The title of the page
5.9
94
84

She-Hulk: Attorney at Law (2022) E05 Sinhala Subtitles | “ෂී-හල්ක් නාමයේ අයිතිය” | සිංහල උපසිරැසි සමඟ

(She-Hulk: Attorney at Law (2022) E05 Sinhala Sub) (She Hulk Attorney at Law Sinhala Subtitles) (She Hulk Sinhala Subtitles)

මාවල් කොමික් කතාවක් වන She-Hulk පාදක කරගනිමින් Jessica Gao විසින් Disney+ නාලිකාවේ විකාශය සඳහා නිර්මාණය කරන ලද නවතම කතා මාලාව​ තමයි She-Hulk: Attorney at Law කියන්නෙ. මේක Marvel Studios විසින් නිෂ්පාදනය කරපු Marvel Cinematic Universe/MCU (මාවල් සිනමා විශ්වයේ) අටවෙනි රූපවාහිනි කතා මාලාව විදිහටයි සැලකෙන්නෙ. ඒ වගේම, ඒ franchise එකේ Film වල තියෙන කතාව මේ Series එක මඟින් තවත් ඉදිරියට අරගෙන යෑමක් සිදු වෙනවා. කතාව තියෙන්නෙ Jennifer Walters නැමැති නීතිඥවරියක් ගැනයි. ඇය සුපිරිබලයක් තියෙන පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේම She-Hulk නැමැති සුපිරිවීරවරිය බවටත් පත් වෙනවා. Gao මේ Series එකේ ප්‍රධාන රචකවරිය හැටියට ක්‍රියා කරනවා. ඒ අතරතුරේ, Kat Coiro අධ්‍යක්ෂක කණ්ඩායම මෙහෙයවනු ලබනවා.

Jennifer Walters නැත්නම් She-Hulk ගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ Tatiana Maslany යි. ඇය Emmy සම්මානයෙන් පිදුම් ලැබූ කැනෙඩියානු නිළියක්. ඇයත් එක්කGinger Gonzaga, Jameela Jamil, Josh Segarra, Jon Bass, Renée Elise Goldsberry, Tim Roth, Mark Ruffalo, Benedict Wong, සහ​ Charlie Cox යන නළු නිළි කැලත් මේ කතා මාලාවට රංගනයෙන් දායකත්වය සපයනවා. She-Hulk කතා මාලාව ගැන ඉස්සෙල්ලාම නිවේදනය කරන්නෙ 2019 අගෝස්තුවලයි. Gao ව බඳවා ගන්නෙ නොවැම්බර්වලයි. 2020 සැප්තැම්බර්වලදි කතා කොටස් කීපයක අධ්‍යක්ෂණ කටයුතු වෙනුවෙන් Coiro සම්බන්ධ වෙනවා. ඒත් එක්කම Maslany වත් ප්‍රධාන චරිතය වෙනුවෙන් සම්බන්ධ කරගන්නවා. දෙසැම්බර් වෙනකොට Roth සහ Ruffalo නළුවන් විදිහටත්, Anu Valia අධ්‍යක්ෂක කෙනෙක් විදිහටත් සම්බන්ධ වෙනවා. රූගත කිරීම්, 2021 අප්‍රේල් මැද බාගයේදි පටන් අරගෙන Los Angeles සහ Atlanta, Georgia යන ස්ථානවලදි අගෝස්තු මැද බාගය වෙනකන්ම සිදු වෙනවා.

She-Hulk: Attorney at Law විකාශය ආරම්භ කරන්න නියම වෙලා තියෙන්නෙ 2022 අගෝස්තු 18 වෙනිදා ඉඳලයි. මේ කතා මාලාවට කොටස් නමයක් ඇතුළත්. ඔක්තෝම්බර් 13 වෙනිදා අවසාන කොටස විකාශය වෙනවා. ඒ වගේම, මේ Series එක​​ MCU එකේ 4 වෙනි phase එකට අදාළ වෙන අවසාන කතා මාලාවයි.

Tatiana Maslany රඟපාන​ Jennifer Walters නැත්නම් She-Hulk ගේ චරිතය ‘Goodman, Lieber, Kurtzberg & Holliway’ (GLK&H) කියන සමාගමට අයත් නීතිඥවරියක්. ඒ සමාගම අධිමානුෂික අය සම්බන්ධ වෙන පරික්ෂණ වෙනුවෙන් පෙනී සිටින සමාගමක්. පස්සෙ කාලේකදි අත්වැරදීමකින්, Jennifer Walters ට එයාගේ ඤාති සහෝදරයා වෙන Bruce Banner ගේ රුධිරය පර​-සංකලනය වීමක් සිද්ධ වෙනවා. ඒක හින්දා, එයාත් එයාගේ ඤාති සහෝදරයා වගේම අඩි 6 යි අඟල් 7 ක් උස​, බලවත් කොළ පැහැති යෝධ කාන්තාවක් බවට හැරෙනවා. Maslany කියන්නෙ මේ චරිතය අනිත් සුපිරිවීර චරිතවලට හාත්පසින්ම ප්‍රතිවිරෝධි චරිතයක් කියලයි. මොකද, Walters තමන්ට ලැබුණු බලය ප්‍රතික්ෂේප කරන හින්දා. Maslany තවදුරටත් කියන්නෙ Walters ට තියෙන්නෙ හැමෝටම තියෙන විදිහේ ‘දේවල් පිළිගන්නෙ නැති’ මානසිකත්වයක් කියලයි. ප්‍රධාන රචකවරිය වන Jessica Gao ට මේ කතා මාලාව තුළදි ඕන වෙලා තිබුණේ ඉතාමත් සමබර ජීවිතයක් ගත කරපු කෙනෙක්ට සුපිරි බලයක් ලැබුණු එකෙන් සිදු වෙන ශාරිරික වගේම මානසික වෙනස්කම් ගවේෂණය කරන්නයි. මෙම කතා මාලාව වෙනුවෙන් ආදේශකයන් සඳහා ඇත්තම අඩි 6 යි අඟල් 7 ක් උස කාන්තාවක් රූගත කිරීම් වෙනුවෙන් යොදාගෙන තිබෙනවා.​​

එහෙනම් ඊළග සතියේ කොටසින් මුණගැහෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

13 comments

  1. Thanks bro ❤

  2. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  3. Video eka danne nadda

  4. Sameera Sampath
    Cineru_users

    Thanks sub ekata

  5. Thanks for the sub!!!!!

  6. thanks machan

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login