The title of the page
Thanneer Mathan Dinangal Sinhala Sub
Thanneer Mathan Dinangal Sinhala Sub
8
96

Thanneer Mathan Dinangal (2020) Sinhala Subtitles |පැණි කොමඩු|සිංහල උපසිරැසි සමග

පාසල් ජීවිතය ගැන හදන චිත්‍රපටි බලන්න ඕනම කෙනෙක් කැමතියි. මොකද ඒ චිත්‍රපටි නිසා ඕනම කෙනෙකුගේ පොඩි nostalgic මතකයක් ඇවිස්සෙන නිසා. වැරදිලාවත් පීරියඩ් එකක් කට් නොකරපු එවුනුත් ඔය ෆිල්ම් බලලා කියනවා “අනේ, ශෝයි ෆිල්ම් එක. ඉස්කෝලේ කාලේ මතක් වෙනවා” කියලා(Thanneer Mathan Dinangal 2020 Sinhala Sub)

දැන් මේ විදියේ චිත්‍රපටි හදන එක ට්‍රෙන්ඩ් එකක් වෙලා. මොකද ඒක වගේ චිත්‍රපටි අනිවාර්යයෙන්ම නිෂ්පාදකයින්ට වාසිදායකයි. ලොකු සිදුවීම් නැහැ. සංවාද නැහැ. වීරයෝ දිනවලා දුෂ්ඨයින්ව පරද්දනවා කියලා දෙයක් නැහැ. ලොකු සටන් ජවනිකා නැහැ. අනිත් කාරණේ තමයි ඕනම කෙනෙක් බලනවා මේ ෆිල්ම්ස්. ටාගට් ඕඩියන්ස් එකක් අවශ්‍ය නෑ. හැමෝම වගේ ඉස්කෝලේ ගිහිල්ලා තියන නිසා ඕනම කෙනෙකුට මේ ෆිල්ම්ස් අල්ලලා යනවා.

එතකොට මේ thanneer mathan dinangal කියන්නේ තනිකරම විනෝදජනක චිත්‍රපටියක්. චිත්‍රපටිය අවසානයේදී සතුටු සිතින් විසිර යන ඕඩියන්ස් එකක් තමයි හදන්නේ. මහා ලොකු ගොන් විහිලු නැහැ. නමුත් හාස්‍යය තියනවා.

මේ චිත්‍රපටියට පාදක වෙන්නේ අපේ සිංහල විදියට නම් උසස් පෙළ පන්ති වල ඉන්න ළමයි පිරිසක්. ඉන්දියාවේ මිනිස්සු අපේ සිංහල විභාග ක්‍රමය පොඩ්ඩක් වෙනස් කරලා එයාලගේ විදියට හදාගත්ත නිසා අපේ එකොළහ වසරෙන් තියන ‘අපොයි සාපේ’ විභාගය එහේ තියෙන්නේ දහය වසරෙන් මම දන්න විදියට. අ⁣පි දහතුන වසරෙන් පාසල් ජීවිතය ඉවර කරද්දි එයාලා දොළහ වසරෙන් ඉවර කරනවා. හෙළයින්ගෙන් සම්භවය වුනු පිරිසක් විදියට එයාලා එහෙම කරපු එක වැරදියි

මිශ්‍ර පාසලක උසස් පෙළ පන්ති වල ඉගන ගන්න ළමයින්ගෙ දකින්න ලැබෙන සාමාන්‍ය හැසිරීම තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. කවුරුත් දන්නවා ටයිටැනික් එකේ වගේ ප්‍රේමකතා සහ රෙස්ලින් වල වගේ ෆයිට් තියෙන්න විදියක් නෑ කියලා (එහෙම හිතාගෙන රඟපාන්න ගිය අයට වුනේ මොකද කියලත් අත්දැකීම් ඇතිනේ).ඔය අපි කාටත් දැකලා පුරුදු ෆයිට් සහ ප්‍රේම කතා තමයි තියෙන්නේ.

රඟපෑම අතින් ගත්තොත් මැතිව් තෝමස් එහෙම හොඳටම හොඳයි. එයා විතරක් නෙවෙයි අනිත් ළමයි ටිකත් තමන්ගේ වැඩේ හරියටම කරලා තියනවා. හොඳ නැචුරල් රඟපෑමක් දකින්න පුලුවන්. එයාලට රඟපානවා කියලා මහා දෙයක් නෑ. තමන් සාමාන්‍යයෙන් කතා බහ කරන ⁣දේවල් සහ සිදුවීම් තමයි මේ ෆිල්ම් එකේත් තියෙන්නේ.විනීත් ශ්‍රීනිවාසන්ගේ රඟපෑම හොඳයි. නමුත් ඒ චරිතය ඩිවලොප් වෙලා තියනවා මදි. මේ කතාවේ හැටියට විනීත් තමයි දුෂ්ඨයා වෙන්නේත්.

මේ චිත්‍රපටියේ කතාව මුල ඉඳලා හොඳට ගලාගෙන ගිහිල්ලා අන්තිමේදි එක පාරටම චොර කරලා දානවා. ඒක තමයි තිබුන එකම අවුල. අන්තිම ටික ලියද්දි හරියට නිකං හිටගෙන ලිව්වා වගේ තියෙන්නේ.

මියුසික් එහෙමත් හොඳයි. සින්දු කීපයකුත් තියනවා.

Trailer එකෙන් පෙන්නපු තරම් කුල්මත් දෙයක් මට නම් මේ ෆිල්ම් එකේ තිබුණේ නැහැ. මොකද කිව්වොත් මම ඉගනගත්තේ මිශ්‍ර පාසලක. ඒක නිසා ගොඩාක්ම සාමාන්‍ය දේවල් ටිකක් තමයි තිබුණේ මේ ෆිල්ම් එකේ ඉස්කෝලේ තිබුන කණු බදාගෙන කැරකෙන කොල්ලො කෙල්ලොත්, හිටපු ගමන් ලී ඩෙස් කකුල් උස්සගෙන ගහගන්න යන කොල්ලෝත්, පන්ති පිටින් කොල්ලෝ කෙල්ලෝ එකට සහභාගී වෙන වලිත් කියන්නේ සාමාන්‍යය දේවල්. අර nostalgic මතකය නම් හොඳට ඇවිස්සෙනවා මේ ෆිල්ම් එක බලාගෙන ඉද්දි

එපා කරවන්න කලින් ෆිල්ම් එක බලන්න. නැත්තන් පැණි කොමඩු ගැනයි, සත්‍යය ප්‍රේමයේ සදාතනක මුද්‍රාව, පාසල් ජීවිතේ සොඳුරු සිතුවම් වගේ කතා අහලා කලකිරෙන්න පුලුවන් 😉😂

ලිපිය :- ඉන්දීවරී හේරත්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුමේෂ් බස්නායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුමේෂ් බස්නායක

August 21, 2019


29
Total Subtitles

5 comments

  1. Thnks broo…🔥🔥🔥❤️

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට..
    මේවටත් සබ් දෙන්න පුලුවන් නම්
    * Eureka (2020) Telugu
    * Raahu (2020) Telugu
    * Mahira (2019) Kannada
    * Bol (2011) Hindi
    * 41: Naalpathyonny (2019) Malayalam
    *Mulan (2020)

  3. බොහොම ස්තුතියි නියම වැඩක්

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Shehan Sachintha
    Cineru Family Member

    තෑන්ක්ස් සබට❤️💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login