The title of the page

Angel Has Fallen (2019) Sinhala Subtitles | හොදම යාලුවෙක් නිසා | සිංහල උපසිරැසි සමග|

ඔන්න ටික කාලෙකට පස්සේ ආයෙත් අරගෙන ආව සුපිරිගනයේ ක්‍රියාදාම ෆිල්ම් එකක් .නමින්ම මොනාහරි දෙයක් මතක් වෙන්න ඇති කියලා හිතනවා ,හරි එහෙනම මතක් උනේ නැත්නම් බය වෙන්න දෙයක් නැහැ අපි හිමිට කතාව මතක්කර ගම්මු. මේක ඇත්තම මේ ෆිල්ම් සිරියස් එකේ තුන්වෙනි කතාව මිට කලින් මේ වගේම ෆිල්ම් දෙකක් ඇවිල්ලා තියෙනවා.

Olympus Has Fallen
London Has Fallen
Angel Has Fallen

ඔන්න ඔය විදිහ තමයි පිළිවෙල කලින් ෆිල්ම් දෙකත් පට්ටම ෆිල්ම් දෙකක්.මේ ෆිල්ම් තුනම පදනම් වෙලා තියෙන්නේ එකම දෙකට එක තමයි මේ රටේ ජනාධිපතිව බේරාගන්න එක ගැන. ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙන්නේ  මයික් බැනින් ( Gerard Butler)  කියන කෙනා තමයි.ඉතින් මේ ෆිල්ම් එක මිලියන 104 ක අදායමක් උපයලා තියෙනවා දැනට .මේ අදායමක් නම් වෙනස් වෙන්න පුළුවන් මොකද මේක තාම නිකුත්වුනා විතරයි. 2019 අගෝස්තු 23 වන දින එක්සත් ජනපදයේ දී තමයි මේක නිල වශයෙන් නිකුත්වුනේ.

Ric Roman Waugh තමයි  අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.imdb අගය 6.7 ක් කරා ලගාවෙන්න පුළුවන් වෙලා තියෙනවා මේ ෆිල්ම් එකට කම්මැලි කමක් නැතුව මේ ෆිල්ම් එක බලන්න පුළුවන්.බොක්ස් ඔෆිස් වාර්තාව ගැන බලනවානම් 2019 සැප්තැම්බර් 15 වෙනකොට එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ඩොලර් මිලියන 60.4 ක් ද, වෙනත්ප්‍ දේශවල ඩොලර් මිලියන 44 ක් ද ලබා ගෙන ඇති අතර එය ලොව පුරා ඩොලර් මිලියන 104.4  මුදලක් උපයාගෙන තියෙනවා

කතාව ගැන පොඩියට කියන්නම්.

මන් කලින් කිවුවා වගේ මයික් බැනින් කියන්නේ රහස් නියෝජිතයෙක් ඔහු ජනාධිපති ආරක්ෂාව තමයි කරන්නේ.ඉතින් මෙයාගේ හොදම යාළුවා පෞද්ගලික හමුදා ස්ථානයක පුහුණු කෙනෙක් වගේම . ඔහු හිටපු යුද හමුදා රේන්ජර්වරයෙක්. දවසක් තමාගේ යාලුවා එක්ක පුරුදු වීම කරන කොට මෙයට මයික්ට පොඩ් උණ්ඩයකින් වෙඩි තියෙනවා ,ඉතින් එතකොට මයික් ගේ මෙහෙයුම අසාර්ථකයි එත් තමන්ගේ හොදම යාලුවා වෙනම ගේමක් මෙතන ගන්නේ.කොහොමත් තමන්ගේ යාළුවාව විස්වාසයි නේ බය වෙන්න දෙයක් නැහැ නේ.ඉතින් මෙහෙ කතාව යනකොට ජනාධිපතිතුමාව මරන්න ඩොන් යානා වගයක් එනවා .ඉතින්  කොහොමහරි ජනාධිපති නම් බේරෙනවා එත් කොමා තත්වයට වැටිලා ඉන්නේ,එත් මෙතන මයික් ඇරන්න අනිත් ඔක්කොම අය මැරෙනවා එත් මයික්ටත් තුවාල වෙනවා සිහියන එනකොට ඉන්නේ ඉස්පිරිතාලේ ,අතට මන්චුත් දාලා .ඇයි මේ ප්පහර දුන්නු තැනින් මයික් ගේ DNA  හම්බෙනවා ,මයික්ටත් නිකුත් මේ ඔක්කොම අන්ඩර දෙමළ වගේ .ඉතින් එතනින් එහාට කතාව නොකියා ඉන්නම්.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු  වැරදි අඩුපාඩු තියේනම් සමාවෙන්න ඕනේ.ඒවා කොමන්ට් කරන්න මන් ඒවා හදාහන්නම්. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

12 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. thanks
    childs play eke sub demuko

  3. Thanks amar 2019 Kannada movie sub bennko

  4. super thanx

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මෙවැනි චිත්‍රපට තවතවත් කරන්න…
    ගොඩක්ම ස්තූතියි.

  6. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජජය වේවා.! 👊

  7. තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට

  8. Aalavandhan 2001 film එකට sub දෙනවද

  9. බොහොම ස්තුතියි සහෝ සබ් එකට

  10. Kasun Hasanga Rohanadeera

    movies download karana site eka weda nne. a mkd?
    films download krganne khmd?

  11. සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login