The title of the page
8.4
94

Taanakkaran (2022) Sinhala Subtitles | “පොලිස් පුහුණුව” | සිංහල උපසිරැසි සමඟ

(Taanakkaran (2022) Sinhala Subtitles) (Taanakkaran Sinhala Subtitle) (Taanakkaran 2022 Sinhala Subtitle) (Taanakkaran Sinhala Sub)

ආදරය,සතුට,දුක,තරහ මේ හැම දෙයක්ම මික්ස් වුණු ෆිල්ම් එකක් බලන්න කැමතිද? එහෙනම් ⁣මේක තමයි ෆිල්ම් එක 😍

Taanakkaran මේ අවුරැද්දෙ ආපු සුපිරිම ෆිල්ම් එකක් කිව්වොත් හරි IMDb 8.4/10 අරන් තියෙනවා මේ ෆිලුම ගොඩක් අයගේ හොඳ ප්‍රතිචාර ලැබිච්ච ෆිල්ම් එකක්.. සමාව ඉල්ලනවා මේක ගේන්න ටිකක් පරක්කු වුනාට මොකද වැඩ ටිකකට හිර වෙලා හිටියා කොහොම හරි අන්තිමට මේකත් ඉවර කරගන්න පුළුවන් වුනා.. එහෙනම් අපි වැඩි කතා නැතුව මේකේ කතාව ගැන ටිකක් බලමු..

මේ කතාව පොලීසිය සම්බන්ධ කතාවක්.. පොලීසියට අලුතෙන් එන පිරිසක් වටා තමයි මේ කතාව යන්නෙ..දන්නවානේ පොලීසියට එහෙම ලේසියෙන් ගන්නෙ නෑනේ.. හොඳ පුහුණුවකින් පස්සේ තමයි ගන්නෙ..ඉතිං කතාවේ කථානායකයා තමයි අරිවු නැත්නම් අරිවාසගන් මෙයයි මෙයාගේ යාලුවො සෙට් එකයි ගොඩක් වධ හිංසන වලට මේකෙදි ලක් වෙනවා මේවා ඇත්තටම පොළිස් පුහුණුවකදි වෙන දේවල් නැත්නම් අධ්‍යක්ෂ කෙනෙක්ට නිකං තමන්ගේ හිතු මතේට මේ වගේ කතාවක් කරන්න බැ ඉතිං දැක්කහම හොම්බට හැටක් අනින්න හිතෙන කෙනා තමයි ඊශ්වරමූර්ති ඔයාලටත් අනිවාර්යයෙන් මේක බලද්දී මිනිහට දෙකක් නෙලන්නම හිතෙනවා ශුවර් ඉතිං මේ පොළිස් පුහුණුවේදි පොලීසිය ගැන හුඟක් දේවල් ඔයාලටත් ඉගෙන ගන්න පුළුවන් ඉතිං ඔච්චරයි කියන්නෙ වැඩිය කිව්වොත් ෆිල්ම් එක බලලා වැඩක් නැනේ මේකේ ලස්සන සිංදු ටිකකුත් තියෙනවා අනික ඒ සිංදුවල තේරැමෙත් කතාවට අදාල දේවල් වගේම අපිට ගන්න දේවලුත් තියෙනවා ඔන්න ඉතිං ඔයාලට සිංදු ටිකත් සබ් එක්කම දිලා තියෙනවා අනිවාර්යයෙන් මේක බලලා අන්තිමට ඇහැට කඳුලක් නම් අනිවා එනවා..

එහෙනම් මේ ලස්සන ෆිල්ම් එක බලන්න තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආයෙත් එන්නම් එතකම් හැමෝම පරිස්සමෙන් ඉන්න 😍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර මදුසංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර මදුසංක

June 30, 2021


23
Total Subtitles

3 comments

  1. Secret N ( නාරා )
    Cineru Family Member

    පාර පාර චතුර… ❤❤❤❤❤

  2. Kantha_(DLA)
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login