The title of the page
Tenet (2020) Sinhala Subtitles
Tenet (2020) Sinhala Subtitles
7.8
71
87

Tenet (2020) Sinhala Subtitles | ලෝක යුද්ධ නවත්තන කාල යාත්ත්‍රිකයෝ | සිංහල උපසිරැසි සමඟ

වචනයක් එක්ක තියෙන සංකලනයක් “ටෙනට්” අනිවාරෙන්ම මේක කියවලා ෆිල්ම් එක බලන්න කියලා මම ඉල්ලනවා….

(Tenet (2020) Sinhala Subtitles) හායී යාලුවනේ ඔන්න ඉතින් වෙනදා වගේ ඉංග්රීසි චිත්ත්රපටයක සිංහල උපසිරැයිය අරන් තමයි අද මම ආවේ මේක වෙනස්ම විදියේ ෆිල්ම් එකක් Christopher Nolan අදයක්ශනය කරපු John David Washington, Robert Pattinson, Elizabeth, Debicki, Dimple Kapadia, Michael Caine, Kenneth Branagh මේ රන්ගනයෙන් දායක වෙන TENET කියන චිත්රපටය ගැන, මට පුළුවන් විදිහට පොඩි හැදින්වීමක් අරන් තමා ආවේ. Christopher Nolan ගේ සම්පූර්ණ චිත්රපටය තියටර් එකට ගිල්ලා බැලුවත් සමහරක් අයට ඒක තේරුම් ගන්න බෑ. Trailer එක බලලා තේරුම් ගන්නවා කියන්නෙ කොහොමත් වෙන්නේ නැති දෙයක්.

හැබැයි මට තේරුන විදිහට කියලා දෙන්නම් Trailer එකක සීන් ස් බලනකොට ඔයාටම තේරෙන්න ඇති [මොකක්ද බං කිසිම ලොජික් එකක් නැතුව , බිල්ඩිං උඩින් හාවෝ වගේ පැන පැන යන්නේ] කියලා , කණ්නාඩි බිත්තියේ බුලට් තියෙනවා හැබැයි චිත්රපටයේ නලුවා ඇවිල්ලා කියනවා ➡️ [දැන් තමයි ඕක වෙන්න යන්නේ] කියලා. ඊටත් වඩා මොංගල් කරපු සීන් එකක් තමයි ➡️ ලොකු නැවක් රිවස් එකේ යනවා 😂 මේ වගේ ගොඩක් පැටලිලි සහගත වූ චිත්ත්රපටයක් තමයි TENET කියන්නේ… ගොඩක් අය කියනවා ඇති , කිසිම ලොජික් එකක් නැති ෆිල්ම් එකක් කියලා. හැබැයි 100% ක් සම්පූර්ණයෙන්ම logic subject එක අඩංගු වුන ෆිල්ම් එකක් තමයි TENET එක ❤. Christopher Nolan එයාගේ හැකියාව සම්පූර්ණයෙන්ම මේ වගේ ෆිල්ම් එකකින්ම පෙන්නුම් කරලා ඉවරයි 👏.

Christopher Nolan ගැන අපි හැමෝම දන්නවා , Interstellar චිත්රපටයේ ඉදන් Dunkirk වෙනකන් සම්පූර්ණයෙන්ම Time කියන ඒ content එක විතරයි එයා පාවිච්චි කරන්නේ… අන්න ඒ Time Content එක තමයි මේ TENET කියන චිත්රපටයටත් පාවිච්චි කරලා තියෙන්නේ. මේ චිත්රපටය ගැන කෙටියෙන් කිව්වොත් Time Travel චිත්රපටයක් තමයි TENET කියන්නේ.. අනාගතයේදී වෙන්න යන world war 3 එක නවත්වන්න , චිත්රපටයේ ප්රධාන චරිතයට training දීලා past එකට යවනවා. හැබැයි මේක සාමාන්ය time travel චිත්රපටයක් නෙමෙයි , මේ චිත්රපටයේ Christopher Nolan පාවිච්චි කරලා තියෙන ඒ time travel method එක සම්පූර්ණයෙන්ම reality methods… ඇත්තටම time travel කරන්න පුළුවන් නම්, ඒ දේ 100%ක් මේ විදිහට තමයි වෙන්නේ කියලා උපරිම හොදට පෙන්නුම් කරලා තියෙනවා. අපි ගොඩක් time travel Movies බලලා ඇති.

