The title of the page
8.5
93

Thalapathi (1991) Sinhala Subtitles |මවකගේ ආදරයක් සහා මිතුරෙක්ගේ ආදරයක්| සිංහල උපසිරැසි සමග |

2K චිත්‍රපටයක් විස්තර කරන්න ලේසි, හැබැයි 90S චිත්‍රපටයක් විස්තර කරන්න ඕනේ නම්, ඒ චිත්‍රපටය එක පාරක් හරි බලන්න ඕනේ…. ඇයි කිව්වොත් ඒ දවස් වල ආපු චිත්‍රපට වල ෂෝ එකට වඩා අර්ථවත් කතාවක් අඩංගු වෙනවා, ඒ වගේ අර්ථවත් චිත්‍රපටි දැන් එනවා ගොඩක් අඩුයි.

තලපති 1991 වර්ෂයේ, රජිනි, මම්මුට්ටි සහා අධ්‍යක්ෂක වරු මනි රත්නම් ගේ නිර්මාණයෙන් නිර්මාණ වී තිරගත වුනු චිත්‍රපටයක්… මවකගේ ආදරයක් සහා මිතුරෙක්ගේ ආදරයක් අතර ඉන්න තරුණයෙක්. මේ චිත්‍රපටයේ story line එක මේ විදිහට කෙටියෙන් කියන්න පුළුවන්… පොඩි කාලේ තමන්ගේ නොදනුවත් කමින් වුන වැරදීමක් නිසා පොඩි ළමයෙක් අනාත වෙනවා.. පොඩි කාලේ ඉදන් කාත් කවුරුවත් නැති ඒ කොල්ලට හොද මිතුරු කමක් ලැබෙනවා. ඒ වගේම ඒ මිතුරුකමින් අතුරොත් වැඩි වෙනවා ඒ කොල්ලට.. මේ වගේ එක ලයින් එකකින් තමයි මේ චිත්‍රපටය ගමන් කරන්නේ.

මේ තලපති කියන චිත්‍රපටය, ඇත්තටම කිව්වොත් දැන් එන චිත්‍රපට වල අඩුපාඩු සොයා ගන්න උදව් කරනවා… ඒ තරම් නිර්මාණාත්මක චිත්‍රපටයක් මනි රත්නම් ගේ. හැම පොඩි දෙයක්ම ඉහලින් පෙන්නුම් කරලා තියෙනවා. රජිනි ට ලොකු තැනක් ලබා දුන්න චිත්‍රපටයක් තමයි තලපති අදටත් ගොඩක් දෙනෙක් මේ චිත්‍රපටයට කැමති හේතුව ඒ දවස් වල රජිනි ට මේකප් නෑ ඒයාගේ ඇත්ත ස්වරූපය තමයි තලපති චිත්‍රපටයෙන් ඔහු පෙන්නුම් කලේ.. දැන් එන චිත්‍රපට වල ඔහුගේ ස්ටයිල් එක බලා ගන්න පුළුවන්, හැබැයි තලපති එකේ පෙන්නුම් කල ඒ රංගනය අද වෙනකන් මම එයාගේ චිත්‍රපටි වලින් බලලා නෑ.

ඩබල් ලීඩ් රෝල් එකක් තියලා චිත්‍රපටයක් නිර්මාණය කරන්න පුළුවන් නම් ඒ මනි රත්නම් විතරයි. එයාට විතරයි ඉන්දියන් සිනමාවේ ඒ හැකියාව ඉහලින්ම තියෙන්නේ.

ඒ විදිහට බැලුවොත් තලපති කියන්නේ මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළුවෙක් ගේ සහා ටැමිල් සිනමාවේජනප්‍රිය නළුවෙක් ගේ එකතු වීමක්… ඒ එකතුව මනි රත්නම් සර් කරලා තියෙන විදිහ, කොයි තරම් ඉහලින් තියෙනවාද කියලා චිත්‍රපටයේ තියෙන හැම සීන් එකකින් ම බලා ගන්න පුළුවන්. සමබරතාවය ගොඩක් හොදට ප්‍රයෝජනයට අරගෙන තියෙනවා ඔහු. හැම චරිතයකට ම මොනාද ගැලපෙන්නේ ඒ දේ උපරිම ඉහලින් දීලා තියෙනවා.. ඒකට ගැලපෙන විදිහට හැම චරිතයක් ම 100%ක් සම්පූර්ණයෙන්ම ඇවිල්ලා තියෙනවා.

