The title of the page
Tantiram Sinhala Subtitles
Tantiram Sinhala Subtitles
8.4
98

Tantiram (2023) Sinhala Subtitles | “වේදනාවකින් කෙළවර වූ තණ්හාව” | සිංහල උපසිරැසි සමඟ

(Tantiram (2023) Sinhala Subtitles) (Tantiram Sinhala Subtitle) (Tantiram 2023 Sinhala Subtitle) (Tantiram (2023) Sinhala Subtitle) (Tantiram (2023) Sinhala Sub) (Tantiram 2023 Sinhala Subtitle) (Tantiram: Chapter 1: Tales of Shivakasi Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම..

ඔන්න අදත් තවත් අලුත් තෙළිඟු චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවා..මේක නමින් Tantiram (2023)..Tantiram කියලා කිව්වට මේකේ සම්පූර්ණ නම වෙන්නේ Tantiram: Chapter 1: Tales of Shivakasi කියන එක..තෙලිඟු සිනමාව කිව්වොත් අපි ගොඩක්ම දකින්නේ මසාලා ටයිප් එකේ ෆිල්ම් සෙට් එකක්..ඒත් මේක ඊට වඩා වෙනස් තෙළිඟු සිනමාව තුළ අඩුවෙන් කතා වුණ මාතෘකාවකින් නිර්මාණය වුණ චිත්‍රපටයක්..මොකද මම එහෙම කියන්නේ මේක අයිති වෙන්නේ Fantasy /Horror /Mystery / Thriller කියන කාණ්ඩ වලට..ඉතින් මේ Fantasy , Supernatural කාණ්ඩයේ චිත්‍රපට තෙළිඟු සිනමාව තුළ එන්නේ ගොඩක්ම අඩුවෙන් කියලා තමයි මමනම් හිතන්නේ..

Tantiram - Rotten Tomatoes

පහුගිය ඔක්තොම්බර් 13 වෙනිදා තිරගත වුණ මේ චිත්‍රපටය රචනා කරලා තියෙන්නේ Shabaz MS සහ Wineeth Ponnuru විසින්..ඒ වගේ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Muthyala Meher Deepak විසින් වගේම නිෂ්පාදනය Srikanth Kandragula ගේ අතින් තමයි සිද්ධ වෙලා තියෙන්නේ..ප්‍රධන චරිත සඳහා Srikanth Gurram සහ Priyanka Sharma රංගනයෙන් දායක වෙලා තියනවා..ඊට අමතරව Avinash, Srinivasa Murthy වගේ අයත් රංගන දායකත්වය ලබා දීලා තියනවා..Ratings පැත්තට හැරිලා බැලුවොත් මේ වෙද්දි IMDb දර්ශකයේ 8.4/10 (1.8K+ Votes) සහ Rotten Tomatoes දර්ශකයේ 98% ක අගයකුත් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..

Tantiram: Chapter 1 - Tales of Shivakasi' teaser garners tremendous response, film all set to hit theatres | Telugu Movie News - Times of India

දැන් අපි මේ ෆිල්ම් එක ගැන ටිකක් කතා කරමු..

ඉතින් මේකේ නම වෙන Tantiram: Chapter 1: Tales of Shivakasi (2023) කියන එක දැක්ක ගමන්ම ඔයාලට තේරෙනවා ඇතිනේ මේක ඉදිරියෙදි තවත් කොටස් වලින් සමන්විත වෙන්න නියමිතයි කියලා..ඉතින් මේක තමයි එහෙම එන්න නියමත මේ ෆිල්ම් සීරිස් එකේ පළවෙනි පරිච්ඡේදය..ඉතින් මේ කතාව පදනම් වෙලා තියෙන්නේ එක්තරා අමනුෂ්‍ය කොටසක් පාදක කරගනිමින්..⁣⁣මේ ෆිල්ම් එකේ එන අමනුෂ්‍ය කොටස හඳුවන්නේ ‘ජින්’ කියන නමින්..ඇත්තටම මේ ජින්,ජින්නි කියන වචනේ ගොඩක්ම දකින්න ලැබෙන්නේ අරාබි සහ මුස්ලිම් පුරාවෘත්ත වල..ඒවට අනුව ජින් කෙනෙක් කියන්නේ දෙවියන්ට වඩා පහත් මනුෂ්‍ය සහ සත්ත්ව කියන වේෂයන්ගෙන් පෙනී ඉදන් මිනිස්සුන්ව තමන්ට නතුකරගන්න පුලුවන් අමනුෂ්‍ය කොටසක්..ෆිල්ම් එකේ ගොඩක් තැන් වල මේ “ජින්” කියන වචනේ කියවෙන නිසා තමයි ⁣මම මේ පැහැදිලි කිරීම කරේ..

