The title of the page
Choose or Die 2022 Sinhala sub
4.8
25
63

Choose or Die (2022) Sinhala Subtitles | “පරණ කාලේ ගේම් එක” | සිංහල උපසිරැසි සමඟ

සුභ දවසක් කියන ගමන් හැමෝටම ඔන්න මම අද අරගෙන ආවා Horror ෆිලුමක්.Choose or Die එහෙමත් නැත්තං CURS>R නමින් නිකුත් වුණ ෆිල්ම් එක.මේක නිකුත් වුණේ අප්‍රේල් 15 වෙනිදා Netflix මඟින්.

මේක අධ්‍යක්ෂණය කලේ Toby Meakins.ඒ වගේම ප්‍රධාන චරිත විදිහට Iola Evans(කයිලා), Asa Butterfield(අයිසැක්),Angel Griffin(කයිලගෙ අම්මා),Eddie Marson(හැල්) ඇතුළු අය රංගනයෙන් දායකත්වය දෙනවා. මේ වෙනකොට IMDb 4.8 අගයකුත් ,කුණු තක්කාලි අගය 24%කුත් ගූගල් පරිශීලක කැමැත්ත 63%කුත් මේකට ලැබිලා තියෙනවා.රේටින්ග්ස් අඩුයි කියලානම් මේ ෆිල්ම් එකේ වැඩිය බෝරින්ග් වෙන දේවල් නම් නෑ.බලන්න හොඳ ෆිල්ම් එකක්.

ලේ වැගිරෙන දර්ශන තියෙනවා.

හරි එහෙනම් කතාව වෙන්නෙ මේකයි,කයිලා කියන්නේ තමන්ගේ මල්ලි වතුරේ ගිලිලා මැරුන ඒ නිසා මානසිකව ආබාධ වෙලා ඉන්න අම්මෙක් ඉන්න,එයාලගෙන් ප්‍රයෝජනගන්න අසහනකාරී මිනිහෙක්ට මැදිවෙලා ප්‍රශ්න දාහක පැටලිලා ඉන්න පාසල් යෑමත් අතරමඟ නවත්තලා නිකම් ජොබ් එකක් කරන අහිංසක කෙල්ලෙක්. අයිසැක් කියන්නෙත් පරිගණක වැඩවලට හොඳ දක්ෂතාවක් තියෙන පරණ බඩු එකතු කරන කොල්ලෙක්.දෙන්නා හොඳ යාළුවෝ. දවසක් හදාගන්න පොඩි බඩුවක් අයිසැක් ළඟට අරගෙන යද්දි කයිලා දකිනවා පරණ කාලේ ගේම් එකක බෑග් එකේ පිටකවරේ ගේම් එක දිනුවොත් බර ගානක් හම්බ වෙනව කියලා දලා තියෙනවා.කතාකරන්න නම්බරේකුත් තියෙනවා.

නිකමටකෝල් එකත් අරගෙන බලද්දි නම්බරේත් තාම වැඩ,ගේම් එක තියෙන්නෙ කැසට් පටයක් ඇතුළේ,ඒ සීඩී හොයාගන්න කලින් කාලේ.කොහොමහරි කෙල්ල ඒක අරගෙන ගිහිල්ලා ඒ ගේම් එක සෙල්ලම් කරන්න පටන් ගන්නවා.පළවෙනි ලෙවල් එක ඉවර වෙන්නෙ කෙල්ලටවත් හිතාගන්න බැරි භයානක අත්භූත සිද්ධිදාමකට මූණ දෙන්න වෙලා,ඒකෙන් කයිලා තේරුම් ගන්නවා මේ ගේම් එක නිකන්ම ගේම් එකක් නෙවෙයි තමන්ගේ ජීවිතයත් උගස් තියලා කරන්න ඕන සෙල්ලම් කියලා.ඊට පස්සේ කයිලා මේකට මූණ දෙන්නෙ කොහොමද?,මොකකක්ද ? මේ ගේම් එකේ සැඟවුණ දේ කියලා බලන්න ඔයාල මේ චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

10 comments

  1. INUKA
    Cineru_users

    thank forr sub Ambulance 2022 sub dennako

  2. Hey Thanx MCN.Ambulance (2022) puluwannam denna

  3. Thx bro 👍👍👍👍

  4. Ambulance (2022) film eke sub ona…

  5. ස්තුතියි යාළුවා

  6. Kantha_(DLA)
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:
    Ambulance (2022)
    9 Bullets (2022)

  7. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට.

  8. කනිශ්ක

    බොහොම ස්තූතියි

  9. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..hg

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login