The title of the page
Bell Bottom (2019) Sinhala Sub
Bell Bottom (2019) Sinhala Sub
8.4
93

Bell Bottom (2019) Sinhala Subtitles | මංකොල්ලකරු සොයා.. | සිංහල උපසිරැසි සමඟ

1 නඩුවයි.

සාක්ෂි 0 යි

සැකකාරයෝ ගොඩයි..

( Bell Bottom (2019) Sinhala Sub )සුබ දවසක් හැමෝටම..ඔන්න කාලෙකට පස්සේ පුරුදු විදියටම කන්නඩ සිනමාපටයකට සිංහල උපසිරැසි අරන් එන්න හිතුවා..මොකද්ද ෆිල්ම් එක කියලා කියලම පටන් ගන්නම්කෝ..අද අරගෙන එන ෆිල්ම් එක තමයි “Bell Bottom” හින්දි ෆිල්ම් රසිකයන්ටනම් ළඟකදි මේ වචනේ ඇහුණා වගේ පුරුද්දකුත් ඇති…ඒකට හේතුව පස්සේ කියන්නම්කෝ..Bell Bottom කියන්නේ 2019 වර්ෂයේදී කන්නඩ භාෂාවෙන් නිෂ්පාදනය වුණු Thriller/Crime/Comedy කියන කාණ්ඩ වලට අයිති වන සුපිරි ෆිල්ම් එකක්..සුපරි කියන වචනේ පාවිච්චි කරනේ එකේ කිසිම වැරැද්දක් නෑ..මොකද ෆිල්ම් එක වගේම මේකට ලැබිලා තියන රේටින්ග් අගයනුත් සුපිරි තමයි..IMDb මීටරේ 8.4/10 ක් වගේම Facebook පරිශීලකයන්⁣ගේ ලැබුණු රේටින් ප්රමාණය 4.9/5 ක් වගේ විශාලා අගයකට හිමිකම් කියන්න මේ ෆිල්ම් එකට හැකියාව ලැබිලා තියනවා..ඒ වගේම ගූගල් පරිශීලකයන්ගෙන් මනාප 93% ක ප්රතිශතයක් හිමිකරගන්නත් මේ ෆිල්ම් එකට හැකියාව ලැබිලා තියනවා…

Bell Bottom සිනමාපටය Jayatheertha මහතාගේ අධ්යක්ෂණයක්..ඒ වගේම මේ කතාව ලියවිලා තියෙන්නේ Dayanand T. K මහතාගේ අතින්..Santhosh Kumar K.C. මහතා විසින් නිෂ්පාදනය කල ⁣Bell bottom සලරුවේ ප්රධාන චරිත නිරූපනය කරන්නේ Rishab Shetty (දිවාකර්) සමඟින් Hariprriya (කුසුමා)..ඊට අමතරව සෙසු චරිත සඳහා Suraj Shastry,Pramod Shetty,Achyuth Kumar,Shivamani,Prakash Thuminad වගේ විශිෂ්ට කන්නඩ නලු නිලි පිරිසක් රංඟනයෙන් දායක වෙනවා..

Bell Bottom (2019) Sinhala Sub මේ ෆිල්ම් එකේ පෝස්ටර්ස්,ට්‍රේලර්ස් වගේ බලපු කෙනෙක්ටනම් මේක ටිකක් 80 දශකය වගේ කාලයක කතාවක් කියලා අදහසක් අරගන්න පුලුවන්..ඇත්තටම මේ ෆිල්ම් එක 1980 වගේ කාලයක සිදු වුණු සිද්ධි දාමයකින් තමයි සමන්විත වෙන්නේ..ඒ කාලයේ මිනිස්සු අතර ප්‍රසිද්ධ ඇඳුම් ආයිත්තම්..යාන වාහන වගේ දේවල් ෆිල්ම් එක බලන පුද්ගලයට හොඳින් සමීප කරන්න ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා කටයුතු කරලා තියනවා..Bell Bottom කියන්නෙත් 80 දශකයේ තිබ්බ ප්‍රසිද්ධ කලිසම් විලාසිතාවක් කියලා ගොඩ දෙනෙක් දන්නවා ඇතිනේ…ඉතින් හැමදාම සමකාලීන කාලයේ සිදුවීම් සමඟ දිවෙන ඉන්දීය සිනමාව මදකට අතීතයට අරන් යන්න මෙම කන්නඩ සිනමාපටය සමත් වෙලා තියනවා..ඒ වගේම බලන කෙනාටත් 80 දශකය ගැන හොඳ අත්දැකීමක් ලබාගන්න පුලුවන්..

