The title of the page
3.6
65

Dangerous (2020) S01 E04-E05 Sinhala Subtitle | අවසානයට පෙර | සිංහල උපසිරැසි සමඟ

Mx player

ස්මාර්ට් phone එකක් තියෙන ඕනම කෙනෙක් දන්න ඇප් එකක්. ලෝකේ තියෙන අංක එකේ වීඩියෝ ප්ලේයර් එකක්. ඉතිං දැන් මේ වීඩියෝ ප්ලේයර් එකෙන් කරන්න පුළුවන් අපි ඩවුන්ලෝඩ් කරන ෆිල්ම් වීඩියෝ බලන එක විතරක් නෙවි. දැන් එයාලාම ආරම්භ කල mx original කියන digital platform එක හරහා එයාලා web series release කරන්න පටන් අරන් තියෙන්නේ . Netflix amazon වගේ platforms හරහා එයාලා රිලිස් කරන චිත්‍රපට web series බලන්න මුදල් ගෙවන්න වුනත්. Mx ලා web series රිලීස් කරන්නේ සම්පූර්ණයෙන් නොමිලේ. දැන් අහන්න එපා එයාලා ආදායම් ලබන්නේ කොහොමද කියලා . ඒක කාටත් ප්‍රශ්නයක් තමයි. ඒ ගැන පසුවට කතා කරමු.

මේ කියන්න යන්නේ mx ලා රිලිස් කරපු අලුත්ම වෙබ් සීරිස් එක ගැන.

Dangerous තමයි අද අලුයම නොමිලේම රිලීස් කරපු වෙබ් සීරිස් එක. ඉතිං මේක සුවිශේෂී එකක් වෙනවා. හේතුව මේ තමයි mx ලා ලෝකේ නම දිනාගත්ත නිලියක් යොදාගෙන කරන පලවෙනි සීරිස් එක. ඒ තමයි කවුරුත් දන්න. හින්දි සිනමාවේ සරාගිම නිලියන් අතර ඉදිරියෙන්ම ඉන්න බිපාශා බාසු. එයා ගැන කාටවත් අමුතුවෙන් ⁣කියන්න ඕන නෑනෙ . ඉතිං එයාගේ පලවෙනි වෙබ් සීරිස් එක තමයි මේක.
බිපාශාට අමතරව මෙහි ඇගේ සැමියා වන කරන් සිං ග්රෝවර්ද ප්‍රධාන චරිතය නිරූපණය කරනව. තවත් අලුත් මුහුණ ටිකක් මේ සීරිස් එකෙන් අපිට බලාගන්න පුළුවන් .

ත්‍රිලර් වර්ගයේ නිර්මාණයක් වන මෙය ඒ තරම් දිග එකකුත් නෙවි. ඒ නිසා කවුරුත් කැමති වෙයි කියලත් හිතෙනවා. ඒ වගෙම මේ නිර්මාණය වැඩිහිටියන්ට පමණයි ලේබලයෙන් නිකුත් වන බවත් කිව යුතුමයි.

ඉතිං සුපිරිම ත්‍රිලර් නිර්මාණයක් කියලා කියන්නේ නෑ . නමුත් mx ලා මීට පෙර කරපු නිර්මාණ වලට වඩා හොඳම සීරිස් එක මේක කියලා නම් කියන්න පුළුවන් .

මෙහි රචනය කවුරුත් දන්න අධ්‍යක්ෂකවරයකු වන වික්‍රම් භාට් කරද්දි. බූෂන් පටේල් මෙහි අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඒ වගේම මෙහි වැඩිහිටි දර්ශන නම් බහුල බව කිව යුතුයි. ඒ නිසා අවුරුදු දහ අටට වැඩි අය බලනවනම් හොඳයි කියලා හිතනවා.

කතාව ගැන මුකුත් කියන්නේ නෑ . මොකද ත්‍රිලර් නිර්මාණයක රසය කුතුහලය නැතිකරගන්න ඕන නෑනේ. ඉතිං පලවෙනි එපිය බලලම අපි ඉදිරි එපි වලදි කතාව ගැන කතා කරමු .හාද

එහෙනම් බිපාශා අක්කා කාලෙකට පස්සේ පෙන්වන වැඩකිඩ බලලාම හමුවෙමු

මධුශංඛ ලියනගේ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

One comment

  1. Thanks jayawewa…..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login