් ගන්න.

 

the gentlemen sinhala sub
 එහෙමනම් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියල කියන ගමන් අඩුපාඩු තියනවනම් එ් ගැනත් කමෙන්ට් එකක් දාන්න කියල හැමෝටම කියනව. සබ් එක දීල තියෙන්නෙ webrip පිටපතට. අවශ්‍ය යාවත් කාලීන ඉදිරියෙදි ලැබේවි. අවසාන වශයෙන් සමිත සහෝදරයා අැතුළු Cineru.lk කණ්ඩායමට ස්තුතිය.
ජයවේවා
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රජිව් සරඹගේ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රජිව් සරඹගේ

April 4, 2020


14
Total Subtitles

6 comments

  1. ස්තූතියි මහන්සියට
    බුදු සරණයි..!

  2. Pasindu
    Cineru Family Member

    ඔයාගෙ පළවෙනි උපසිරැසියට සුභ පතනවා සහෝ.. ❤️✌️🤘

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. මයිකි

    වචනයක් එහා මෙහා උනා කියලා වචනයක අර්තය වෙනස් උනා කියලා ගානක් නැ බං. මං බලලා ඉවර වෙලා නෙමේ කමෙන්ට් දාන්නේ. එත් මිට කලින් අයගේ එවා බලලා මතකෙට කියන්නේ. උබට සබ පැතුම් . දිගටම හදන් පලයන් සබ් ෆිල්ම් වලට , කතා වලට. ජයවෙවා

  5. පලවෙනි සබට සුබ පැතුම්
    Welcome to Cineru Family

  6. පලවෙනි එකෙන්ම සුපිරියක් ✊🔥
    පලමු උපසිරැසිය වෙනුවෙන් සුබ පතනවා සහෝ! 💜✌
    තව තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න හැකිවේවා.👊⭐⭐⭐⭐⭐
    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි! ජය වේවා සහෝ! 💜👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login