The title of the page
The Adam Project (2022) Sinhala Sub
The Adam Project (2022) Sinhala Sub
7
69
95

The Adam Project (2022) Sinhala Subtitles | ”කාල තරණය” | සිංහල උපසිරැසි සමඟ

(The Adam Project (2022) Sinhala Subtitles) (The Adam Project (2022) Sinhala Sub)

කොහොමද යාලුවනේ.. ඔන්න අද අරගෙන ආවේ ඊයේ Netflix හරහා නිකුත් වුන අලුත්ම Sci-Fi/Adventure ෆිල්ම් එක වෙන “The Adam Project”. දන්නවනෙ නලුවා කවුද කියලා. Rayan Reynolds තමා මේකේ ප්රධාන චරිතය රඟදක්වන්නේ. (ඔව් ඔව් ඩෙඩ්පූල් තමා 😂) ඉතින් රයන් ඉන්නවා නම් ෆිල්ම් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැ අනිවා සුපිරියක් කියලා ඔයාලා දන්නවනේ.. රයන්ට අමතරව Mark Ruffalo, Jennifer Garner අයත් ප්රධාන කාස්ට් එකේ ඉන්නවා..

Film එක අධ්යක්ෂණය කරන්නේ Night at the Museum, Love and Monsters ෆිල්ම් අධ්යක්ෂණය කළ Shawn Levy. ඒ වගේම Ryan Reynolds නිෂ්පාදකවරයෙක් ලෙසත් සහය දක්වලා තියෙනවා.

ෆිල්ම් එක සුපිරි වගේම මේ සබ් එක මට හුගාක් විශේෂයි.. මොකද මේක තමයි මගේ උපසිරැසි ජීවිතයේ පළවෙනි කඩයිම.. ඒ කියන්නේ 50 වෙනි උපසිරැසි නිර්මාණය.. කියන්න වචන නෑ මාරම සතුටුයි.. සිනෙරූ එකට දැන් මං සම්බන්ධ වෙලා අවුරුදු එකහාමාරකට ළංවෙනවා.. වැඩ අස්සේ ඉතින් ටිකක් කල්ගියා මේ කඩයිමට එන්න.. ඊළඟ කඩයිමටවත් ඉක්මනින් එන්න බලන්නම් 😂

සමිතේ, අංජුල,මදුවා ඇතුළු හැමෝමව ආදරෙන් මතක් කරනවා.. මදුවා සහෝ තමා මුලින්ම මට වැඩේ කියලා දුන්නේ.. මේ ෆිල්ම් එකට කවරයක් හදලා දුන්න අශේන් සහෝදරයාටත් ස්තුති කරන්න ඕන.. ඒ වගේම සබ් එක ඩවුන්ලෝඩ් කරන් කමෙන්ට් එකක් දාලා යන ඔයාලටත් හුගාක් ස්තූතියි.. මොකද ඔයාලගේ කමෙන්ට් තමා අපේ හයිය.. අපිට වෙන ලබෙන දෙයක් නෑනේ.. ඒක තමා ආත්ම තෘප්තිය..

හරි දැන් ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් බලමුකෝ අපි, කතාව ගැන කියනවා නම් මේක ටයිම් ට්රැවල් සීන් එකක් තමා තියෙන්නේ. තමන්ගේ තාත්තගේ අකල් මරණය නිසා දුක්වෙන අවුරුදු 12ක් වයස ඇඩම් රීඩ්ට දවසක් ගෙදර ගරාජ් එකේ හැංඟිලා ඉන්න තුවාලකාරයෙක් හම්බෙනවා. ඇත්තටම මෙයා තුවාල වුණ ගුවන් නියමුවෙක්. පුදුම හිතෙන කතාව කියන්නේ මේ ඇවිල්ලා ඉන්නේ ඇඩම්ගේ අනාගතේ වර්ෂන් එක. ඔන්න ඔහොම තමා කතාව පටන්ගන්නේ.

මීට වඩා මං කතාව කියන්නේ නැ මොකද එතකොට වැඩක් නෑනේ.. ඔයාලම අරන් බලන්නකෝ.. මතක් කරලා පහළින් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න කියලා ආදරෙන් ඉල්ලනවා.. ඒ වගේම මේක Sci-Fi ෆිල්ම් එකක් නිසා සමහර විද්යාත්මක වචනවල අඩුපාඩු තියෙන්න පුළුවන්.. ඒවට සමාව ඉල්ලනවා.. ආයෙම ලස්සන ෆිල්ම් එකක සබ් එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්.. ඔයාලට ජයවේවා!!

උපසිරසිකරණයේ නවමු රැල්ල සිනේරු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


79
Total Subtitles

28 comments

  1. Kavindu Nethmina

    Sub ekata thanks bro..thawath supiri film ekaka sub ekak denna.
    50 වෙනි උපසිරැසියට congratulations bro 🎊 🎊

  2. Sulakshana Thilakarathna

    සුබ පැතුම් කඩයිම නියම කතාවකින් සම්පූර්ණ කල ඔබට, කිසිම ලාබයක් නොලැබ අපිට කරන මේ සේවාව ඉතාමත් අගය කොට සලකනවා,, ජය වේවා ඔබට ✌️✌️

  3. Thanks bro sub ekata.

  4. Congrats bro ur 1st target

    me movie ek ei kiyala balan hitiye tnx

    cineru love you

  5. Thanks bro, wish u all the best

  6. Congratulations Brother for your 50th Sub
    Good Luck

  7. Turning Red එකේ සබ් එකත් ඕනෙ.

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    50* වෙනි සබ් එකට සුභපැතුම් සුපුනා.. 100* ගහමු ජයවේවා!! සෙල්ලන් නැහැ 50*ට දුන්නු සබ් එක ගැම්මක් ඈ ආදරෙයි 👌❤

  11. ස්තුතියි සහෝ.. දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා 🙏

  12. Thanks brother

  13. Thanks sagoo..Fresh (2022) Filumatath sub onaa..

  14. 50ට සුබ පැතුම් සගෝ…🧡🧡

  15. Sub ekata thanx

  16. දෙනකම් බලන් ඉදියේ🔥🔥🔥
    Thank You Bro🔥🔥🔥
    50 වෙනි සබ් එකට සුභ පැතුම්❤️

  17. Thanx saho

  18. DOG 2022 sub dennko

  19. Pattaaaaaaaa

  20. සබ් එකට ස්තුතියි..සබ් ඉක්මටන දෙන්නෙ දැන් උබලා..ජය වේවා

  21. බොහොම ස්තූතියි සහෝ
    කය වේවා!

  22. the amazing spider man 1 weni ekei 2 weni ekei sub eka and

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

  23. the amazing spider man 1 weni ekei 2 weni ekei sub eka and

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා❤

  24. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට

  25. Thanks for the sub!!!!!!

  26. Tnx for sub.Great job.Good luck…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login