The title of the page
8
96
82

Superman And Lois (2021) S01E13 Sinhala Subtitle | පලායෑම | සිංහල උපසිරැසි සමඟ

(Superman And Lois (2021) S01E13 Sinhala Subtitle) (Superman And Lois 2021 S01 Sinhala Subtitles)

ඔන්න ඉතින් වෙනදා වගේම මං පුපර් මෑන් හා ලෝයිස් කථාංගයේ දහතුන්වෙනි වෙනි කොටසට උපසිරසි අරන් අවා. සුපර්මෑන් කතාංගය මේ වෙනකොට විකාශනය කරලා ඉවරයි, අපිට තව එපි දෙකකට විතරයි උපසිරැසි දෙන්න තියෙන්නේ ඒ 14 හා 15 කොටස් දෙකට. ඒ දෙකත් ඉක්මනට අරන් එනවො.

ආ මේකත් කියන්න ඕනා මායි දර්ශන අයියයි දෙන්නම උපසිරැසි කරන්නේ වෙබ් පිටපත් වලට ඔයාලා උපසිරැසියට අදාල කොපි ගන්න කොට වෙබ් පිටපත්ම ගන්න මොකද අන්තර්ජාලයේ හැමතැනම දැන් superman & lois S01 HDTV කොපි තියෙන හින්දා. ඔයාලා මේ වෙනකොට වෙබ් කොපි බාගත්තේ නැත්තන් අපේ සයිට් එකේ උපසිරැසි බා ගන්න තියෙන තැනට පහළින් වීඩියෝ පිටපත් කියන තැනින් අදාල එපිසෝඩ් එකේ වෙබ් කොපියක් බා ගන්න පුළුවන්. එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.

දොලොස් වෙනි එපියේ ⁣සිද්ද වෙච්ච දේවල් ඔයාලාට මතකනේ, දැන් අපේ දූශ්ටයා ඒ කියන්නේ මෝගන් එජ් ඩී ඕ ඩී එකේ x ක්‍රිප්ටොනයිට් වලින් ආවරණය වෙලා තියෙන විශේෂ සිර මැදිරියක ඉන්නේ කියලා ඔයාලා දැක්කානේ. ඒ වගේම ලෙස්ලි ලාරාවත් හොයනවා, ඒ වැඩේට උදව් වෙන්න ජෝන් හෙන්රි අයිරන්ස් විශේෂ ට්‍රැකර් එකක් හදලා ඒකේ පරාසය වැඩි කරා. ඒ වගේම ලෙස්ලි ලාරා ඩී ඕ ඩී එකට පහර දෙන්න හදද්දි ජෝන්ගේ උපකරණයට අහු වෙනවා සුපර්මෑන් පහර දීම වළක්වනවා ඒකට ජෝන්ගෙත් උදව් හම්බවෙනවා දැන් ඒ දෙන්නා හොද යාළුවෝ, එතකොට අපේ කොල්ලෝ දෙන්නා ජොනතනුයි ජොර්ඩනුයි මොකද කරන්නේ. ජොනතන්ට ටිකක් කැමැත්තෙන් ඉන්⁣න කණිෂ්ඨ කෙල්ල ඒ කියන්නේ ටේගන්, දෙන්නා ඉස්කෝලේ කට් කරලා කතා කර කර ඉන්න තැනක් හොයාගෙන යනවා, හැබැයි මේ ටේගන් යන්නේ එදා වෙච්ච සිද්දිය ගැනයි, සෑම් ඒ කියන්නේ ⁣ජොනතන්ගේ සීයා ගැනයි විස්තර අහන්න එතනින් ජොනතන් හිතේ අමාරුවෙන් අයින් වෙලා යනවා. එතකොට අපේ ජොර්ඩන් කොල්ලා මක් කොරනවාද, උන්දැත් එදාම සාරා කෙල්ලත් එක්ක පන්ති කට් කරලා අනවසර ඉඩමක තියෙන විලක් ලගට යනවා එතනින් පොලීසියටත් මාට්ටු වෙනවා… තව හොද හොද දේවල් වෙනවා ඒවා මං කියන්නේ නෑ. ⁣එහෙනම් එපිය බලලා එන්න මං නවතින්නම්.

මම ෂෙහාන් සචින්ත.

ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

9 comments

  1. Download වෙන්නේ නැහනේ

  2. කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

    අනිවාර්යයෙන්ම බලනවා ඒ වගේම smallville සීසන් වලටත් මේ වගේම සබ් දෙන්න .

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. බොහොම ස්තූතියි. අනිත් දෙකත් ඉක්මනින් ඕනා… ජය වේවා!!

  5. බොහොම ස්‍තූතිති සහෝ

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. Thanks….good luck…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login