ඒ චිත්රපට වල time travel කරන විදිහත් ඔයා බලලා ඇති.දැන් අපි 2019 ඉදන් 2015ට යන්න ඕනේ නම් , අපි ගාව තියෙන time travel Machine එකෙන් තත්පරයක් යන්න කලින් 2019 ඉදන් 2015 ට යන්න පුළුවන්.,ඒ විදිහේ method එකක් තමයි අද වෙනකන් ආපු time travel චිත්රපට වල පෙන්නුම් කලේ. හැබැයි Christopher Nolan ගේ reality method එක ගොඩක් වෙනස්.. දැන් අපි 2019 ඉදන් 2015 ට යන්න ඕනේ නම්. අපිට එක සැරේ 2019 ඉදන් 2015 ට යන්න බෑ, ඉස්සෙල්ලා අපි 2019 ඉදන් 2018 යන්න ඕනේ,. ඉටපස්සේ 2018 ඉදන් 2017 ට යන්න ඕනේ,. ඉටපස්සේ 2017 – 2016 අන්තිමට 2016 ඉදන් 2015 ට යන්න ඕනේ.

මේ විදිහට step by step තමයි අපිට time travel කරන්න පුළුවන් ,. මේක තමයි Christopher Nolan ගේ පලවෙනි reality method එක. මේ reality method එකෙන් චිත්රපටයේ screenplay එක තවත් strong වෙනවා.. ඒකට හේතුව ➡️ අපි සාධාරණ විදිහට බලන දේවල් චිත්රපටයේ ප්රධාන චරිතයට බලන්න බෑ. ඒ කියන්නේ ⬇️ දැන් ඔය TENET චිත්රපටයේ අපිත් ඉන්නවා කියලා හිතා ගමු. අපි 2010 වර්ෂයේ ඉන්නේ , TENET චිත්රපටයේ නලුවා 2020 වර්ෂයේ ඉන්න කෙනෙක්. දැන් එයා 2020 ඉදන් 2010 ට time travel කරගෙන යන ගමන්. , අපි 2010 වර්ෂයේ සාධාරණ විදිහට හැමදාම ඉන්න විදිහට ජීවත් වෙන ගමන්..

දැන් අපි පොඩි ගමනක් යන ගමන් වෙලාව උදේ 10යි,. 10:30 ට ලොකු කාර් ඇක්සිඩන්ට් එකක් වෙන්න යනවා , ඒ කියන්නේ අපේ Future එකේදී.. හැබැයි අපිට ඒ ගැන දන්නේ නෑ , 10 ඉදන් 10:30 ට ගියාට පස්සේ තමයි අපි දන්නේ , හැබැයි මේ TENET චිත්රපටයේ ඉන්න නලුවා 11 ඉදන් 10 ට ගමන් කරන කෙනෙක්… එතකොට එයාගේ ගමනාන්තයත් එක්ක 10:30 ට වෙන්න යන ඒ කාර් ඇක්සිඩන්ට් එක අපිට කලින් එයාට රිවස් එකෙන් බලන්න පුළුවන්. උඩ හරියේ කිව්වා වගේ අපිට සාධාරණ විදිහට බලන්න පුළුවන් වුනාට TENET චිත්රපටයේ ඉන්න නලුවට ඒ දේ රිවස් එකෙන් තමයි පේන්නේ. දැන් මම ඔය කිව්ව විදිහේ සීන් එක TENET Trailer එකෙත් තියෙනවා… උදාහරණයක් ලෙස කිව්වොත් ➡️ මම කිව්ව ඒ කාර් ඇක්සිඩන්ට් සීන් එක Trailer එකේ තියෙනවා. ඒ වගේම තමයි උඩ හරියේ කිව්වේ , කණ්ණාඩි බිත්තියේ බුලට් තියෙනවා හැබැයි චිත්රපටයේ නලුවා ඇවිල්ලා කියනවා මේ දේ දැන් තමයි වෙන්න යන්නේ කියලා… ඒම දෙයක් මම උඩ හරියේ සදහන් කලා,.

