The title of the page
The Boys Sinhala Subtitles
The Boys Sinhala Subtitles
8.7
92
93

The Boys (2022) S03E08 [END] Sinhala Subtitles | “අවසන් මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ

(The Boys (2022) S03E08 [END] Sinhala Subtitles) (The Boys (2022) S03 Sinhala Subtitles) (The Boys S03 Sinhala Subtitles) (The Boys S3 Sinhala Subtitles) (The Boys Sinhala Subtitles)

කොහොමද යාළුවනේ ඔන්න ඔයාල ආසාවෙන් රැදුන කතාමාලාවක තුන්වෙනි කතාසමයේ අවසානයට ඇවිත් ඉන්නෙ…

ඉතිං The Boys මම නම් පළවෙනි කතා සමයන් දෙකම බලල තිබ්බෙ නෑ…අංජුල අයියගෙ ආරාධනයෙන් තමා මම මේ කතාසමය බාරගත්තෙ…ඉතිං සබ කරද්දී සමහර හේතු නිසා මට පරක්කු වුනා…සමහරවිට ඔයාල ඉවසන්න බැරුව සබ් නැතුව බලන්න ඇති,ඒකට සමාවෙන්න ඕන.

ඇරත් මේ ගොඩක් එපි වල දාහකට ආසන්න ලයින් සංඛ්‍යාවත්,ඒ වගෙන් සමහර දෙබස් වල තිබ්බ ගැඹුරු වචන ඒව අනික් පැත්තට පරිවර්තනය කරොත් එන්නෙ වෙන තේරුමක්,ඉතිං ඒ වෙනුවෙන් අපිට තේරෙන විදිහට ඒක පරිවර්තනය කරන්න ටිකක් හිතන්න වුන අවස්ථා,ගූගල් එකේ සැරි සරපු අවස්ථා ශබ්ද කෝෂ පරික්ෂා කරපු අවස්ථා ගොඩක් තිබ්බා 😊මොකද සබ් කළාට මම ඉංග්‍රීසි ප්‍රවීණයෙක් නොවන නිසා.ඇරත් ඒ දේවල් ගොඩක් අධ්‍යාපනික වුනා ඒ සිනෙරූ එකටයි ඔයාලටයි පින් සිද්ධ වෙන්න තමා 😍

හරි පම්පෝරි ගැහුව ඇතිනෙ,කාලෙකින් ලිපියකින් ලොකු දෙයක් කියන්න බැරිවුණ නිසයි ඔය කියෙව්වෙ 😁.

ඉතිං සුබ ආරංචිය නම් මේ කතාමාලාව හතරවෙනි කතාමාලවක් දක්වා දික් කරල.ඒක Later 2023 වගේ වේවි,ආ සැනින් සිනෙරූ ඔයාලට සබ් එක නිසැකවම සපයාවි,මම දෙයිද කියල නම් දන්නෙ නෑ ඉතිං කවුරුහරි දෙයි😁


Season 4 පිළිබද The Boys නිල ට්විටර් පිටුවේ සටහන.

ඉතිං අද කතාවට යමු.

සෝල්ජර් බෝයි දැන් ඉන්නෙ එයාගෙ කණ්ඩායමේ සාමාජිකයො දඩයමේ මොකද එයාගෙ කණ්ඩායම එයාට ද්‍රෝහි වුන නිසා.මේ අස්සෙ සෝල්ජර් බෝයිට අහන්න ලැබෙනවා හෝම්ලෑන්ඩර් කියන්නෙ තමන්ගෙම ලෙයින් ඉපදුණ දරුවෙක් කියල.ඒක තමා අපිට ගිය කතාවෙ අන්තිමට දැනගන්න හම්බවෙන්නෙ.ඉතිං අද කතාව ඒ ඔස්සේ යයි බුචර්ට එයාගෙ අරමුණ වෙන සෝල්ජර් බෝයි පාවිච්චි කරල හෝම්ලෑන්ඩර් මරන එකට සෝල්ජර් බෝයි ගෙ ලේ නෑකම හරස් වෙයිද?හෝම්ලෑන්ඩර් මැරෙයිද?අවසානය කොහොම වෙයිද?

ඉතිං ඔයාලම බලන්න.කතාව වෙනම විදිහකට හැරෙයි.

එහෙනම් අදට මම යනවා,යන්න කලින් කියන්න ඕන මේ කතාමාලාව ඔස්සේ රැදී හිටපු ඔයාලට මගේ සබ් ගැන කියන්න තියෙන්නෙ මොනාද,සබ හොඳයි ද,මොනාවත් අඩුපාඩු දැක්කද,දැක්ක නම් කියන්න ප්‍රශ්නයක් නෑ,ඒ මොනාහරි කියල කොමෙන්ට් එකක් දාගෙන යන්න.

එහෙනම් මම ගියා,ඉක්මනින් ම තවත් සබකින් හම්බවෙමු.

ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

12 comments

  1. Sub ta thnx bro

  2. Sub ek denkn idiye boza adu paduwk danunenm na thank you bn sub ekt 😍

  3. Ade gammak thama

  4. Thnkz for sub bro. balagena hitiye

  5. Thx sub ekata 🔥🔥🔥

  6. Gotabaya Rajapaksha

    අලි මදිවට හරක් වගේ වැඩක් බුචර්ට උනේ 😂

  7. Thanks 🙏

  8. Thanks Brother…The Boys kiyanne pissuwak thamai ithin …😎

  9. umbrella academy s3 sub dennko

  10. Aravinda Fernando

    බොහොම ස්තූතියි මචංලා…..

  11. සීසන් එක පුරාවටම උපසිරැසි ගෙනාවට ස්තූතියි සහෝ… කරන කියන සියලුව වැඩ කටයුතු සාර්ථක වේවා…✌️❤️😍

  12. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login