The title of the page
The Detective Is Already Dead (2021) Complete Season Sinhala Subtitles
The Detective Is Already Dead (2021) Complete Season Sinhala Subtitles
5.8

The Detective Is Already Dead (2021) Complete Season Sinhala Subtitles | මරණයෙන් නොමළ කැමැත්ත | සිංහල උපසිරැසි සමඟ

“සියෙස්ටත් එක්ක මගේ වික්‍රමාන්විත ගමන ආරම්භ වුනේ ඒ විදිහටයි.
මරණය… අපිව වෙන් කරනකන්.
ඒක හරි… රහස් පරික්ෂකයා දැනටමත් මිය ගිහින්.
ඒත් එයාගෙ අන්තිම කැමැත්ත කවදාවත් මිය යන්නෙ නෑ.”

 ආයුබෝවන් හැමෝටම.ඔයා මේ එකතු වෙන්නෙ මගේ 9 වෙනි සිංහල උපසිරැසි නිර්මාණය එක්කයි.මේ වතාවෙ මම අරන් ආවෙ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්.රහස් පරික්ෂක චරිතයක් නිසා ජනප්‍රිය වුනු කතාවක්…කොටට කපපු සුදු කොණ්ඩයක් තියෙන රහස් පරික්ෂක කෙල්ලෙක් නිසාම ජනප්‍රිය වුනු කතාවක්…ඒ වගේම ටිකක් විතර Spy x Family කතාවට ළඟින් යන කතාවක්…
තවත් වර්ණනා නැතුව අපි යමු මේ කතාව මොකක්ද බලන්න.☺️

  𝗧𝗮𝗻𝘁𝗲𝗶 𝘄𝗮 𝗠𝗼𝘂,𝗦𝗵𝗶𝗻𝗱𝗲𝗶𝗿𝘂 AKA 𝗧𝗵𝗲 𝗗𝗲𝘁𝗲𝗰𝘁𝗶𝘃𝗲 𝗶𝘀 𝗔𝗹𝗿𝗲𝗮𝗱𝘆 𝗗𝗲𝗮𝗱. ඔව්… රහස් පරික්ෂකයා දැනටමත් මිය ගිහින්…
2021 වසරේ summer season එක වෙනුවෙන් නිකුත් වුනු, 𝘾𝙤𝙢𝙚𝙙𝙮,𝘿𝙧𝙖𝙢𝙖,𝙈𝙮𝙨𝙩𝙚𝙧𝙮,𝙍𝙤𝙢𝙖𝙣𝙘𝙚 කියන Genre වලට අයත් වෙන, මිනිත්තු 24 බැගින් කොටස් 12 පුරා දිවෙන, MyAnimelist දර්ශකයේ 6.35 ක අගයක් වගේම IMDB දර්ශකයේ 5.9 ක අගයක් ලබා ගත්තු හරිම ලස්සන ඇනිමෙ කතා මාලාවක්.මේ කතාවේ Light Novel එක ආශ්‍රයෙන් මේ කතාව නිර්මාණය කළේ 𝐄𝐍𝐆𝐈 𝐒𝐭𝐮𝐝𝐢𝐨 එක විසිනුයි.අපිට වැඩිය අහන්න ලැබෙන්නෙ නැති Studio එකක් වුනත් මේකෙ Animation නම් මේ කතාවට හරිම වර්ණවත්ව ලස්සනට නිර්මාණය කරල තියෙනවා.ඒ නිසා විශේෂයෙන් ම කතාවෙ female characters නම් ඔයාව අනේ අපොයි කියන තැනට පත් කරන එකක් නම් නෑ.😉😍
   Music ගැන කියනවනම් කතාවෙ OP එක වෙන ‘Koku de Ikiteru’ ගීතය Mary x jon විසිනුත් ED එක වෙන ‘Kodou’ ගීතය Nana Kagura විසිනුත් ගායනා කරනවා.මේ දෙකම හරිම ලස්සන චාම් ගීත දෙකක් වෙනවා වගේම කතාව පුරාම අපිට හරිම ලස්සන නාද රටා කිහිපයක්ම අහන්නත් ලැබෙනවා.🎶

