The title of the page

Tenali Ramakrishna BA.BL (2019) Sinhala Subtitles | යුක්තිය වෙනුවෙන් කැපවුනු නීතීඥයා | සිංහල උපසිරැසි සමඟ |

පිටත සමාජය තුල සිටිනා කවුරුත් දුටු පමණින් විස්වාස කරන්න බෑ.පිටතින් හොඳ මූණක් පෙන්නල ඇතුලින් ගිනි අවුලවන්න බලාගෙන ඉන්න අයයි ගොඩක් ඉන්නේ.ඒ වගේම ඕනිම අපරාධයක් කරල ලේසියෙන් ගැලවෙන්න බලාගෙන ඉන්නේ.ඒකට කාවහරි අල්ලල හරි නැත්නම් සල්ලි විසි කරල..
මේ වගේ ඉතා පහත් තත්වයට අපේ රටත් වැටිල තියෙනවා කියල මම අමුතුවෙන් කියන්න ඕනි නෑ..
ඒ වගේම තමා නීතීය හසුරුවන්න පුළුවන් නීතීඥයින් එක එක්කෙනාගෙ අතකොලු වෙලා කටයුතු කරනකොට සාධාරණත්වය කාගෙන් නම් බලාපොරොත්තු වෙන්නද ?..

ආයුබෝවන් හැමෝටම.අදත් මම වෙබ් අඩවියට පිවිසුනේ තවත් අපූරු තෙලිඟු සලරුවකට සිංහල උපසිරැසි අරගෙන..මේකේ HDTV පිටපතක් තමයි දැනට අන්තර්ජාලයට එකතුවෙලා තියෙන්නෙ ඉතින් උපසිරැසිය ඉක්මනින් ගේන්න ලොකු මහන්සියක් වෙන්නත් වුනා..හරි ෆිල්ම් එක පැත්තට යමු..

2019 නොවැම්බර් 15 වෙනිදා තමයි මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්භ කලේ.මේ වනවිට 6.8IMDB අගයක් හිමි කරගෙන තියෙන මෙහි අධ්‍යක්ෂක වන්නේ G. Nageswara Reddy. Drama /Action යන කාණ්ඩ වලට වර්ග කරන්න පුළුවන් චිත්‍රපටයක්..
මෙහි ප්‍රධාන නලුවා ලෙසින් එක්වෙන්නේ පෙරළිකාර නලු Sandeep Kishan විසින්..ඒ වගේ සුරූපි හැඩකාර Hansika Motwani ප්‍රධාන නිලිය ලෙසින් එක් වෙනවා..
තවද 2018 තිරගත වුනු Sarkar චිත්‍රපටිය වෙනුවෙන් සම්මාන ලාබී හොඳම දුශ්ඨචරිතය රගපෑ Veralakshmi Sarathkumar ද මෙහි රංගනයෙන් එක් වෙනවා..

කතාව පොඩ්ඩක් මතක් කරන්නම්..

සිංහාධිනායිඩු කියන්නේ කර්නූල්වල ලොකු මැරයෙක්.ඒ වගේම මිනිස්සුන්ට ගොඩක් හොඳ වැඩ කරගෙන ඉන්න කෙනෙක් විදියට වරලක්ශ්මී කියල පෝසත් ගෑනු කෙනෙකුත් ඉන්නව.ඉතින් එයාට ගොඩක් මිනිස්සු කැමති නිසා දේශපාලනයට එයි කියන බයට මිනීමැරුම් නඩුවකට සිංහාධිනායිඩු එයාව අහු කරනවා..
ඉතින් අපේ කතාවෙ නායකයා තෙනාලි රාමක්‍රිශ්නා කියන්නේ ලොකු නීතීඥයෙක් වෙන්න හීන දකින කොල්ලෙක්.ඒත් මෙයාට නඩුවක්නම් ලැබෙන්නෑ කතා කරන්න.මොකද මෙයාගේ තාත්තාට ඕනි මෙයා කෙලින්ම සුපිරි නඩුවක් කතා කරන්න ඒ නිසා එයාට එන නඩු නවත්තනවා බොරු කියල..එයාගේ තාත්ත බ්‍රෝකර් කෙනෙක්..

ඉතින් මේ කතාවේ ගොඩක් දේවල් වෙනවා ඉස්සරට..ඇත්තටම අර මිනී මැරුම කලේ කවුද?වරලක්ශ්මීට හිරේ යන්න වෙයිද ? තෙනාලිට ලොකු නීතීඥයෙක් වෙන්න පුළුවන් ද? තව ඉතින් එයාගේ ආදර කතාවත් මේ අස්සෙන් යනවා..

මුල් හරිය බලද්දිනම් මහ කොමඩියක් වගේ පෙනෙයි..ඒත් ඉවරෙටම බලන්න නියම ට්විස්ට් එක දෙන්න ටික වෙලාවක් ගන්නවා.
ඉතින් ගිහින් එන්නම් මම එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන එන්නම් ඉක්මනින් ..මේකත් අනිවාරෙන්ම අරගෙන බලන්න..අදහසකුත් කොටාගෙන යන්න අමතක කරන්න එපා..

ඔබට ජය !

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

11 comments

  1. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    මේකටනම් පට්ටම ගේමක් දෙන්න ඇති. සුපිරි වැඩක් යාළුවා. සුභ අනාගතයක්! ජය වේවා!බොහොම ස්තුතියි සහෝ. ඉතාමත් වෙහෙසක් දරලා අපිට මේ උපසිරැසිය ලබා දුන්නාට!

  2. shashika
    Developer

    හොය හොය හිටියෙ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Godak sthuthi sahooo …

  5. තැන්ක්ස් සබට

  6. thamka for sub bro……(supreme 2016 / Jaguar 2016 ) telugu movie eke sub denna bro please…….

  7. ස්තුතියි සබ් එකට

  8. ගොඩක්ම ස්තූතියි සබ් එකට. download කරපු කවුරු හරි ඉන්නවනම් torrent ලින්ක් එක දෙන්නකෝ……

  9. fatta wedak bn..
    machan me film ekatath sub ekak danna puluwanda (Dhanusu Raasi Neyargal)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login