The title of the page
Thor: Love and Thunder (2022) Sinhala Subtitles
Thor: Love and Thunder (2022) Sinhala Subtitles
6.8
66
80

Thor: Love and Thunder (2022) Sinhala Subtitles | “දේව ඝාතකයෙකු වූ දේව භක්තිකයා” | සිංහල උපසිරැසි සමඟ

(Thor: Love and Thunder (2022) Sinhala Subtitles) (Thor Love and Thunder (2022) Sinhala Subtitle) (Thor Love and Thunder Sinhala Subtitle) (Love and Thunder Sinhala Subtitle) (Thor 2022 Sinhala Subtitle) (Thor 4 Sinhala Subtitle) (Thor Sinhala Sub)

හැමෝටම ආයුබෝවන්,ඉතිං අලුත්ම අලුත් මාවල් ෆිල්ම් එකක සබ් එක අරගෙන මම ආවා ඔයාලව හම්බවෙන්න.

ඉතිං මාවල් ෆෑන්ස්ලට මේක හරිම උද්‍යෝගිමත් කාලයක්,මොකද මෙච්චර කාලයක් අපේ සිත් ඇද බැඳගත්ත මාවල් ෆිල්ම්ස්,සීරීස් Phase 4 ඔස්සෙ ඇවිත් හමාරයි,Phase 4 එක ඉවර වෙන්න ඉස්සරහට එන්න තියෙන්නෙ I Am Groot,She Hulk ඒ වගේම Black Panther:Wakanda Forever යන චිත්‍රපට විතරයි.ඉතිං ඊට පස්සෙ එන්න තියන Marvel Phase 5 එක ගැනත් Phase 6 එකේ කොටසක් ගැනත් මාවල් ස්ටූඩියෝස් සභාපති Kevin Feige විසින් නිලවශයෙන් නිවේදනය කළා.

ඉතිං ඉස්සරහට Phase 5 ඔස්සේ ඉස්සරහට එන්න තියන ෆිල්ම්ස් සීරීස් තමා ඔය තියෙන්නෙ.

රූපයේ සහ ප්‍රකාශ කරල තියන හැටියට Phase 5 ෆිල්ම් සීරීස් වෙන්නෙ මේවයි.

•Antman and the Wasp:Quantumania
•Secret Invasion.
•Guardian Of The Galaxy :Vol 3
•Echo
•Loki Season 2
•The Marvel’s
•Blade
•Ironheart
•Agatha:Coven Of Chaos
•Captain America:New World Order
•Daredevil Born Again
•Thunderbolts

වගේ ෆිල්ම් සීරීස් අයත් වෙනවා.

ප්‍රකාශ කර ඇති ආකාරයට Phase 6 එකට.

•Fantastic 4

•Avengers:The Kang Dynasty.

•Avengers:Secret Wars

වගේ ඒවා ඇතුළත් වෙනවා.

Loki: Season 02 දැනටමත් රූගත කිරීම් වෙනබවත්..Echo හී නිෂ්පාදන කටයුතු වෙන බවත් Blade හී රූගත කිරීම් මේ ඔක්තෝබරයේ පටන්ගන්නවා කියල Kevin Feige විසින් ප්‍රකාශ කළා..ඉතිං හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කියන්න වගේ බලාගෙන ඉමු මොකද වෙන්නෙ කියල.

හරි දැන් අපේ ෆිල්ම් එක පැත්තට හැරෙමු.Thor කියන්නෙ දැනටත් කවුරුත් ආසම චරිතයක් වගේම ෆිල්ම් ටිකක්.ජර්මානු,ග්‍රීක,නෝවීජියානු වගේ ගොඩක් සංස්කෘතිවල එන දෙවියෙක් ගේ චරිතයක් පාදක කරගත් චිත්‍රකතාමාලාවක් මුල් කරගෙන නිර්මාණය වුන සුපිරිවීර චිත්‍රපටයක්.එහි අලුත්ම නිර්මාණය තමා මේ ජූලි 8 නිකුත් වුන Thor Love And Thunder කියන්නෙ.

මීට කලින් Thor ෆිල්ම් තුනක් නිකුත් වුනා.

1.Thor

2.Thor the dark world


3.Thor:Ragnarok

ඒ වගේම ඒ චිත්‍රපට රසිකයන්ගේ ආදරයට ගොඩක් පත්වෙලා තියනව.අන්තිමට අපිට තෝර් චරිතය බලාගන්න වෙන්නෙ Avengers Endgame හීදියි.ඒ කාලෙ ඉදලම Thor අලුත් ෆිල්ම් එක ගැන එක එක ඉගි පහළ වුනා.Concept trailers එහෙම එන්න ගත්තා.ඉතිං එහෙම ඇවිත් දැන් Officially Release වෙලා තියනවා.

ඉතිං මේ ෆිල්ම් එක ගොඩක් අයට හොඳ වුනා,ගොඩක් අයට සාමාන්‍ය ෆිල්ම් එකක් වගේ වුනා වගේම සමහර අයට කලින් ෆිල්ම් තරම්ම හොඳ නැති එකකුත් වුනා.ඉතිං ඒක ඔයාලට තීරණ ගන්න සුදුසුයි කියල මම හිතන්නෙ නෑ,මොකද එකිනෙකාගෙ රස වින්දනය වෙනස් කියල විවිධ මතවලින්ම පේනවනෙ.

