The title of the page
Sulthan (2021) Sinhala Sub
Sulthan (2021) Sinhala Sub
6.2
94

Sulthan (2021) Sinhala Subtitles | ” රැකවලා ” | සිංහල උපසිරැසි සමඟ 

(Sulthan (2021) Sinhala Subtitles)

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං කාලෙකට පස්සේ අපේ ” පීටර් බාත්ලට්” අයියා එක්ක එකතු වෙලා සබ් එකක් කරා….

2021 අප්‍රේල් මස 2 වෙනිදා ඉන්දියාවේ සිනමාශාලා වල තිරගතවීම් ආරම්භ කරන ලද මෙම චිත්‍රපටයේ නම වෙන්නේ Sulthan (2021) යි . පැය 2 කුත් විනාඩි 35 ක දාවන කාලයක් ඇති මෙම චිත්‍රපටය Action/Romance යන ශාරණයට අයත් වෙනවා.

IMDB මීටරය තුල මේ වන විට 6.2/10 · IMDb අගයක් ලබා ගන්න සමත් වී ඇති මෙම චිත්‍රපටය ගූගල් පරිශීලක මනාප 94% ක් ලබා ගෙන තියෙනවා.

Bakkiyaraj Kannan මහතා විසින් අධ්‍යක්ෂනය කර ඇති අතර මෙහි නිෂ්පාදන කටයුතු S.R. Prabhu, S.R. Prakash Babu යන මහතුන් විසින්ද
සිදු කර ඇත……….

චිත්‍රපටය පිලිබඳව තවත් තොරතුරු කීපාරක් පහතින් දක්වා ඇත.

📌️ Written by -: Arul Kumar Rajasekaran /Hariharasuthan Thangavelu
📌️ Screenplay by -: Bakkiyaraj Kannan
📌️ Story by -: Bakkiyaraj Kannan

📌️ Music by
Songs:- Vivek-Mervin
Background score -: Yuvan Shankar Raja

📌️ Cinematography -: Sathyan Sooryan
📌️ Edited by -: Ruben
📌️ Production company -: Dream Warrior Pictures

මෙහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ දක්ෂ නලුවෙක් වන ” කාර්ති” විසින් රඟදක්වනවා, කාර්තිගෙ රඟපෑම කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕනා නෑනෙ, මීට පෙර නිකුත් වූ “කයිති” චිත්‍රපටය නැරඹුවා නම් අනිවාරෙන්ම ඒක දන්නවා ඇති……..

 ඊලඟට මෙහි ප්‍රධාන නිලිය පැත්තට ගියොත් එම චරිතය රඟදක්වන්නේ තෙලිඟු නිලියක් වන කෙටි කාලයක් තුල ඉන්දියානුවන්ගේ වගේම ශ්‍රී ලාංකිකයින්ගේ හදවත දිනා ගන්න සමත් වූ මේ වන විට” INDIAN NATIONAL CRUSH ” එක ද වන්නට සමත් වී ඇති රශ්මිකා මන්දනා විසිනි ……

         ඇය මේ වන විට තෙලිඟු , කණ්නඩ චිත්‍රපට වල රංගනයෙන් දායකත්වය දක්වලා තියෙනවා ඒ වගේම ඇය දමිළ සිනමාවට පිවිසෙන්නේ Sulthan (2021) ඒ කියන්නෙ අද අපි මේ උපසිරැසි ලබා දෙන චිත්‍රපටයත් සමගයි………..

කතාව ගැන ටිකක් කිව්වොත් මෙහෙමයි..

සුල්තාන් කියන්නෙ ඉපදෙනකොටම මව අහිමි වූ දරුවෙක් ඔහුගේ සැබෑ නාමය “වික්‍රම්” උනත් හැමෝම ඔහුට කතා කලේ සුල්තාන් කියලා , ඉතිං මවත් නැති මේ දරුවව හදා වඩා ගන්නේ ඔහුගේ පියා සහ පියා වෙනුවෙන් වැඩ කරන මැර පිරිස විසිනි . ඒ හේතුව නිසා සුල්තාන් ඔවුන්ව තමන්ගෙම පවුලේ අය වගේ හදවතේ තියාගන්නවා………

