The title of the page
Thattassery Koottam Sinhala Subtitle
Thattassery Koottam Sinhala Subtitle
5

Thattassery Koottam (2022) Sinhala Subtitles | “තට්ටාසේරි කල්ලිය” | සිංහල උපසිරැසි සමඟ

(Thattassery Koottam (2022) Sinhala Subtitles) (Thattassery Koottam (2022) Sinhala Subtitle) (Thattassery Koottam Sinhala Subtitle) (Thattassery Koottam Sinhala Sub)

සුභ අළුත් අවුරුද්දක් වේවා! සියලු දෙනාටම.. ඒ වගේම සුභ සංවත්සරයක් වේවා! කියලත් ඇඩ්මින් මඩුල්ලට සුභ පැතුම් එක් කරනවා..

මලයාලම් දෙවැනි උපැසිරැසියත් අරගෙනයි අද මම ඔයාලව හම්බෙන්න ආවෙ. විශේෂයෙන්ම කියන්න ඕන සිනෙරූ වෙබ් අඩවිය පටන් ගෙන 2023 අප්‍රේල් 14 වෙනිදට අවුරුදු 4 ක් වෙනවා, ඒ වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් එකතු කරන්න මේක අවස්තාවක් කර ගන්නො.පළවෙනි උපැසිරැසිය කරාට පස්සෙ ඔයාලගෙ අදහස් දැක්වීමත්, මලයාලම් ෆිල්ම් බලන ලංකාවෙ අය හදපු ෆේස්බුක් ගෲප් වල එහෙම මම සබ් එක කරපු ෆිල්ම් එක ගැන දාල තියන කොට හිතට ගොඩක් ලොකු සතුටක් දැනුනෙ.ඔයාල දක්වන අදහස් එක්ක තමයි අපිට ඉස්සරහට යන්න හයියක් ලැබෙන්නෙ. ඒ වගේ මම හදපු උපැසිරැසිය නවකයෙක් කියල සළකන්නෙ නැතුව වෙබ් සයිට් එකේ පළ කරපු සිනෙරූ වෙබ් අඩවියටත් ස්තුතිවන්ත වෙනවා. කතා ඇති අපි යමු අද ගෙනාපු ෆිල්ම් එක පැත්තට.

IMDB දර්ශකයෙ 5 ක් වගේ ටිකක් අඩු අගයක් ලබා ගත්තත් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි තට්ටාසේරි කූට්ටම් කියන්නෙ. නමින් කිවුවට ඔයාල කවුරුත්ම වගේ දන්නෙ නැති වුනත් මලයාලම් ෆිල්ම් බලන අය නම් දන්න නළුවෙක් මේන් රෝල් එක කරන්නෙ ඒ නමින් අර්ජුන් අශෝකන්. සුපර් ශාරන්‍යා බලපු අයට මතක ඇති. ඒ වගේම මේ ෆිල්ම් එක නිශ්පාදනයෙන් දායක් වෙලා තියෙන්නෙ මලයාලම් ප්‍රවීණ නළුවෙක් වෙන දිලීප් විසින්. ඒ වගේම ෆිල්ම් එකෙත් අපිට එයාව දකින්න පුළුවන්. මලයාලම් ෆිල්ම් බලන අය ගොඩක් අය දන්න කේරලේ සබරිමාලා කෝවිලත් මේ කතාවට සම්බන්දයි. කතාව මුල් ටික සබරිමාලා වලින් පටන් අරන් තට්ටාසේරි වලට එක පාරටම යන නිසා පොඩ්ඩක් අපැහැදිලි වගේ දැනුනත් ඒ ඔක්කොම ෆිල්ම් එකේ අවසානෙට සම්බන්දයි. ඒක නිසා එක පාරටම මොන විකාරයක්ද කියල සමහරුන්ට හිතෙන්නෙ පුළුවන් ඒකයි මම ඒක ගැන මෙතන සඳහන් කරේ.

Thattassery Koottam (2022) - IMDb

ෆිල්ම් එකේ කතාව පැත්තට හැරුණොත් තට්ටාසේරි ව්ල ජීවත් වෙන සංජු කියන තරුණයත් එයාගෙ යාළුවොත් වටේ තමයි මේ කතාව ගොඩ නැගෙන්නෙ. රත්‍රන් බඩු කර්මාන්තයට (ජුවෙලරි) සම්බන්ද පවුල් වලින් පැවතෙ එන මෙයාල  බොහොම විනෝදයෙන් තමයි කාලය ගත කරන්නෙ ඒ අතරෙ සංජුට ගෑණු ළමයෙක් හම්බවෙනවා.ඊට පස්සෙ ඉතින් සිද්ද වෙන සිද්දි එක්ක තමයි මේ කතාව ගලාගෙන යන්නෙ ඊට වඩා මම මොකුත් කියන්නෙ නෑ ඔයාලට කියන්න යන්නෙ නෑ කතාවෙ රසය නැති වෙන හින්ද. එහෙනම් අදට ගිහින් එන්නම් සිංහල උපැසිරැසියක් නැති මලයාලම් ෆිල්ම් එකකින් හම්බ වෙන බලාපොරොත්තුවෙන්..

ජය වේවා…!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශිහාන් අමරකෝන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශිහාන් අමරකෝන්

April 5, 2023


8
Total Subtitles

3 comments

  1. Kasun Widusha
    Cineru_users

    ජය වේවා සිනෙරූ සෙට් එකටම , සුබ පැතුම් අවුරුදු 4 ට
    ස්තූතියි උපසිරසට, ❤️💪

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශිහාන් සොයුර ……….
    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    සුබ සංවත්සර දිනයක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

  3. අද අවුරැදු දුන්නේ උඹල බං මලයාලම් 4ක්ම කියන්නේ අවංකවම මාර සතුටක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login