The title of the page
Terminator Salvation The Machinima Series 2009 Sinhala Sub
Terminator Salvation The Machinima Series 2009 Sinhala Sub
5.4
82

Terminator Salvation The Machinima Series (2009) Complete Season Sinhala Subtitles | ටර්මිනේටර් සැල්වේශන් නොකියූ කතාව | සිංහල උපසිරැසි සමග

b(Terminator Salvation The Machinima Series (2009) Complete Season Sinhala Sub)

ඔයාලට මතකයිද අර රොබෝ හාදයෙක් ඒ කියන්නේ අර මේම,මේම ඇඟ තියෙන ආර්නෝල්ඩ් ගොයියා ඉන්න සුපිරි කතා මාලාව. ඒකේ කතාවල ජනප්‍රිය බව හා ගුණාත්මකබව බැලුවාම මුලින්ම එන්නේ ටර්මිනේටර් 1, ඊලඟට ජජ්මන්ට් ඩේ එක, ඊලඟට අර ලස්සන කෙල්ලෙක් රොබෝට ඉන්නවා, ඊලඟට සැල්වේශන් එක…… අන්න එතනට එන්න කලිනුයි මේ කතාව පටන් ගන්නේ.

මේ ගැන බලන්න කලින් විස්තරයක් ඕනේ නම් මෙහෙම කරන්න. යන්න යූ ටියුබ් එකට. ගිහින් ඒකේ සර්ච් බාර් එකේ ගහන්න #සදහම් ක්‍රියේශන්ස් කියලා. ඊට පස්සේ ඒවි චැනල් එකක්. ඒකේ තියෙයි විස්තරේ. ඉතින් ඒකේ තියෙන වීඩියෝ ඔක්කොම බලලා ලයික්, කමෙන්ට් ටිකක් දාන්න.

ඒකේ ඉන්නවා නේද අර රොබෝ කොල්ලෙක්ට ආදරේ කරන ටිකක් ජපන් වගේ කෙල්ලෙක්? අන්න එයාව මුල්කරන් තමයි මේ සීරීස් එක හැදිලා තියෙන්නේ. ඉතින් කතාව නම් කියන්නේ නෑ. මොකද ඉතින් මේ ලිපිය ගැහුවට මාත් තවම එක එපියයි සබ් ගහලා ඉවර. ඉතින් කොහොම කතාව කියන්නෙයි?? අනික පට්ට ලස්සනයි වගේම, මේක පොඩි අයගේ ඇනිමේශන් එකක් නෙවෙයි. ටර්මිනේටර් බලන, බලපු අයටමයි මේක හදලා තියෙන්නේ. හැබැයි එහෙමයි කියලා පොඩි අය නොබලා ඉන්න ඕනේ නෑ. ඕනේ කෙනෙක් බලන්න. හැබැයි ඉතින් මේක සුපිරියක්. සුපිරිම එකක්. අනික වෙන කවුරුත් සබ් දීපු එකක් එහෙමත් නෙවෙයි. මං තමයි හාරලා අවුස්සලා මේ වෙබ් සීරීස් එක හොයන්, ගැලපෙන සබ් මං ම හදන් ටයිප් කරේ. සමහරවිට මං මෙහෙම දුන්නට පස්සේ තව අයත් උපසිරැසි කරයි. කරලා කියයි ඕං, මං තමා මුලින්ම කොරේ, අන්න සිනෙරු කාරයෝ අපෙන් හොරකම් කරලා කියලා. අපේ සබ දීපු දිනේයි, වෙලාවයි අනිත් අය දීපු ඒවත් එක්ක බැලුවානම් ප්‍රශ්නේ ඉවරයි.

අපේ චානකට ගෙදරින් තහනමක් ඇවිල්ලා. ඒකයි සබ් පරක්කු. බය වෙන්න එපා. ඌ සබ් ටික දෙනවා කිව්වා. මාත් මේ ප්‍රශ්න ගොඩක ඉඳන් 100 ගහනකන් තමයි හයි ස්පීඩ් යන්නේ. ඊට පස්සේ ගොඩක් හිමින් තමයි ගමන යන්නේ මං. සතියට එක එපිය ගානේ සීරීස් ටික දෙන්නම්. මේ සීරීස් එක අරන් බලන්න. මොර්ටල් කොම්බැට්, ජුරාසික් වර්ල්ඩ් බලපු අය දන්නවනේ කොලිටිය!!! ඉතින් මේකත් ඒ එකකටවත් දෙවනි නැති සීරීස් එකක්. අනික අර sassa කියලා කොමෙන්ට් දාන පුතා කියනවා වගේ කල් යන්න යන්න මේවා අරන් හොය හොය බලනවා කට්ටිය. දැනට මේකත් එක්ක ඕං සබ් 98යි මං!!! ආ අනික මං මගේ 100ට සබ දෙන්න හිතන් ඉන්නේ රුසියන් හොල්මන්, මැජික්, මන්තර, මායාවන්, අමුතු සත්තු පිරුනු එකක්. ඉන්නකෝ ටිකක් බලාගෙන. 99ට එන්නේ සාලෙම් එකේ එපියක්. ඒකත් සට ගාලා දෙන්නම්.