ඉතිං කොහොම හරි යම් සිද්දියක් නිසා සුල්තාන්ගේ පිය මිය යනවා, ඊට පස්සේ අර මැර පිරිස බලාගන්න වගකීම බාර උනේ සුල්තාන්ට නමුත් සුල්තාන් කියන්නෙ ප්‍රචන්ඩත්වයට විරුද්ධ කෙනෙක් , ඉතිං මේ සේදුපති මිය යන්න පෙර එක ගමක පුද්ගලයෙක්ට එක පොරොන්දුවක් දෙනවා ඒ ඔහුගේ ගමේ රජ කරන මැර පිරිසගෙන් ඔවුන්ගේ ගොවි බිම් සහ ඔවුන්ව බේරා දෙනවා කියලා ඉතිං ඔහු මිය ගියාට පසුව මේ පොරොන්දුව ඔහුගෙ මැර පිරිස වෙනුවෙන් ඉෂ්ඨ කරන්න හදනවා ඒත් සුල්තාන් ඔවුන්ට මැරකම් කරවන්න දෙන්නේ නෑ ඒ මොකද ඔවුන් මැරකම් කලොත් නගරයට අලුතින් ආව කමිශනර් ඔවුන්ව මරනවා……

ඉතිං ඔය කිව්ව ටික හොඳටම ඇති මොකද ඕනාවට වඩා කියන්න බෑ එහෙම උනොත් ෆිල්ම් එක බලන්න බෑනේ……..

📌️ ඔවුන්ට සේදුපති දුන්න පොරොන්දුව ඉෂ්ඨ කරන්න පුලුවන් වෙයිද ?

📌️සුල්තාන් ප්‍රචන්ඩත්වය අතට ගනීද ?

📌️නැත්තන් කමිෂනර් මැර පිරිසට වෙඩි තියයිද ?

📌️කවුද මේ ගමේ රජ කරන මැර පිරිස ?

මේ දේවල් දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා……….

” පැවතී යන කොරෝනා 3 වන රැල්ල කලින්ට වඩා ඉතාමත් භයානක තත්වයකට පැමිණිලා තියෙනවා . ඉතිං හැමෝගෙන්ම ඉල්ලන්නේ පුලුවන් තරම් පරිස්සම් වෙලා ගෙවල් වලටම වෙලා ඉන්න පුලුවන් තරම් මාස් පාවිච්චි කරන්න සෙනඟ ගැවසෙන තැන් වල වැඩිය යන්න එපා……….”

ලොව පුරා කොරොනා වසංගතය හේතුවෙන් දුක් විඳින සියලු දෙනාට ඉක්මන් සුවයද මේ වසංගතය ඉක්මනින් වඳ වී යන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා “

හැමෝටම බුදු සරණයි 🖤

සටහන -: අශේන් මදුරංග ( චූටියා )

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL /ProperHDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

19 comments

  1. Shehan
    Cineru Family Member

    සබට තෑන්ක්ස් පීටර් අයියේ චූටි දෙන්නනටම❤️

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. බොහොම ස්තුතිය සබ් එකට. මුලින්ම අලුත්ම ෆිල්ම් එකක් ආවොත් මේ සයිට් එකේ අය තමා කලින්ම දෙන්නේ. තැන්ක්ස් මචො සබ් එක ගහපු කෙනාට

  4. තෑන්ක්ස් දෙන්නටම..

  5. Netflix පිස්සා

    අම්මෝ මෙන්න ගෙනත්, බොහොම ස්තුතියි cineru team එකට, ඔබට සහ පවුලේ සැමට නිදුක් නිරෝගී සුව ලැබේවා

  6. Udaya saman
    Cineru Family Member

    දෙන්නටම ස්තුතියි සබට….ආ සිංදුත් එක්කම.පට්ට…ආව ගමන්ම මුලින්ම

  7. hammooo..enkam blan hitiya thks lot

  8. Download karaganne kohomada

    • samitha
      Cineru Family Member

      සිංහල උපසිරසියට පල්ලෙහා වීඩියෝ පිටපත් කියලා තැනක් තියෙනවා එතනින් අවශ්‍ය පිටපත් ගන්න පුළුවන්

  9. Video pitapath kiyala nahane

    • samitha
      Cineru Family Member

      විපින් දාගෙන ඉන්නවානම් ඔෆ් කරන්න ඩවුන්ලෝඩ් ලින්ක් පෙන්වන්නේ ලංකාවේ අයට විතරයි

  10. tanks sinhala sube ekata CHASING (2021) Tamil me film ekatath sube dannako jayawewa…

  11. ඒකට සබ් එපා chasing 2021 ඊයා බන්

  12. thanx ❤️❤️❤️❤️

  13. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් දෙන්නටම

  14. Pasindu Jayashan
    Cineru Family Member

    චූටියා.. ගැම්මක් තමා ඉතින්

  15. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි දෙන්නටම 😍

  16. Thushan
    Cineru_users

    ado thanks bn

  17. Deshani Rajapaksha

    Thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login