The title of the page
The Accidental Prime Minister 2019 Sinhala Sub
The Accidental Prime Minister 2019 Sinhala Sub
6
20
81

The Accidental Prime Minister (2019) Sinhala Subtitles | අහඹු අගමැති | සිංහල උපසිරැසි සමඟ

(The Accidental Prime Minister (2019) Sinhala Sub) ඉන්දීය දේශපාලනයේ නොමැකෙන සලකුණක් වන හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේශපාලන ජීවිතය අළලා නිමැවුණු ‍කලා කෘතියක් වන මෙය පාදක වන්නේ Sanjaya Baru ලේඛකයාගේ The Accidental Prime Minister: The Making and Unmaking of Manmohan Singh කියන කෘතිය ඇසුරෙන්. 90 දශකයේ අග භාගයේදී ආචාර්ය මන්මෝහන් සිං ව හඳුනා ගන්නා ඔහු එතුමාගේ දේශපාලන ගමනේ තීරණාත්මකම අවධියේදී ආචාර්ය සිං ව ඉතාමත් ළඟින් ඇසුරු කරනවා. එතුමා‍ගේ නිල මාධ්‍ය උපදේශක ලෙසින් සේවය කරන ඔහු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ගේ ප්‍රතිරූපය කෙරෙහි කෙතරම් බලපානවාද යන්න මෙම චිත්‍රපටයේ අන්තර්ගතය තුළින් මනාව පැහැදිලි වෙනවා.

ලොව දෙවෙනි විශාලතම ජනගහණයක් ඉන්න විශාල රාජ්‍යයක අහම්බෙන් වගේ අගමැති තනතුරට පත් වෙන්න ලැබෙන එක ඇත්තටම වාසනාවන්ත දෙයක්. ඒත් ඒ වාසනාව තුළ ආචාර්ය සිං ට මුහුණ පාන්න වෙන අභියෝග නම් සුළුපටු නෑ. ලෝක දේශපාලනය ගැන උනන්දු අයට ‍නම් මේක හොඳ අත්දැකීමක් වේවි.

මෙය ගිය වසරේ ජනවාරි 11 වන දින තිරගත වූ අතර පළමු දිනම බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ඉන්දීය රුපියල් මිලියන 45 ක ආදායමක් වාර්තා කළා. සති දෙකක් තුල එය රුපියල් මිලියන 305 කට අධික වාර්තාගත ආදායමක් බවට පත් වුණා. එමෙන්ම ලොව පුරා ඉන්දීය රුපියල් මිලියන 948.5(ඇමරිකානු ඩොලර් මිලියන 13) ක ආදායමක් ලැබුවා. ආචාර්ය මන්මෝහන් සිං ලෙස සම්මානනීය නළු අනුපම් ඛේර්, මාධ්‍යවේදී සංජය බාරු ලෙස අක්ෂය ඛන්නා, සෝනියා ගාන්ධි මැතිණිය ලෙස සුසේන් බර්නර්ට් හා රාහුල් ගාන්ධි ලෙස අර්ජුන් මාථූර් මෙන්ම තවත් විශාල පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මෙහි වෙස් ගැන්වීම්(make-up) ඉතාමත් විශිෂ්ටයි කියලයි මට නම් හිතෙන්නෙ. විශ්වාස කරන්න පුළුවන්ද බලන්නකො චිත්‍රපටයේ ආචාර්ය සිං ඇත්තටම අනුපම් ඛේර් ම ද කියලා…

එහෙනම් ඔයාලත් බලන්නකො අපේ අල්ලපු රටේ එක්තරා පුරාවෘතයක් වුණු ආචාර්ය මන්මොහන් සිං ගේ නොකී කතාව…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සිස්.

    හැකිනම් PM Narendra Modi – 2019 ෆිල්ම් එකටත් සබ් දෙන්න පුලුවන්ද?

  3. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සිස්.

    හැකිනම් PM Narendra Modi – 2019 ෆිල්ම් එකටත් සබ් දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login