ඉතිං ඔය ටික තමා මට මාවල් ගැනයි තෝර් ගැනයි කියන්න තියෙන්නෙ,මට තියෙන්නෙත් ඔච්චර දැනුමක් තමා විස්තර කරන්න.

හරි කතාව පැත්තට හැරුණොත්.

Thor දැන් ඉන්නෙ ගොඩක් අභියෝගවලට,සතුරන්ට මූණදීලා,ගොඩක් අහිමිවීම් වලට ලක්වෙලා කඩාවැටිලා,(Endgame එකේ බඩ තඩියට හිටියේ ඒ නිසයි),ඉතිං මෙහෙම ඉන්න තෝර්,ඒ දුක තුනීවෙන්නත් එක්ක Guardians Of The Galaxy කණ්ඩායමත් එක්ක එක එක ලෝකවලට ගිහින් ඒ ඒ අයට උදව් කරමින්,සටන් කරමින් කාලය ගතකරනවා.ඉතිං මෙහෙම ඉන්නකොට එයාට ආරංචි වෙනවා ගෝර් කියල දේව ඝාතකයෙක් විශාල වශයෙන් දෙවියන්ව ඝාතනය කරනවා කියල.ඉතිං ඒ ඝාතකයව නවත්තන්න යන ගමනෙ එයා ට එයාගෙ කලින් පෙම්වතිය ජේන් වත් හම්බවෙනවා හැබැයි විශේෂ විදිහකට Trailer එකේදි ඔයාලත් දකින්න ඇති. ඒ කොහොමද, කතාවෙ ඉතුරු ටික කොහොමද කියල, ඔයාලම බලන්නකෝ.

ඉතිං, මෙච්චරයි අදට කියන්න තියෙන්නෙ, මට තව සවිස්තරාත්මක ලිපියක් දෙන්න බැරිවුණා ඒකට සමාවෙන්න ඕන.

ඉතිං කොහොමහරි හැමදාම වගේ ආරාධනා කරනවා ෆිල්ම් එක රසවිදින්න කියල වගේම ෆිල්ම් එක රසවිදල ඇවිත් කොමෙන්ටුවකුත් දාන්න කියල.

එහෙනම් අපි ගියා…

ඔබට ජය!

©සදමින් හර්ෂණ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEBRip /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

58 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Web DL ආපු සැනින් දාන්න 😍

  3. බලපු කවුරු හරි කොමෙන්ටුවක් දානවද colors අවුලක් නැද්ද කියලා 🙂

    • පෝස්ට් එකේ පහළින් දාලා තියන Screenshots බලන්න..🙄

    • The royal treatment කියල netflix movie එකට sub දෙන්නකො මොන සයිට් එකකවත් සිංහල sub නෑ ප්ලීස් ඒකට sub දෙන්න

  4. බොහොම ස්තුතියි නියම වැඩක්

  5. Akash Meedum
    Cineru_users

    ඇයි වෙන ෆිල්ම් වගේ watch online හදල නැත්තෙ 😥

  6. කවුරුහරි පිංවතෙක් සිටිනම් මෙ අලුතින් ආපු සුපිරි කොරියන් මුවී එකට සබ් දෙන්නකො please …………
    🙏
    The Roundup
    2022

  7. Supirii ikmanata sub dena ekatanam godak pin

  8. Webrip කවද්ද එන්නෙ?

  9. PSA Quality ආවම බලනවා

  10. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  11. මේකෙ හරි උපසිරැසිය දාන්නකො.. Web rip හරි . Blu ray හරි

    • තාම WEBRip වත් Bluray වත් ඇවිත් නෑ..දැනට ඇවිත් තියන කොලිටිම කොපියට තමයි සබ් දීලා තියෙන්නේ..

  12. Webrip වලටත් දෙමු නේද

    • අප්ඩේට් කරලා තියෙන්නේ මචං..

      • ඔයාලගෙ සබ් හරි පැහැදිලි යි,, හරියටම ෆිල්ම් එකත් එක්ක යනවා,, stargirl tvseries, smallville එව්වාගෙ සබ් දෙන්නකො,, ලොකු දෙයක් මෙව්වගෙත් සබ් දෙනවා නම්,, සිනෙරු සබ් බොහෝම ස්තුතියි,,

  13. Emergency Declaration
    Hansan: Rising Dragon
    Film dekata sinhala sub dennako

  14. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Thanks for quick update bro..
    Waiting for imax rip (PSA) sub update
    Have a good day ………….

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

  15. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  16. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  17. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  18. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  19. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Beast (2022)

  20. තෑන්ක්ස් මචං

  21. හිෂාන් සමරසිංහ

    IMAX Enhanced Web copies වලට ගැලපෙන්න subtitle file එක update කරන්න්කෝ… 🙂

  22. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

  23. Pattaaaaaaaaaaaaaa

  24. Exorcism of god 2021 horror movie ekata sub eka diyan kollo.. 🙂 Sub ekak karana kenekta watina film ekak.

  25. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  26. thankx brh ublai site ekanm patta pahara

  27. Good Job 😎👌🔥

  28. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

  29. thanks ………………………….

  30. Thanks for the sub!!!!!

  31. maka aluthen ava web copy akata update karada

  32. maka september 8 realese vuna copy akata update karada

  33. Bluray කෝපි එකට සබ් එක ඔන ඉක්මනට

  34. thanks………

  35. priyantha
    Cineru_users

    Thanks bro

  36. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login