The title of the page
Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles
Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles
6.8
69
83

Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles | “දෛවයේ චාරිකාව” | සිංහල උපසිරැසි සමඟ

(Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles) (Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitle) (Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Sub) (Indiana Jones and the Dial of Destiny Sinhala Subtitle) (Indiana Jones Sinhala Subtitle)

කොහොමද ගායිස් අදත් ඉතින් මං සුපුරුදු විදිහටම අලුතින්ම අද නිකුත්වුණ සුපිරි ෆිල්ම් එකක් අරගෙනයි ආවේ. මං කරන ෆිල්ම් බලන අය නම් දන්නවා මං හැමදාම අලුතින්ම එන සුපිරි ගණයේ ෆිල්ම් ආපු දවසෙම දෙනවා කියලා. ඒක මේ මැජික් එකක්වත් නැතුව ගූගල් ට්‍රාන්ස්ලේට් කිරිල්ලක්වත් නෙවෙයි. මොකද ඒක නොදන්න අය එහෙම හිතන්න පුලුවන් වගේම දන්න අයත් සමහර නොදන්න අයට බොරු ප්‍රචාර කරලා මඩ ගහන්න බලනවා. මෙහෙම ඉක්මනින් දෙන්නේ කැම් පිටපත් වලට කල්තියා සබ් කරල කියලා ඔන්න අදත් මුලින්ම මතක් කරනවා. හරි අපි අද ෆිල්ම් එකට යමු එහෙනම්,

ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපට මාලාව කියන්නේ ලෝකේ පුරාම ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්ත චිත්‍රපට මාලාවක්. ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකයෙක් වෙන George Lucas සහ සුප්‍රසිද්ධ Steven Spielberg විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපට මාලාව පුරාවිද්‍යාව, ඉතිහාසය සහ ක්‍රියාදාම මිශ්‍ර වුණ අනර්ඝ ගණයේ නිර්මාණයක්.Harrison Ford විසින් රඟපාන මෙහි ප්‍රධාන චරිතය වෙන ආචාර්ය හෙන්රි “ඉන්ඩියානා” ජෝන්ස් ජූනියර්, චරිතය ලොව පුරා නරඹන්නන් අතර ඉහළම තැනක ඉන්නවා.


එදා සහ අද

1.Raiders of the Lost Ark (1981)

Indiana Jones and the Raiders of the Lost Ark (1981) - IMDb
1930 ගණන්වල පසුබිම් වූ මේ චිත්‍රපටය අපිට මුලින්ම ඉන්ඩියානා ජෝන්ස් කියලා පුරාවිද්‍යාඥවරයෙක්ව හඳුන්වලා දෙනවා. දකුණු ඇමරිකාවේ වනාන්තරවල ඉදලා ඊජිප්තුවේ කාන්තාර දක්වා අපිව මේ චිත්‍රපටියෙදි අරගෙන යනවා.

2.Indiana Jones and the Temple of Doom (1984)

Indiana Jones and the Temple of Doom (1984) - IMDb
ඉන්දියාවේ ආගමික ඇදහිල්ලකට විරුද්ධව සටන් කරන මේ කතාව අපිටත් වැදගත්කමක් තියෙනවා. මොකද චිත්‍රපටියේ සමහර දර්ශන ලංකාවේ රූපගත කරලා තියෙනවා වගේම ජේෂ්ඨ ලාංකීය නලු නිළියන් කීපදෙනෙක්ම රංඟනයෙන්ද දායක වෙනවා. විශේෂම දේ වෙන්නේ සිංහල දෙබස් කීපයක්ද අඩංගුවෙන එක

3.Indiana Jones and the Last Crusade (1989)

Indiana Jones and the Last Crusade (1989)
අපේ වීරයාගේ චරිතයේ තාත්තාව දැකගන්න අපිට මේ චිත්‍රපටියෙන් හැකියාව ලැබෙනවා. තවත් ශ්‍රේෂ්ඨ වික්‍රමාන්විත ගමනක් මේ චිත්‍රපටියෙන් දැකගන්න පුලුවන්.

