The title of the page
8.4
93

Thalli Pogathey (2021) Sinhala Subtitles | “ඔබයි මා ප්‍රියේ ” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහේනම් තවත් අලුත් ෆිල්ම් එකකට සබ් අරන් ආයෙත් ඔයාල හම්බවෙන්න ආවා. මේකනම් රොමෑන්ස් නැත්නම් ආදර හා සම්බන්ධ කතාවක් . හැබැයි මේක ටිකක් වෙනස් ආදර කතාවක් කියලනම් කියන්නම වෙනවා. අර අපේ භාෂාවෙන් කියනවනම් පට්ටම ෆිල්ම් එකක් . ඉතින් ඉන්නේ Atharvaa එක්ක Anupama Parameswaran ඒ එක්කම සුපිරිම ඇක්ට් එකක් කරනවා Amitash Pradhan . මේ තුන්දෙනා තමයි ප්‍රධාන චරිත ටික ඔන්න බනින්න ඉස්සෙල්ලම කිව්වා ඕක රීමේක් එකක්. එහේම කියල අවුලක් නෑ වෙනම ටේස්ට් එකක්. කම්පෙයාර් කරන්නේ නැතිව බලන්න.  2017 දී තිරගතවු තෙලුගු  Nani හා Nivetha Thomas රංගනයෙන් දායක වු Ninnu Kori ෆිල්ම් එකේ රීමේක් එකක් .
නානි අදර්වා ? ඔයාලම තීරණය කරන්න , ඔන්න ඒ වැඩේ ඔයාලටම භාර කලා. 
මේක IMDb අගයෙන් 8.4/10  ගන්න සමත්වෙලා තියෙනවා. ඒ වගේම ගූගල් කැමැත්ත 93% ගන්නත් සමත්වෙලා තියෙනවා. R. Kannan ගේ අධ්‍යක්ෂණයෙන්  Kona Venkat හා Kabilan Vairamuthu ගේ තිර රචනයෙන් හැඩ වුන මේ ෆිල්ම් එක.  Gopi Sunder විසින් සංගීතවත් කරල තියෙනවා. සිනමාකරණයනම් N Shanmuga Sundaram වීසින් කරල තියෙන්නේ  විනාඩි 140 ක් පුරා තිරයේ ඇදෙන මේ ෆිල්ම් එක 24 December 2021 නිකුත් වුනා. ඉතින් ඩිජිටල් ප්‍රින්ට් එකනම් අද එනම් 2022 ජනවාරි 8 වෙනිදා  නිකුත්වුනා. සින්දුත් එක්කම දෙන්න කියල අපේ තෙලුගු සබ් කිං මධුවා කියපු නිසා ඕං සින්දු එක්කම දුන්නා. 
කතාව නම් පොඩ්ඩක් වෙන්න කියන්නම්.
ජීවිතයේ අනාගතයට මතකයන් රැස්කරගන්න ඕනේ කියන එකයි අපේ කෙල්ල නොහෝත් පල්ලවි ( අනුපමා ) ගෙ ආශාව. ඉතින් මෙයා නටන්න පුරුදුවෙන්න යනවා. මෙයටනම ආත්මෙට නැටුම් පිහිටන්නේ නෑ. ගුරා මෙයාව එලවල දානවා. ඕං ඊට පස්සේ දකිනවා කොල්ලෝ සෙට් එකක් බීල නටනවා. කොල්ලෙක් නම් සුපිරියටම නටනවා. ඒ කවුද ඉතින් අපේ කොල්ලා කාර්තික් (අදර්වා) . මෙන්න මේ පල්ලවිට හිතෙනව එයාව මෙයාගේ නැටුම් ගුරා කරගන්න. ඔන්න කොහෝම හරි වැඩේ වුනා කියමුකෝ. මේ දෙන්නා සෙට් වෙන්නේ කොහෝමද ? ඊට පස්සේ වෙන්නේ මොකක්ද ? ඕවා මම කියන එක හරි නෑනේ. ඔයාලම බලල දැනගන්න . 

මට මේ ෆිල්ම් එක ගැන පෞද්ගලිකව දැනුන දෙයක් කියන්නම ඕනේ. මේ අදර්ව, එයාගේ තාත්තත් නලුවෙක් කියල ගොඩාක් අය දන්නවා ඇති.  එයා මුරලි. ඒ දවස්වල හොදම ආරද කතාවලට මාරම නැචුරල් ඇක්ට් එකක් දෙන කෙනෙක්. ඉතින් එයගේ ලව් ස්ටෝරියක් තියෙනව “ඉදයම්” කියල . මේ ෆිල්ම් එකේ සමහර කොටස් බලන කොට මට මතක්වුනේ ඒ ඉදයම් එකේ රගපාපු මුරලිව. කිසිම වෙනසක් නෑ.  ඒ තරම් හොද රංගනයක් මේ ෆිල්ම් එකේ දකින්න ලැබුනා අදර්වගෙන්. ඒ වගේම අනුපමා හා අමිතාස් හොද සාධාරණයක් කරල තිබ්බා. දමිළ රසිකයෙක් වශයෙන් බලන්නම ඕනේ ෆිල්ම් එකක් මේක. 

ඉතින් කට්ටිය බලල කියන්නකෝ කොහෝමද කියල
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

18 comments

  1. තෑන්ක්ස් අන්නා සබට

  2. Ela Peter Annaaa…..
    Vera Maari… Vera Maari…. ❤👌😊

  3. Kavindu Nethmina
    Cineru_users

    Sub එකට Thanks 😊

  4. udaya saman
    Cineru Family Member

    මේකා යකෙක්නේ ආව ගමන්ම දීලනෙ සබත්..එල එල ලොකු අයියේ..

  5. Sub ekta thanks

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  7. Pattaaaaaaaaa

  8. Sub ekata thanx

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  10. බොහොම ස්තූතියි උපසිරැසිය ලබා දුන්නාට
    ජය වේවා!

  11. Thanks පීටර් ….

  12. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට

  13. Thanks aaye wada patan aragena

  14. Lalani Maduwanthi

    Thank you,,,,idayam film ekata subtitles dennako,,,,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login