රජිනි ගේ රංගනය ගැන කියන්න වචන නෑ. ඒ තරම් බලවත් රංගනයක්. පොඩි සීන් එකක් චිත්‍රපටයේ, ඒ සීන් එකේදී රජිනි පොඩි Dialogue එකක් කියනවා [ නෑ බන් දන්නෙ නෑ බන්, මගේ අම්මා කවුද කියලා මට දන්නෙ නෑ බන් මෙන්න මේ සීන් එකේදී ඔහු කියන ඒ Dialogue එකට ඔහු පෙන්නුම් කරන ඒ body language සහා face reaction එක අද වෙනකන් මම ඔහුගෙන් බැලුවේ නෑ තලපති චිත්‍රපටයට පස්සේ.. ඒ තරම් හැකියාවක් තලපති චිත්‍රපටයෙන් ඔහු පෙන්නුම් කරලා තියෙනවා.

ඒ වගේම තමයි මේ චිත්‍රපටයේ කැපි පෙනෙන ලක්ෂණයක්.මවගේ ආදරය.. පුතාව හොයන අම්මා, අම්මව හොයන පුතා. මේ විදිහට ඒ අතර තියෙන ඒ සෙනෙහස මනි රත්නම් සර් උපරිම හැගීම් බරව නිර්මාණය කර තියෙනවා. මෙයා තමයි මගේ අම්මා කියලා දැන ගත්තට පස්සෙත්, ඔහු ලගට ගිල්ලා මම ඔයාගේ පුතා අම්මේ කියලා කියන්න බැරි අවස්ථාවක්. අන්න ඒ අවස්ථා කොයි තරම් හැගීම් බරව පෙන්නුම් කරන්න පුළුවන් ද ඒ තරම් ඉහලින් පෙන්නුම් කරලා තියෙනවා.

තමන් ගේ පුතාවම මරන්න කියලා, ඔහු තමන්ගේ පුතා කියලා දැන ගත්තම ඒ මවට දැනෙන දුක . හැම සීන් එකක්ම උපරිම emotional එකෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මම්මුට්ට් සහා රජිනි ගේ එකතුව ගැන නම් කියන්න ඕනේ නෑ, චිත්‍රපටය බැලුවොත් ඔයාටම දැන ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි මම්මුට්ට් ගේ රංගනය 100% ක් සම්පූර්ණව තියෙනවා….

හැම චරිතයක් ම තමන්ගේ චරිතය උපරිම හොදට කරලා තියෙනවා. මනි රත්නම් සර් ඉ විදිහට හොද ලීඩ් එකක් ගෙනියලා තියෙනවා. BGM දැන් එනවා වගේ මාස් එක විතරක් ඇතුල් වෙන්නේ නෑ, සම්පූර්ණයෙන්ම අර්ථය BGM එකෙන්ම දීලා තියෙනවා ඉලයරාජා සර්.. අනිවාර්යෙන්ම බලන්න සබ් එකත් එක්ක. බැලුවා කියලා අඩුවක් වෙන්නේ නෑ, ඇයි කිව්වොත් ඒ තරම් ලස්සන චිත්‍රපටයක්.

ලිපියේ අයිතිය Mʌʀsʜʌɭ Jʌŋsz සහෝදරයා සතුයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

4 comments

  1. Thanks for sub bro
    Aruvam, petromax tamil movie walatath sub demu
    Jaya wewaa!!!

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Kosala Rejeka Wickramasinghe

    Thanks thanks 😍😍😍😍

  4. Thank you aiye,,,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login