The title of the page
6.9

Tamil Rockerz (2022) E04 Sinhala Subtitles | “ හොරුන් ඇල්ලීම ” | සිංහල උපසිරැසි සමඟ

Tamil Rockerz (2022) E04 Sinhala Sub

ඔන්න ගොඩ දෙනෙක්ගේ ඉල්ලිම නිසාම මේ ටැමිල් රොකර්ස් සීරීස් එකටත් සිනෙරු එකෙන් සිංහල සබ් එක අද ඉදල දෙන්න ගන්නවා. ටැමිල් රොකර්ස් කිව්වනම් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන විශේෂයෙන් ඉන්දියානු චිත්‍රපටි බලන අය හොදටම දන්න වෙබ් සයිට් එකක්. මේ වෙබ් සයිට් එකෙන් දෙන මූවීස් නිසා නිෂ්පාදකයින් සෑහෙන කරදරවලට මුහුණ දෙන්න සිද්ධවුනා. මේ නිසාම ටැමිල්‍ රොකර්ස් වෙබ් සයිට් එක මැඩපවත්වන්න විවිධ අය එක් එක් ක්‍රියාමාර්ග ගන්න උත්සහ කලා. ඒ අනුව ලැබුණ පැමිණිල්ලක් අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් 2018 මාර්තු 18 වන දින මේ සයිට් එකට සම්බන්ධ 3න් දෙනෙක්ව අත් අඩංගුවට ගන්නවා. ඒකේ එක්කෙනෙක් ඒ සයිට් එකේ ඇඩ්මින් කියල සැක කරනවා. මේ අත් අඩංගුවට ගත් අයගේ තොරතුරු අනුව 23 මැයි 2019 දී කෝයම්බුතූර්වලදී තවත් ටැමිල් රොකර්ස් එකට සම්බන්ධ අයව අත් අඩංගුවට ගන්නවා. ඉන් පසුව මේ සයිට් එක වැසි ගියත් ඒකට සමගාමිව TamilMV හා Tamil Blasters කියල වෙබ් සයිට් දෙකක්ම කරලියට එනවා. ඉතින් ඕක තමයි ටැමිල් රොකර්ස් කතාව කෙටියෙන්.

Tamil Rockerz (2022) E04 Sinhala Sub

ඉතින් මේ ටැමිල් රොකර්ස් ආරම්භය හා එහි අවසානය පාදක කරගෙන ජුලි 02 වන දින SonyLIV විසින් වෙබ් සීරීස් එකක් නිෂ්පාදනය කරන්න ආරම්භකරනවා. මේකේ ටැමිල් රොකර්ස්ල ගැන වුනත් මේ වෙබ් සීරීස් එකට දමිළ සිනමාව තුල ප්‍රශ්න රාශියක්ම ආවරණය කරල තියෙනවා. දමිළ සිනමාව කියන්නේ ඉන්දියාවේ තවත් එක් විශාල සිනමා කර්මාණතයක්. මේකේ කැපිලි කෙටිලි කඹ ඇදිලි අසාධාරණකම් අප්‍රමාණයි. අපි පැය දෙක තුනක් ඇතුලත මේ වගේ මේ වගේ සයිට් එකකින් දෙන කොපියක් බාගෙන චිත්‍රපටයක් බලල දෙන පඩි වදන් අහගන්න මේ සිනමාව අපට දෙන්න මහන්සිවෙන මුලු කණ්ඩයමම මොන තරම් මහන්සියක් කැප කිරීමක් කරනවද කියන එක. කලාව ව්‍යාපාරයක් වුනාම කලාකාරයා හා ව්‍යාපාරිකයා අතර ඇතිවන ඝට්ටයනය කොහෝම එකක් වෙන්න පුලුවන්ද කියන එක. ඒකත් අධ්‍යක්ෂක අලුත් කෙනෙක්නම් ??????

Tamil Rockerz (2022) E04 Sinhala Sub

මේක සිනමාවක් විදියට ගන්නවට වඩා මේ විදියට වෙබ් සීරීස් එකක් ගත්තු එක වටිනවා කියන එකයි මගේ අදහස. ඒ මේ සිද්ධිය පැය තුනක් ඇතුලත පෙන්වීම නම කොහෙත්ම කල නොහැකි දෙයක් නිසයි. ඉතින් මේ සුපිරිම වෙබ් සීරිස් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Arivazhagan විසින්ද, සංගීතය Vikas Badisa ද ,නිෂ්පාදන දායකත්වය AVM Productions විසිනුත් සපයා ඇති අතර SonyLIV විසින් විකාෂණය කරනු ලබයි. ප්‍රධාන රංගනයෙන් Arun Vijay, Vani Bhojan, Ishwarya Menon, Azhagam Perumal, විසිනි. අරුන්ගේ තවත් එක් සුපිරිම රංගනයක් මේ තුලින් බලාගන්න පුලුවන් වේවි.

ඉතින් මේක තමයි මේ වෙබ් සීරීස් එකේ විස්තර. අද ඉදල සිනෙරු එකෙන් මේ වෙබ් සීරීස් දිගටම බලන්න පුලුවන් වේවි. ඒ වගේම අපෙන් සබ් උස්සන මල්ලිලාටත් මේක දැක්කම පොඩි සතුටක් දැනෙනවා ඇති නේ. මේ සබ් එකත් උස්සල ෆ්බී එකේ අපට සාප කරන්නකෝ .

Tamil Rockerz (2022) E04 Sinhala Sub

හතරවන කොටස:

ඔන්න දිගටම හතරවන කොටසටත් ආවා, දැන් ඉන්ස්පෙක්ටර් රුද්‍රා ටැමිල් රොකර්ස්ලව අල්ලන්න බැහැලම වැඩ. මේ ටැමිල් රොකර්ස්ලගේ කිසිම හෝඩුවාවක් නැති නිසා රුද්‍රා පොඩි උප්පරවැට්ටියක් යොදනවා. ඒ රසිකයන්ලව්වා කලබලයක් ඇතිකර හොර සීඩි විකුණන අයව අත් අඩංගුවට ගැනීමයි. ඉතින් ඒක සාර්තක වුනාද කියල බලමු නේද ?

එහෙනම් අපි පස්වන කොටසින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  2. ස්තූතියි උපසිරැසිට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login