The title of the page
2.5
51

The Blood Flower (2022) Sinhala Subtitles | ” මලෙන් ගලන්නා වූ රුධිරය” | සිංහල උපසිරැසි සමඟ

” මලෙන් ගලන්නා වූ රුධිරය “

 

ආයුබෝවන් හැමෝටම….
අද මම ගෙනාවෙ කවුරුත් ආස කරන Horror / Fantasy / Mystery කියන කැටගරි වලට අයත් චිත්‍රපටයක් මේක නමින්නම් The Blood Flower  මෙම චිත්‍රපටය ඔයාලා හිතනවා වගේ ඉන්දියන්වත් ඉංග්‍රීසියෙන්වත් නෙවෙයි මේක යන්නෙ මැලේ භාශාවෙනුයි..

මේක Disney ± Hostar හරහා පසුගිය පෙබරවාරි 16 වෙනිදා තමයි මේක ලොව වටා නිකුත් වුනේ ඉතින් හිතාගන්න පුලුවන්නේ කොහොමට ඇතිද කියලා මුලදි සංකීර්ණයි වගේ පෙනුනට අග බලද්දි මොකක්ද මේ උනේ කියලා හිතාගන්නවත් බැරි කුතුහලයක් දනවන චිත්‍රපටයක් මේක ඉතින් මේ අලුත්ම මැලේ Horror  ෆිල්ම් එක කොහොමද කියලා බලලා මැලේ චිත්‍රපටයක අත්දැකීමක් අරන් බලන්න කියලා මම කියනවා සාමාන්‍ය හොලිවුඩ් චිත්‍රපටකට වඩා වෙනස් සුපිරියටම බය හිතෙන සුපිරිම චිත්‍රපටයක් කියන්න පුලුවන් …

ඒනම් කතාව පොඩ්ඩක් පැහැදිලි කරන්නම්…

ඩීනා කියන්නෙ යකදුරුවරියක්  ඉතින් එයාගෙ මහත්තයායි ලොකු පුතායි පොඩි දුවයි මෙයාලා ඔක්කොම යනවා යක්ශයෙක් ආවෙශ උනු කෙල්ලෙක්ට උදව් කරන්න එතනදි උනු වැරදීමකින්  ඩීනා මැරෙනවා ඩීනාගෙ සහජ හැකියාවන් ඒ විදිහටම එයාගෙ පුතාටත් පිහිටලා තියෙනවා එයාට යක්ශයොන්ව පේනවා ඇහෙනවා එයාගෙ අම්මට වගේම හැබැයි එයාට ඒවා පාලනය කරගන්න බැරි නිසාමයි එයාගෙ අම්මට උනු දේ දැකලයි එයා ඒ ශක්තීන්ට වැඩි ආසවක් දක්වෙන්නෙ නෑ ඒ නිසා එයා බල ඔක්කොම අයින් කරනවා….

 ඩීනගෙ මහත්තයට(නෝමන්ට) ලමයි දෙන්නව බලාගන්න වගකීම පැවරෙන්නෙ මේ නිසා නෝමන් පිරිමි සම්බාහනය කරන්න තෝරගන්නවා දවසක් නෝමන්ට එයා ඉන්න මහල් නිවාසෙම සේවාදායකයෙක් හම්බෙලා ඒ පුද්ගලයා නෝමන්ට වැඩක් පවරනවා මුදල් දීලා එයා ආපහු එනකන් එයාගෙ ගෘහස්ථ මල් වගාව බලාගන්න කියලා එතන ටිකක් අමුතු දේවල් වෙනවා එතන ඉඳන් තමයි දේවල් වෙන්න පටන් ගන්නෙ එතනින් එහාටනම් මුකුත් කියන්නෙ නෑ මේ අලුත්  සුපිරි හොරර් ෆිල්ම් එකක් බලලාම ඉතුරු ටික දැනගන්න සබට කමෙන්ට් එකකුත් දාන් යන්න .

බුදු සරණයි ඒනම්….
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් දිල්මිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් දිල්මිත්

October 7, 2022


13
Total Subtitles

One comment

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සිතුම් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login