අනික මගේම උපසිරැසියකින් මට මගේ ආදරණීය බිරිඳට සුභම සුභ, නිදුක්, නිරෝගී උපන්දිනයක් වේවා!!! කියලා පතන්නත් ඕනේ. අවුරුදු ගානක් මගේ විකාර බලපු එකම මදෑ සම්මානයක් උනත් දෙන්න. හැමෝටම කියන්න ඕනේ මේ සබ් කෙරුවාවේ මං කරන්නේ ටයිප් කිරීම විතරයි. අවශ්‍ය ඔක්කොම පහසුකම් සපයලා දුන්නේ මගේ ලක්ෂ්මී නෝනා තමයි. පහුගිය 23 තමයි උපන්දිනේ සැමරුවේ.

එහෙනම් ඉතින් ගෙදරට වෙලා, මේක බාගෙන, කොමෙන්ටුවක් ලියලා, සීරීස් එක බලන ගමන් යාලුවන්ටත් අපි ගැන කියලා ලින්ක් එක ශෙයාර් කරන්න. සමිතෙ මල්ලි, අංජුවා මල්ලි, මධුවා මල්ලි, අශාන් මල්ලි, ගොඩක් ස්තූතියි. චානක බොක්ක, දේශාන් පුතේ පට්ට ස්තූතියි. මගේ ලක්ෂ්මී නෝනේ, සදහම් පුතේ ඔයාලට මං ගොඩක් ආදරෙයි. මේ නම් කිව්ව හැමෝම මට මේ සබ් කෙරුවාවට උදව් කරන අය. හැමෝටම වෙනදා වගේම බුදු සරණ, සදහම් සරණ, සඟ සරණ ප්‍රාර්තනා කරනවා !! එක දිගට මං සම්බන්ධ සබ් පෝලිමක් එන්න තියෙයි. ඒවත් බලන්නකෝ, එහෙනම් මං ඕං ශට්ඩවුන් උනා.

අනේ ඉතින් පහළින් කොමෙන්ටුවක් ලියන් යන්ඩලා

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

22 comments

  1. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Ade Thanks bn supiri Ela💖💝

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ 🌻

  2. චානක තිලංක
    Cineru Family Member

    ගොඩක් ස්තූතියි සබට ඔන්න ඉතින් කලින් වගේම මං සිනෙරු සයිට් එකත් එක්ක වැඩ කරන්න පටන් ගන්නවා. 100 ත් ඉක්මනට අරගෙන එන්න. ජයවේවා ඉදිරි වැඩ වලට ඇත්තටම කිව්වොත් ඔයා වගේ අය තමයි මේ සයිට් එකට ඕනේ හැමදාමත් සිනෙරු පවුලත් එක්ක වැඩ කරගෙන ඉදිරියටම යමු.

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      නෑ මං අහන්නේ බොලාගේ සබ් කෝ?

      ස්තූතියි බොක්ක. උඹේ මැසේජක් දැක්කත් සහෝදරයෙක් දැක්කා වගේ 🌻

  3. බොහොම ස්තුතියි කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතීයි කමෙන්ටුවට සහෝ 🌻

  4. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ 🌻

  5. නියමයි අයියා..❤️

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අම්මෝ පොඩි බොස්, ස්තූතියි හොඳේ කමෙන්ටුවට 🌻🌻🌻

  6. The witches filn ekatath sub dennako

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      හරි සති 2ක් ඇතුලත දෙන්නම්. අපේ උපසිරැසි ඉල්ලීම් තීරුවට ගිහින් ඉල්ලන්නකෝ

  7. G.W.Deshan Adithya

    නියමයි දර්ශන සහෝ වයිෆ්ට සුබ උපන්දිනයක් කිව්වා කියන්නකො 😍😘🥺

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි පුතේ. ඔයාම මැසේන්ජර් එකක් දාන්නකෝ. 🌻

  8. බොහොම ස්තූතියි සහෝ! ජය වේවා! ✌❤
    Terminator: The Sarah Connor Chronicles (2008–2009)

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ඒක මම පොඩ්ඩක් සලකා බලලා කියන්නම් සහෝ. මාත් ආසයි. ඒත් ටිකක් හිරවෙලා ඉන්නේ

  9. සුපිරි වැඩක් අයියේ..100කඩ ඉමට මාර ස්පීඩ් ආවෙ ඔයාගේ කැපවීම සුපිරිම හන්දා…ඒ වගේම අක්කට සුභ උපන්දිනයක් කියන්න..සමාවෙන්න පරක්කු වුනාට ❤

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      හම්මෝ මධුවා මල්ලී, ගොඩක් පිං ඈ, බලන් හිටියේ කොමෙන්ටුව එනකන්

      • සොරි අයියෙ ලේට් වුනාට.ටිකක් බිසී වෙලා හිටියෙ මේ ටිකේ

        • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
          Cineru Family Member

          ඔව් ඔව් මං දැක්කා, එක දිගට දෙමල ෆිලුම් ගොඩක් දෙනවා. බාගෙන ඉන්නේ බං. බලන්න වෙලාවක් නෑ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login