The title of the page
4.4
88

Aruvam (2019) Sinhala Subtitles |ආත්මීය පලිගැනීමක්| සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් අරගෙන ආවා සුපිරි Mystery/Horror චිත්‍රපටියකට සබ් එක..මේකෙ නම තමයි “ARUVAM” IMDb Ratings වල 5.3/10 ක අගයක් මේ චිත්‍රපටියට හම්බවෙලා තියනවා…මේකේ කතා නායකයා වෙන්නෙ ජගන්..ජගන්ගෙ චරිතයට පන පොවන්නෙ සුපිරි නලු සිද්ධාර්ත්..මේ හෑලි වැඩක් නෑනෙ

අපි කතාව පැත්තට ගිහින් බලමු..

ජගන් කියන්නෙ ආහාර සුරක්ෂිතතා දෙපාර්තමේන්තුවේ වැඩ කරන දක්ෂ නිළධාරියෙක්..මෙයාට ඕනම කෑමක සුවඳෙන් කියන්න පුලුවන් ඒක පාවිච්චිය හොඳයි නැද්ද කියලා..ඉතින් මෙයාගෙන් බේරිලා එක කඩ කා⁣රයෙක්ටවත් මිනිස්සුන්ට පරණ බඩු දෙන්න බෑ..ඔන්න ඔහොම ජගන්ගෙ ජීවිතේ ගෙවිලා යද්දි ජගන්ට ජෝතී කියන ගෑණු ලමයව හම්බවෙනවා..ඉතින් දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නවා.. ඔන්න ඉතින් දවසක් ජගන් පුරුදු විදියටම තමන්ගෙ රාජකාරි කරන අතරේ ජගන්ට ලොකු ව්‍යාපාරිකයෝ හතර දෙනෙක්ගෙ හොර ජවාරම් ගැන ඉව වැටිලා ජගන් මේවා හොයන්න යනවා..ගිහන් මේ සේරම වටලලා ඒ සමාගම් සේරම සීල් තියනවා..ඉතින් දැන් මේ හතර දෙනා ජගන් එක්ක ගේමේ ඉන්නෙ..මේ වැඩේට ජගන්ගෙ ලොක්කත් සම්බන්ධයි..ඔන්න දවසක් ජගන්ගෙ ලොක්කා ජගන්ට ඔෆිස් එකට කතා කරලා අර ව්‍යාපාරිකයෝ හතර දෙනාට ජගන්ව අල්ලලා දෙනවා.. ඉතින් කොහොම හරි එදා තමයි ජගන් ජීවත් වෙන අවසාන දවස..ඉතින් ජගන් මැරෙන්නෙ මේ අය ගන වෛරයෙන් ඒ හින්දා ජගන්ගෙ ආත්මේ මේ අයගෙන් පලිගන්න එනවා..ජගන් මේකට පාවිච්චි කරන්නෙ තමන්ගෙ පෙම්වතියගෙ ශරීරය..ඔන්න ඔතනින් තමයි කතාව හරියටම පටන් ගන්නෙ..මීට වඩා කතාව කිව්වොත් බලන්න දෙයක් ඉතුරු වෙන්නෑ..ජගන්ගෙ පලිගැනීම සාර්තක වෙනවද බලන්න ඉතින් කතාව බලල ඉන්න වෙනවා. එහෙනම් අදට මම කැපෙනවා…තවත් උපසිරැසියකින් ආපහු හම්බෙමු..හැමෝටම බුදු සරණයි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Thanks you two sub ekata thx kollo

  3. එරංග සඳරුවන්
    Cineru_users

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login