දැන් අපි යමු story එක පැත්තට… කිමිසුකා කිමිහිකෝ කියල කියන්නෙ උසස් පාසල් ශිෂ්‍යයෙක්.හැබැයි Trouble Magnet කොල්ලෙක්.ඒ කියන්නෙ නිතරම අහක තියෙන කරදරවලට ඇදිල යන ජාතියෙ කෙනෙක්.ඉතින් දවසක් මේ විදිහට අහක යන කරදරයක පැටලිලා ගුවන් යානයක යන අතරෙදි මෙයාට මුණ ගැහෙනවා සියෙස්ටා කියල කෙල්ලෙව.බැලූ බැල්මට හරිම ලස්සන කෙල්ලෙක් වෙන සියෙස්ටා රහස් පරික්ෂකවරියක්.මෙයාගෙ අරමුණ තමයි ලෝකයට තර්ජනයක් වෙන SPES කියන රහස් සංවිධානය විනාශ කරන එක.ඉතින් ඒක කරන්න එකතු වෙන්න ආරාධනා කරන්නෙ කිමිසුකාට.කොහොමහරි අහක යන කරදරවලින් ගැලවෙන්න උත්සහ කරන කිමිසුකාව මේකට කපටි විදිහට සියෙස්ටා කැමති කර ගන්නවා.ඒ කොහොමද කියල ඔයාව කතාව බලද්දි හොයාගන්න පුලුවන්.

ඊට පස්සෙ ඉතින් මේ අරමුණ වෙනුවෙන් මෙයාල යන වික්‍රමාන්විත ගමන තමයි මේ කතාව පුරා අපිට දකින්න ලැබෙන්නෙ.හැබැයි මේක එකකට පස්සෙ එකක් හොරු අල්ලන ජාතියෙ එකක් නම් නෙමෙයි.මිත්‍රත්වය,මිත්‍රත්වයට වඩා එහාට ගිය විශ්වාසනීයත්වය,විශ්වාසනීයත්වය මත ගොඩනැඟුණු බැඳීම් එක්ක උපහාසය,ත්‍රාසය එක්ක අහිරහස් වලින් පිරුණු මේ හරි ලස්සන කතාව නරඹන්න කියල ඔයාට ආරාධනා කරනවා.සියෙස්ටා කියන්නෙ මොන වගේ කෙල්ලෙක්ද? කිමිසුකා කියන්නෙ මොන වගේ කොල්ලෙක්ද? මෙයාලගෙ ගමනෙදි මෙයාලට මුණ ගැහෙන්නෙ මොනවද? SPES කියන්නෙ මොකක්ද? SPES විනාශ කරන්න පුලුවන් වෙයිද? කලින් කිව්ව විදිහට රහස් පරික්ෂකවරිය මිය ගියේ කොහොමද? දැනටමත් මිය ගිහින් නම් ඒ තැනේ ඉන්නෙ කවුද? මේ වික්‍රමාන්විත ගමන නරඹලා ඔයාට මේ දේවල් දැනගන්න පුලුවන්.🤗

ඉතින් මේ කතාවෙ Season 2 එක මෑතකදී නිවේදනය කළා.හැබැයි නිකුත් වෙන දිනයක් නම් දැනුම් දීල නෑ.බොහෝ විට 2023 වසරේදි නිකුත් වෙන්න ඉඩ තියෙනවා.ඒකත් අපි බලාපොරොත්තුවෙන් ඉමු.උපසිරැසිය බාගෙන යන ගමන් comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.මේ වගේම තවත් උපසිරැසිකින් මුණ ගැහෙනකම් හැමෝටම සුභ වේවා! ජය වේවා!

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන්:- හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

5 comments

  1. බොහොම ස්තුතියි නියම වැඩක්

  2. thanks brother.. දිගටම anime දෙන්න..

  3. Thank You So much

  4. ලංකන් weebs

    බොහොම ස්තූතියි හැමෝටම🤗💓

  5. බොහෝම ස්තූතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login