ඒ සීන් වලට තේරුම මේ දේ තමයි. මේ දේ කොහොමද උබ දන්නෙ කියලා හාන්න එපා. ෆිල්ම් එක හරි විදිහට බැලුවොත් ඔයාටම තේරෙයි.. TENET film Ending එකේ මේ විදිහට දෙයක් පෙන්නුම් කරනවා. ⬇️ [Time Runs Out 7.17.20] ⬅️මෙන්න මේ විදිහේ visual එකක් මේ විශුවල් එකේ time Runs out කියන එක forward වෙනවා හැබැයි යටින් වැටෙන ඒ ඉලක්කම් backward වෙනවා. ඒ කියන්නේ forward වෙන්නේ අපි , backward වෙන්නේ චිත්රපටයේ ඉන්න නලුවා. ඒ වගේම තමයි මේ චිත්රපටයේ title එක ඔයා ටිකක් හොදට නෝට් කරන්න. TENET කියන ඒ වචනේ ඔයා මොන පැත්තට හරවලා බැලුවත් TENET කියලා තමයි පේන්නේ. හැබැයි TEN කියන කෑල්ල විතරක් කැපී පේනවා. එකෙනුත් 1st Half TEN එක හරි කෙලින් තියෙනවා හැබැයි 2nd Half TEN එක කණපිට හැරෙවිලා. ඒ TENET කියන title එකෙන් පෙන්නුම් කරපු දෙයක් තමයි. සැබෑ ලෝකය කෙලින් ගමන් කලොත් , TENET කියන ලෝකය ප්රතිවිරුද්ධ දිශාවෙන් තමයි ගමන් කරන්නේ. මේ විදිහට TENET චිත්රපටයේ ඉන්න නලුවා time එක backward කරගෙන යන නිසා,. වෙන්න යන දෙයක් ඒ දේ වෙන්න යන්න කලින් දැන ගන්න විතරක් නෙමෙයි. වුන දෙයක් රිවස් එකටත් කරන්න පුළුවන්.

ඒ කියන්නේ ⬇️ අපි දැන් present එකේ ජීවිත් වේගන , time එක forward කරගෙන ගමන් කරන් ඉන්නවා. ඒ අතර අපි ගොඩක් ලේසියෙන් කරන දෙයක් , backward එකෙන් එන අයට අමාරු වෙයි , ඒ වගේම අපි ගොඩක් මහන්සි වෙලා කරන දෙයක් , backward එකෙන් එන අයට ලේසි වෙයි… අන්න ඒ method එක තමයි TENET Trailer එකෙන් පෙන්නුම් කරලා තියෙන්නේ.. උදාහරණයක් ලෙස කිව්වොත් ➡️ මම උඩ හරියේ සදහන් කරලා තිබ්බේ , කිසිම ලොජික් එකක් නැතුව බිල්ඩිං උඩින් හාවෝ වගේ පැන පැන යනවා කියලා.. අන්න ඒ සීන් එකේ method එක තමයි ඕක ⬆️. දැන් අපි කන්දක් උඩට ලණුවක් ගැටගහල බිමට බහින කොට අපිට ඒක ලේසියෙන් කරන්න පුලුවන්. හැබැයි උඩට නගිනකොට ටිකක් අමාරුයි. ඒ දේම රිවස් එකෙන් එන අය කලොත් , එයාලට කන්ද උඩට නගින එක බහිනවාට සමානයි , බහින එක නගිනවාට සමානයි. මම හිතන විදිහට TENET කියන්නේ secret government එකක්..

ඒක ඇවිල්ලා වෙනත් ලෝකයක් ඒ ලෝකේ සම්පූර්ණයෙන්ම backward එකට තමයි ගමන් කරන්නේ. ඒකට උදාහරණයක් විදිහට ➡️ ලොකු නැවක් රිවස් එකේ යනවා වගේ සීන් එකක් තියෙනවා. අන්න ඒක ගන්න පුළුවන්. මේ චිත්රපටයේ නලුවා සැබෑ ලෝකේ ජීවත් වුන පුද්ගලයෙක් වෙන්න ඇති. World war 3 එක නවත්තන්න TENET කියන ලෝකේ ඇතුලට ගෙනල්ලා training දෙනවා කොයිදෝ. ඒ වගේ තමයි පේන්නේ. චිත්රපටයේ ඉන්න නලුවට දන්නවා එයා past එකට යන්න යන්නේ කියලා. හැබැයි හේතුව දන්නෙ නෑ. ඒ නිසා එයා ගිල්ලා එක කෙල්ලෙක් ගෙන් හානවා [ඇයි මට past එකට ගිල්ලා හැම දේම මාරු කරන්න කියන්නේ] කියලා. ඒ දේට ඒ කෙල්ල දෙන උත්තරේ [සමහරක් විට world war 3 එක නවත්තන්න වෙන්න ඇති] මේ සීන් එක Dialogues එක්ක හොදට නෝට් කරන්න Film එකෙන්.

