The title of the page
The Superdeep (2021) Sinhala Sub
The Superdeep (2021) Sinhala Sub
4.9
31
55

The Superdeep (2021) Sinhala Subtitles | පහළ තියෙන්නේ අපාය.! | සිංහල උපසිරැසි සමඟ

(The Superdeep (2021) Sinhala Subtitles) (The Superdeep (2021) Sinhala Sub)

වෙනසකටත් එක්ක කියලා අද මම ගිය අවුරුද්දේ නොවැම්බර් 4 දින නිකුත් වුණ Horror,Sci-Fi කාණ්ඩයේ රුසියානු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන ආවා.මේ වෙනකොට IMDb අගය 4.9 කුත් කුණු තක්කාලි දර්ශකයේ 31% අගයකුත්  මේ චිත්‍රපටියට ලැබිලා තියෙනවා.රේටින්ග්ස් අඩුයි කියලා රසිකයෝ මේ චිත්‍රපටිය නොබලා ඉන්න එපා. Sci-Fi ඝණයේ ෆිල්ම්ස් වලට කැමති අයට නියමෙට සෙට් වෙන ෆිලුමක් මේක.

Arseny Syuhin ගේ අධ්‍යක්ෂණයක් වෙන මේ චිත්‍රපටියට Milena Radulovic (ඇනා ෆෙඩරෝවා),Sergey lvanyuk (සර්ජි මැකියෙව්),Nikita Dyubanov (නිකොලායි),Vadim Demchog ( Dr.ග්‍රිගෝරියෙව්‍) යන අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා.

රුසියාව පොළව ගැඹුරේ ක්‍රියාත්මක කරනවා කෝලා සුපර්ඩීප් කියලා ව්‍යාපෘතියක්.හරියටම කිව්වොත් මීටර් 12,000ක් පොළව ගැඹුරෙනුයි මේ මධ්‍යස්ථනය තියෙන්නෙ.පිටට ඒක සාමාන්‍ය ගවේෂණ මධ්‍යස්ථානයක් වුණාට ඒකේ රහසිගතව විද්‍යාත්මක පර්‍යේෂණ සිද්ධ වෙනවා.ඒත් හදිසියේම එක “දෙයක්” නිසා මේ පර්‍යේෂණ මධ්‍යස්ථානය විනාස වෙනවා.ඒ තැන විනාස වුණේ හඳුනා නොගත් රෝගයක් නිසා කියලා ඒ තැනින් බේරිලා ආපු පර්‍යේෂන ප්‍රධානියාගෙන් ආරංචි වුණ නිසා ඇනා ෆෙඩරෝවා කියන ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥවරිය ඇතුළු කණ්ඩායමක් පොළව ගැඹුරේ තියෙන මේ මධ්‍යස්ථානෙට යවනවා මේක හරියටම දැනගන්න.ගියාට පස්සේ තමයි කණ්ඩායම තේරුම් ගන්නේ මේක ලෙඩකට වඩා භයානක “දෙයක්” කියලා.ඒ දේ මොකක්ද?,ඒකෙන් කණ්ඩායම කොහොමද පණ බේරගන්නෙ? කියලා දැනගන්න චිත්‍රපටිය නරඹන්නම වෙනවා.

 “ඇත්තටම ඒ ලෙඩක් නෙවෙයි, එයාලා කියන්නේ බොරු,පහළ තියෙන්නේ අපාය.!”

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
BRRip /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. එලම brother. Thanks සබ් එකට

  4. බොහෝම ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login