The title of the page
8
96
82

Superman And Lois (2021) S01E15 [END] Sinhala Subtitle | ක්‍රිප්ටන්හි අවසන් පුත්‍රයා | සිංහල උපසිරැසි සමඟ

(Superman And Lois (2021) S01 Sinhala Subtitles)

සුභ දවසක් හැමෝටම…

අදත් වෙනදා වගේම සුපර්මෑන් හා ලෝයිස් පළමු කතාංග මාලාවේ අවසාන කොටසට (Episode 15) උපසිරස අරන් සිනෙරු අපේ වෙබ් අඩවියට ගොඩ උනේ. ගොඩක් දෙනෙක් ප්‍රයිවට් මැසේජ් දාලාත් මේ එපියේ සබ් එක ඉල්ලුවා ඒ අයටයි අනිත් අයයි ඔන්න සබ් දැම්මා අරන් බලන්න. අපි හිතනවා Superman & Lois සීසන් දෙකකුත් එ්වි කියලා. ඒ වගේම දර්ශන අයියාවත් මතක් කරන්න ඕනා අපි දෙන්න තමා එපිසෝඩ් බෙදාගෙන සබ් කරේ. එහෙනම් අපි කතාව පැත්ත පොඩ්ඩක් බලමු.

දාහතරවෙනි කො⁣ටසේ වෙච්ච දේවල් ඔයාලාට මතකනේ, මෝර්ගන් එඩ්ජ් ජොර්ඩන්ව පැහැර ගන්නවා අරන් ගිහින් සීටා බවට පත් කරනවා ඉතින් ලොය්ස්, සුපර්මෑන්, ජෝන්, ජොර්ඩ්න්, DOD එක ඒ වගේම සාරා කෙල්ලත් හැම තැනම ජොර්ඩ්න්ව හොයනවා. ස්මාල්විල් ජනතාව DOD එක තියෙන කඳවුර ගාවට ඇවිත් විරෝධය පාන්න පටන් ගන්නවා ඒ වෙලාවේ එතෙන්ට එඩ්ජ් ඇවිත් කදවුරේ ලේන් ප්‍රධානියාට හිටපු හොදම සෙබලු හය දෙනාට බලයන් දීලා අරන් යනවා ඒක වළක්වන්න AI රොබෝ ඒ කිවිවේ ජොන් එනවා ඒත් එයාට බැරි වෙනවා එඩ්ජ්ව නවත්තන්න, මොකද එඩ්ජ් දැන් ගොඩක් ශක්තිමත්. මං ඉතින් මෙතනින් එහාට කතාව ගැන කියන්නේ නෑ.!

සංචරණ සීමා ලිහිල්කරලා රට නැවතත් විවෘත කරලා තියෙන වෙලාවක ඔයාලා හැමෝම පරිස්සමින් සෞඛ්‍ය නීතිරීති වලට අවනත වෙලා කටයුතු කරන්න කියලා අපි සිනෙරු ටීම් එක විදිහට ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා.

තවත් මේ වගේ කථාංගයකට උපසිරසි අරන් එන බලාපොරොත්තුවෙන් දැනට ඔයාලාගෙන් සමු ගන්නවා.

මම ෂෙහාන් සචින්ත…

ඔබට ජය…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

6 comments

  1. ☸️දර්ශන හෙට්ටිවත්ත | 📽️ සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ශෙහාන් මලයෝ පට්ට ඈ, සීරීස් එක ඉවර වෙනකල්ම සබ් ගෙනාවට ස්තූතියි. සීසන් 2 ආවොත් ආයේ හම්බුවෙමු එහෙනම්. සුපිරි කතාවක්,සුපිරි සබෙක් එක්ක සෙට් වෙලා ඉවර කරන්න ලැබුනු එකත් සතුටක් ඈ
    💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මේ කතාවට සබ් කරපු හැමෝටම

  3. මේක අපේ ගෙදර හැමෝම ගොඩාක් ආසාවෙන් බලපු ලස්සන කථාවක් බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනතුරු අරගෙන ආවාට .
    සුපර් මෑන් කියන්නේ පොඩි කාලේ ඉදන්ම මගේ කැමතිම සුපිරි විර චරිතය කියන්න වචන නෑ නියම වැඩක් බොහොම ස්තුතියි .

  4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  5. Thanks……..good luck…..

  6. නියම වැඩක් 🔥❤️…………මේකෙ season 2 එකටත් ඉක්මනට සබ් ඕනෙ 😪❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login