ඒ වගේම තමයි නලුවා ආයේ ඒ කෙල්ලගෙන් හානවා Nuclear Weapon එකක් ද කියලා. හැබැයි ඒකට ඒ කෙල්ල දෙන උත්තරේ [ඊට වඩා දරුණු දෙයක් කියලා] එකෙන් දැන ගන්න පුළුවන් දෙයක් තමයි ⬇️ අද වෙනකන් ලොකේ තියෙන බලවත්ම ආයුධයක් තමයි Nuclear Weapon කියන්නේ. හැබැයි world war 3 එකේ පාව්ච්චි කරන්නේ ඊට වඩා දරුණු දෙයක් ලු., ඒ කියන්නේ සමහරක් විට Future එකෙන් Nuclear Weapon එකට වඩා බලවත් ආයුදයක් අරන් ඇවිල්ලා world war 3 එකේදී පාවිච්චි කරයිද මන්දා 🤔. ඒ වගේ දෙයක් වෙනවා කියන්නේ, අනිවාර්යෙන්ම මේ චිත්රපටයේ ඉන්න දුෂ්ටයා TENET ලෝකයේ හිටපු කෙනෙක්..

මොනවහරි හේතුවක් නිසා එයා TENET ලෝකයෙන් පිට ඇවිල්ලා එයාට කියලා එක ලෝකයක් නිර්මාණය කරගෙන ඇති. ඒම බැලුවොත් නලුවටත් TENET කියන key word එක දන්නවා , දුෂ්ටයාටත් ඒ දේ දන්නවා. ඒ නිසා තමයි TENET කියන ඒ key word එක නලුවට දෙනකොට කෙනෙක් කියන්නේ. [ඔයා මේ දේ හරි විදිහට පාවිච්චි කලොත් හරි දොර ඇරෙයි , වැරදි විදිහට පාවිච්චි කලොත් වැරදි දොර ඇරෙයි] කියලා. ඒ Dialogue එකේ තේරුම ⬇️ හරි කෙනා ගාවට ගිල්ලා key word එක කිව්වොත් ඔයාට හරි දේ ලැබෙයි , ඒකම වැරදි කෙනා ඒ කියන්නේ දුෂ්ටයා ගාවට ගිල්ලා කිව්වොත් උබ ඉවරයි. ඒක තමයි කොයිදෝ තේරුම 😂 මේ විදිහට තමයි TENET කියන චිත්රපටය තියෙන්නේ කියලා කිව්වේ. මම Film එක බලපු විදිහට මට තේරුන දෙයක් තමයි ඕක… ඒ නිසා තමයි හැදින්වීමක් දුන්නේ. Christopher Nolan ගේ චිත්රපටයක් කියන්නේ කොහොමත් පැටලිලි සහගත වූ චිත්රපටයක් තමයි ඉතින්. බලමු 2020 කී දෙනෙක් පිස්සෝ වෙයිද කියලා 😂 Typing එකේ වැරදීමක් තිබුනොත් සමාවෙන්න 🙏 තවත් මේ වගේම උපසිරැසියකින් හමුවෙනකම් ඔබට සුබ දවසක් මම- දර්ශන ප්රදීප් (දරා)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

23 comments

  1. කිසිම Download Link එකක් නැහැනෙ….!

    • ඔයා ලංකාවේ ඉදන් සයිට් එකට එන කෙනෙක්නම් සබ් එක ඩවුන්ලෝඩ් කරන තැනට පහලින් වීඩියෝ පිටපත් කියලා තැනක් ඔයාට පෙන්නයි..එහෙම නැත්තන් http://www.tvseriesandmovies.co එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..

  2. black Addem
    Cineru Family Member

    සුපිරිම මචන් 😍💥
    ලිපියත් සුපිරියටම ලියලා තියෙනවා 👋😋
    ඔරිජිනල් ආවම බලනවා.. සබට තෑන්ල්ස් 😇

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ සබ් එකට ලිපිය ලෙසටම ලියලා තියනවා සුපිරියි ඈ

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela patta thanks

  6. ela ela kollo pin labewa jaya wewa budusaranai devi pihitai katharagama devipihitai

  7. thanks… jaya wewa

  8. thanks.. jaya wewa

  9. Thanks malli patiyo

  10. thaThanks for the sub

  11. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  12. බොහොම ස්තූතියි මචං

  13. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Thanks for updte bro……..

  14. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සුපිරි ඈ, සොරි බං කමෙන්ටුව ලියන්න පරක්කු උනාට

  15. BluRay Ekata Update Karala Denawada

  16. Update krl thiyenne mcn

  17. බැට්-මෑන් | Bat-Man

    ස්තූතියි සබ් එකට දරේ. මෙහෙම ෆිල්ම් දෙන එක නම් ලොකු දෙයක්

  18. මොකද්ද මල්ලි මේ කලේ. තනිකර පිස්සුවක්නේ. බැලුවා තාම ෆිලුම තේරුම් ගන්න කල්පනා කරනවා. සුපිරියක්.තෑන්ක්ස්.

  19. Thank you 🙏🙏🙏🙏

  20. Thanks For the Sub Bro

  21. දිවා රෑ පින් සිද්ද වෙනව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login