මම මුලින්ම කිව්වනේ හින්දි චිත්‍රපට රසිකයන්ට මේ Bell Bottom කියන වචනේ ඇහිලා පුරුදු ඇති කියලා..දැන් මම කියන්නම් මම ඇයි එහෙම දෙයක් සඳහන් කරේ කියලා..එහෙම කියන්න හේතුව තමයි අපි කවුරුත් දන්න ජනප්‍රිය හින්දි නලු ආක්ෂේ කුමාර්ගේ 2021 දී නිකුත් වීමට නියමිත චිත්‍රපටියක් ගැන මීට දින කිහිපයකට කලින් නිවේදනයක් නිකුත් වුණා..ඒ ෆිල්ම් එකත් Bell Bottom තමයි.. 

Bell Bottom (2019) Sinhala Sub

නම විතරක් නෙවෙයි කතාවක් එකම වෙන ලයින් එකක් තමයි තියෙන්නේ..මොකද 2021 වර්ෂයේදි නිකුත් වීමට නියමිත අාක්ෂේ කුමාර් ප්රධාන චරිතය රඟදක්වන Bell Bottom චිත්රපටිය Rishab Shetty ප්රධාන චරිතය නිරූපනය කරන මේ කන්නඩ සිනමාපටයේම හින්දී ප්රතිනිර්මාණයක් කියලා තමයි අන්තර්ජාලයෙන්නම් වාර්ථා වෙන්නේ..ඒත් ආක්ෂේ කුමාර්නම් කියන්නේ 2021 නිකුත් වන Bell Bottom සිනාමාපටය කිසිඳු චිත්රපටියක රීමේක් එකක් නෙවෙයි කියලා…ඉතින් 2021 දී තමයි අපිට හරියටම බලන්න වෙන්නේ අාක්ෂේ කුමාර්ගේ Bell Bottom ෆිල්ම් එකයි මේකයි එකමද නැත්තන් ෆිල්ම් දෙකක්ද කියලා..⁣මේ පහළින් දක්වලා තියෙන්නේ 2021 නිකුත් වෙන්න නියමිත Bell Bottom හින්දි ප්රතිනිර්මාණයේ පෝස්ටර් කිහිපයක්..

Bell Bottom (2019) Sinhala Sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


79
Total Subtitles

13 comments

  1. Peter Barthelot
    Cineru Family Member

    එල මල්ලි , පට්ට ගේමක් දීල නේද ?

    • කන්නඩ වලට ඉතින් අනිවා ගේමක් දෙනවා මමයි දිනේෂ් අයියයි…❤️

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Over the Moon (2020)
    Save Yourselves! (2020)
    Kajillionaire (2020)

  4. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Ela supiri thanks 💞💞 2021 ekata kalin sooryavanshi enna epai bro release date kawadda

    • 2020 මාර්තු රිලීස් වෙනවා කියලා තිබ්බේ..කොවිඩ් නිසා දිනයක් නෑ දැන්..

  5. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අම්මෝ හොය හොයා හිටියේ. HDTV නේ? මං ෆිලුම බාගෙන හිටියේ. ඔයා සබ ගැහුවා කියන්නේ ඉතින් අඩුපාඩු කොහෙන් හොයන්නෙයි? සුපිරියටම ඇති.🌻🌻🌻

    • ස්තූතියි අයියා.❤️ ඔව් අයියා HDTV…ඒත් මැද කමර්ෂල් එහෙම මුකුත් නෑ…HDRip කොලිටියම තමයි..උඩ කෙලවරේ පොඩි ලෝගෝ දෙකක් තියනවා..එච්චරයි..

  6. Popcorn monkey tiger ekt sub denn aiye

  7. Popcorn monkey tiger kannada movie ekt sub denn puluwn d aiye

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login