ෆිල්ම් එකේ ස්ටොරිය ගැනත් ටිකක් මෙහෙමම කිව්වොත් මම කලින් කිව්වා වගේ මේක ගෙතෙන්නේ අමනුෂ්‍ය බලවේගයක් වටා..අජේ කියන තරුණයා තමන්ගේ යාලුවොත් එක්ක පොඩි අඩියක් ගහන්න රෑ එක තැනකට යනවා..එතනදි හොල්මන් කතාවක් කියන්න කියලා අජේට යාලුවෙක් කියනවා..ඉතින් අජේ තමන්ගේ ගමේම වුණ එක ඇත්ත හොල්මන් කතාවක් කියන්න පටන් ගන්නවා..ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිත වෙන බාලචන්ද්‍රන් කියන්නේ ආදිලක්ෂ්මි කියන ගිණිකෙළි නිෂ්පාදන ආයතනේ අයිතිකාරයා වුණ අධිබාන්ගේ පුතා..බාලචන්ද්‍රන්ගේ අම්මා එහෙමත් නැත්තන් අධිබාන්ගේ බිරිඳ බාලචන්ද්‍රන් පොඩි කාලෙම වෙන කෙනෙක් එක්ක පැනලා යනවා..ඉතින් ඒ නිසා බාලචන්ද්‍රන් ලොකු වෙද්දි ගෑණු අයත් එක්ක තරහතින් තමයි ඉන්නේ..ඒත් අධිබාන් බලචන්ද්‍රන්ව බලෙන්ම කසාද බන්ඳලා දෙනවා..ඒත් බාලචන්ද්‍රන්නම් තමන්ගේ බිරිඳ එක්ක කිසිම සම්බන්ධයක් තියාගන්න කැමති වෙන්නෑ…ඒත් දවස් ගෙවීගෙන යද්දි මේ දෙන්නා ටික ටික කිට්ටු වෙනවා..දෙන්නා ආදරෙන බැඳෙනවා..ඒත් එක්කම බාලචන්ද්‍රන්ගේ ජීවිතේ වෙනස් කරමින් බාලචන්ද්‍රන්ට තමන්ගේ ෆැක්ට්‍රියෙදි විකාර සද්ද ඇහෙන්න ගන්නවා..එක ආත්මයක් තමන් එක්ක කතා කරන්න ගන්නවා..ඔන්න ඔතනින් තමයි මේ කතාව පටන් ගන්නේ..

  • මේ කියන ජින් කියන අමනුෂ්‍ය බලවේගේ කවුද?
  • එයාගෙන් බාලචන්ද්‍රන්ට මොන වගේ බලපෑමක් වෙයිද?
  • අවසානේ බාලචන්ද්‍රන්ට මේකෙන් ගැලවීමක් ලැබෙයිද ?

කියන ප්‍රශ්න වලට උත්තර දැනගන්නම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා..මේක තවත් කොටස් වලින් සමන්විත වෙන නිසා මේක ඇත්තටම කිව්වොත් එක්තරා කතාවක ආරම්භයක් විතරයි..නියම කතාව දැනගන්නනම් දෙවනි පරිච්ඡේදයත් එනකන්ම ඉන්න වෙනවා..😁 එහෙනම් Tantiram Chapter 1 බලලා වැඩේට ආරම්භයක් ගන්නකෝ…

Tantiram: Chapter 1: Tales of Shivakasi (2023) - Movie | Reviews, Cast & Release Date - BookMyShow

තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..ඔයාලගේ අදහසුත් පහළින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා..එහෙනම් හැමෝටම,

බුදු සරණයි..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි අංජු ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Condemned 2 film aka dannaka

  3. Condemned 2 film aka dannaka

  4. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  5. Sirwatma mara interesting film ek ada kaleth than hawa nisa thamnge wife newe amma thatha unth dena jatiye un inna kalekta meuwa hari blala hadenawa nam loku dek.. Godk stootiy mewge film ek enwata thwa sub demu digtma jaywewa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login