4.Indiana Jones and the Kingdom of the Crystal Skull (2008)

Indiana Jones and the Kingdom of the Crystal Skull (2008) - IMDb
අවුරුදු 19කට ආසන්න දිග විරාමයකින් පස්සේ අපේ ඉන්ඩියානා ආයෙත් කරලියට එනවා. 1950 ගණන්වල පසුබිම් වූ මේ චිත්‍රපටය පළිඟු හිස් කබල් පිළිබඳ පුරාවෘත්තයක් ගැන කතා කරනවා.

අවුරුදු ගාණක කතා බහකට පස්සේ ආයෙත් අවුරුදු 15කින් Indiana Jones ආයෙත් මතුවෙනවා 2023දී.

5.Indiana Jones and the Dial of Destiny (2023)

Indiana Jones and the Dial of Destiny (2023) - IMDb

අද අරගෙන ආව අලුත්ම Indiana Jones ෆිල්ම් එක තමා මේ. දැන් නම් අපේ නලුවා සෑහෙන්න වයසයි. දැක්කම හරි අමුතුයි මුල ඉඳලම Indiana Jones රසිකයෝ වුණ අපිට. ඒත් ඉතින් කාලය බලපුවාම සාමාන්‍ය දෙයක් නේ. පලවෙනි ෆිල්ම් එක රිලීස්වෙලා දැනට අවුරුදු 42කට ආසන්න කාලයක් වෙනවනේ. මං මුලින්ම හිතුවෙ දැන් වයසත් නිසා ෆිල්ම් එකේ ලොකු දෙයක් නැතිවෙයි අලුතින් එන හැම ෆිල්ම් එකක් වගේම වෙයි කියලා. ඒත් බැලුවාම තමා තේරුනේ මං සම්පූර්ණෙන්ම වැරදි කියලා. වයස අදාල නෑ කතාවට. සුපිරිම ස්ටෝරියක්.ආයේ කියන්න දෙයක් නෑ පරණ Indiana Jones ෆිල්ම් වල තිබ්බ ඒ ගැම්ම ඒ විදිහටම තියෙනවා.

කතාව කියන්නේ නෑ ඒක ඔයාලගේ රසවින්දයනට බාධාවක් නිසා. කමෙන්ට් එකක් දාලා සබ් එකයි ෆිල්ම් එකයි පහළින් අරන් බලලා රසවිදින්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා.

අන්තිමට කියන්න තියෙන්නේ Indiana Jones වගේ කතාවක් ආයේ නිර්මාණය වෙන්නේ නැතිවෙයි. හුඟාක් දුරට ආයේ Indiana Jones ෆිල්ම් එකකුත් එන්නේ නැතිවෙයි. ඉන්ඩි සඳහටම අපේ හදවතේ පුරාවිද්‍යාඥයා වේවී.

අලුත් උපසිරැසියකින් හම්බෙමු. ඔයාලට ජය !!!

…උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

12 comments

  1. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  2. හේමන්ත

    ස්තුතියි සුපුන්….
    කාලයට මහන්සියට දැනුම බෙදා ගැනීමට….
    ජයවේවා…

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    අලුතින්  නිකුත්වෙන චිත්‍රපට වලට ගුණාත්මක උපසිරසි
    ” සිනෙරු “………………………..සුපුන්…………………………!!

  4. සබට තෑන්ක්ස් සගෝ…🧡

  5. Thanx for sub..❤️❤️❤️
    Boogeyman 2023 sub plz

  6. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  7. Chamara Fernando

    Thanks for sub

  8. The boogeyman 2023 subtitles please

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    One Piece (TV Series 2023)
    IMDb
    Rating: 8.6/10 · ‎7,838 votes

    Kawru hari pinwathek mekata sub dennako….!!!!!!!!!!!!!!!!

  10. Thanks for the sub!!

  11. Thanks for subtitle

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login