The title of the page
The Broken Hearts Gallery (2020) Sinhala Subtitles
The Broken Hearts Gallery (2020) Sinhala Subtitles
6.1
78
89

The Broken Hearts Gallery (2020) Sinhala Subtitles | “බිදුණු සිත් කලාගාරය” | සිංහල උපසිරැසි සමඟ (16+)

(The Broken Hearts Gallery (2020) Sinhala Subtitles)

*IMDb – 6.1/10

*Rotten Tomatoes – 78%

*Duration – 1h 49m

*Genre – Rom-Com /Romance / Comedy

*Starring – Dacre Montgomery,  Geraldine Vishwanathan, Philipa Soo, Molly Gordon, Taylor Hill, Utkarsh Ambudkar, etc…..

“දෙබස් සහ රූපරාමු කිහිපයක් නිසාවෙන් වයස් සීමාව මගේ අනුමානයට අනුව 16ට වැඩි ප්‍රේක්ෂකයන්ට සුදුසුයි”

මුලින්ම සිනෙරු වෙබ් අඩවියට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා..

ඒ වගේම මෙතෙක් සිනෙරු සමග රැදී සිටිමින් විශාල ප්‍රේක්ෂක ආදරයක් ලබා දෙමින් වෙබ් අඩවියේ පැවැත්මට බොහෝ උපකාර වුණු ඔබ සැමට මෙන්ම තමන්ගේ වටිනා කාලය සත පහක ලාබයක් නොලබා සමාජ සේවයක් වන පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සදහා පුද කළ උපසිරැසි කරුවන් සැමටම, ආර්ටිකල් ලියන්න ශ්‍රමය වැය කළ සහෝදර සහෝදරියන් සැමටත්, වෙබ් අඩවිය නිර්මාණය කර පවත්වාගෙන යන සිනෙරු සහෝදරයන්ටත්, graphic මගින් අපේ සබ් එකට ලස්සන කවර් එකක් හදන අපේ සහෝදර සහෝදරියන්ටත් මගේ හද පිරි ප්‍රණාමය…

😕ෆේස්බුක් එකේ සමහර පේජ් වලින් මේ මහන්සිය අවභාවිතා වුණු සිද්දිත් එක්ක බලාපොරොත්තු කඩ නොකරමින් දිගටම ඔයාලට උපසිරැසි අරන් එන අපේම මිතුරු මිතුරියන් ඔබෙන් රුපියලක්‌වත් අය නොකර තමයි මේ සමාජ සත්කාරය ඔබ වෙනුවෙන් කරන්නේ…

ඉතිං දිගටම අපි එක්ක රැදී ඉන්න…

කතාව පැත්තට හැරෙමු එහෙනම්..

අපේ කතා නායිකාව ලුසී (Geraldine Vishwanathan) ව නම් Blockers, Package වගේ Comedy චිත්‍රපටි නරබලා තියෙනවනම් මතක් වේවි..අපේ ඉන්දියානු Netflix දුබුරු ළමිස්සි මේ වෙද්දී සෑහෙන ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වී හමාරයි..මේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට අනුග්‍රහය දීලා තිබුනෙත් ඇමෙරිකානු ගායිකා හා රංගන ශිල්පී Selena Gomez වුණ එක මේ චිත්‍රපටය ගැන පල වුණු තවත් විශේෂ කාරණයක්.

Broken Hearts Gallery හෙවත් බිදුණු සිත් කලාගාරය/ගැලරිය අරන් එන තේමාව හරි රසවත්..

ලුසී කියන්නේ හරි විනෝදකාමී කෙල්ලෙක්..තමන්ගේ සිත් බිදුණු එනම් Breakup වුණු ආදර සම්බන්දතා වල මතක සටහන් එකතු කරගන්න එක මෙයාගේ පුරුද්දක්..හොද හොද මතක සටහන් තියෙනවා 😹

ඉතිං කතාවට අනුව දැන් ලුසී ආදර සම්බන්දයක් ඇති කරන් ඉන්නේ මැක්ස් එක්ක..මිනිහා ගැන අවබෝදයක් චිත්‍රපටය බලද්දී ඔයාලට ලැබෙයි..ඉතිං මැක්ස් සහ ලුසී දෙන්නම රැකියාව කරන්නේ woolf කියන කලාගාරයේ..නොහිතපු අවස්ථාවක මැක්ස් එයාගේ කලින් පෙම්වතිය එක්ක ආයේ සම්බන්දයක් පටන් අරන් ලුසීට බූට් එක තියනවා..

හිතේ අමාරුවෙන් ඉන්න ලුසී හොදටම බීලා සාදයත් කාබාසිනියා කරලා රස්සාවත් නැති කරගෙන ඇවිත් නගිනවා නික්(Dacre Montgomery) ගේ කාර් එකට ඒකත් වෙරි විකාරෙන්. අහම්බෙන් හම්බවෙන මේ ජෝඩුව අන්තිමට සිත් බිදුණු ගැලරි එකේ පළවෙනි කොටස් කරුවෝ වෙනවා..

මොකක්ද මේ Broken Herats Gallery එක? මොනවාද ඒකෙ තියෙන්නේ? ලුසීගේ මේ පුරුද්දට පුළුවන් වෙයිද අනාගතය සාර්ථක කරන්න? ලුසීගේ පළවෙනි breakup එක කවුද? ඒ කොල්ලෙක් නම් නෙමේ…නික් ලුසීට ආදරේ කරාවිද?

මීට අමතරව ගොඩක් ආතල් තියෙනවා..ඒ වගේම ආදරේ හා සංවේදීතාව…උත්සාහය..හීන..

මේ හැමදේම කැටි වුණු 2020 වසරේ නිකුත් වුණු මේ චිත්‍රපටය අනිවාරෙන්ම නරබන්න..

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

7 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට Love (2015) ෆිල්ම් එකටත් සබ් කරන්නකො

  2. තෑන්ක්ස් සබට සිස්

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    —wish you Happy new year—!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login