The title of the page
In the Mouth of Madness 1994 Sinhala Sub
In the Mouth of Madness 1994 Sinhala Sub
7.2
59
92

In the Mouth of Madness (1994) Sinhala Subtitles |පිස්සුවේ උපරිමය|සිංහල උපසිරැසි සමග

ඉතින් ගෙදරට වෙලා ඉන්න එකේ ,කරන්න දේකුත් වැඩිය නැති එකේ කරන එකම දේ මොනාහරි බලන එකමනෙ.ඉතින් ඒ බලන ලිස්ට් එකට අද තවත් අමුතු විදියෙ සුපිරියක් එකතු කර ගන්න.”In The Mouth Of Madness” 1994 පෙබරවාරි 3 දී තමා මේ චිත්‍රපටය කළඑලි දැක්කෙ.ජෝන් කාපෙන්ටර් නම් අධ්‍යක්ෂකය යටතේ නිර්මාණය වුනු මේකට  IMDB දර්ශකය 7.2 දක්වා කරකවන්න පුලුවන් වුනා. මේ අද්‍යක්ශකවරයම තමා The Thing,Halloween ,Escape from new york city වගේ තවත් සුපිරිම නිර්මාණ බිහි කලේ..රංගනය පැත්තෙන් කතා කලොත්Jurasic Park ෆිල්ම් සෙට් එකේ හුරුපුරුදු චරිතයක් වුණ Sam Neil වගේම Star wars වලින් හමුවුණ චරිතයක කුඩා කාලයත් හම්බෙනව…බලලම දැන ගන්න…(In the Mouth of Madness 1994 Sinhala Sub)
ඔන්න කතාව ගත්තම,
කතාව යන්නෙ ජෝන් ට්‍රෙන්ට් වටා.ඔහු රක්ශණ ආයතන වෙනුවෙන් සේවය  ලබා දෙන්නෙක්.ඔහුගේ රාජකාරිය තමා රක්ශණාවරණ ආයතන වලින් වන්දි ලබාගන්නා පුද්ගලයින් එම වන්දි වංචාවක් කර ලබාගන්නවාද ,නැද්ද යන්න සොයා බලා සත්‍ය එලි කිරීම.ඒකට  ට්‍රෙන්‍ට් දක්ශය..ඒ වගේමයි මිනිහ මිත්‍යා මත තදින් බැහැර කරන්නෙක්.නමුත් කතාව පටන් ගන්නෙ ඔහුව මානසික රෝහලකට ගෙන එන දර්ශනයකින්.එනම් කතාව ගලා යන්නෙ ට්‍රෙන්ට් ඒක කෙනෙක්‍ට කියන විදියට. කොහොම හරි ට්‍රෙන්ට් අවසානෙට වැඩ කරපු රක්ශණ ආයතනය අවසන් වශයෙන් ට්‍රෙන්ට් ගෙන් සේවයක් ඉල්ලනව.ඒ තමා පොත් ප්‍රකාශකහලක් තමන්ගේ හොදම රචකය නැති වුනා කියාල ඒ වෙනුවෙන් මිලියන ගාණක වන්දියක් ඉල්ලන එක..ඉතින් ට්‍රෙන්ට්ට බාර දෙනව මේ ඇත්තක්ද ,රචකය ගිහිල්ලද ?
කියල සත්‍ය හොයා ගන්න.මේ ගමනට තව කෙනෙකුත් එනව.ඒ වගේම තමා මේ රචකය මෙතෙක් ලියපු පොත් අදහන තරමට රසික පිරිසක් එලියෙ බිහි වෙලා තියෙනව.අලුත් පොත පරක්කු වෙන්න වෙන්න ඔවුන් දැඩිලෙස දරුණු වෙලා කෝලාහල කරන්න ගන්නව.ඉතින් මේ ගමනෙදි..රචකයව හම්බෙයිද ?ඔහුට මොකක්ද වුනේ ? ඇත්තටම ඔවුන්  ඔහුව හොයා ගිහින් නැවතුනේ කොහෙද ? ඒක හොයාගන්න ඔයාටම තමයි වෙන්නෙ.කතාවෙ තේරුම් ගැනීම් පහසුවට මම ඕනම චරිත ටික යටින් දාන්නම්.
ජෝන් ට්‍රෙන්ට් = වන්දි ගවේශකය.ප්‍රදාන චරිතය
රොබී = ට්‍රෙන්ට් ව පොත් හලට යවන රක්ශණාවරන ආයතනෙ ලොක්ක.
හග්ලෝව් = ට්‍රෙන්ට්ව, කතා රචකය  හොයන්න යවන පොත් හලේ  අයිතිකාරය.
ලින්ඩා ස්ටයිල්ස්= රචකයව හොයන්න ට්‍රෙන්‍ට් එක්ක පොත් හලෙන් එන කෙනා.
පික්මන් = හොටෙල් අයිති කාරිය.
සටර් කේන් = කතා රචකය.
අවසානෙට කියන්න ඕන.“හොද ශ්‍රේෂ්ඨ පොතක් කියවන කොට ඒකෙ  ඇතුලට යනව වගේ දැනෙනව නේ! , ඒක අපිට ආරූඪ වෙනව නේ ! ඔව් ඒ තරමට හොද කතාවක් හම්බුනොත් එහෙම වෙනව.ඒත් ඇත්තටම වුනොත් ?
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චමෝද් මදුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චමෝද් මදුශාන්

May 10, 2020


12
Total Subtitles

3 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login