The title of the page
sufiyum sujatayum 2020 sinhala sub
sufiyum sujatayum 2020 sinhala sub
5.6
87

Sufiyum Sujatayum (2020) Sinhala Subtitles | සූෆි සහ සුජාතා | සිංහල උපසිරැසි සමග

sufiyum sujatayum 2020 sinhala sub

“- දෙවියනේ, ඔයා වගේ තවත් කෙල්ලෙක් හිටියනම් …”

“- තාත්තයි එපා කියලා කිව්වෙ…”

“- ඒ තවත් කතා කරන්න බැරි
  ළමයි උපදියි කියලා නෙවෙයි…”

“- කතා කරන්න පුලුවන් ළමයෙක් හිටියා නම්
  දුව දුවගෙ තත්වෙ ගැන හිතලා කලකිරෙන නිසයි..”

එළඹුණු කොරෝනා වසංගත තත්වයත් සමගම සිනමා කර්මාන්තයද එහි බලපෑමට ලක්වුනා. ඒ බලපෑම හමුවේ බොහෝ දකුණු චිත්‍රපට නිශ්පාදකවරුන් OTT මාධ්‍යයන් තුළින් චිත්‍රපටි නිකුත් කිරීම කෙරෙහි සිතා බලන්නට පෙළඹුණු අතර මලයාලම් සිනමාකරුවන් එහි පෙරමුණේම සිටියා. OTT platforms හරහා දමිළ සහ මලයාලම් සිනමාපට කිහිපයක් මුදා හැරුණු අතර තවත් කිහිපයක් නුදුරු අනාගතයේ අන්තර්ජාලයට මුදා හැරීමට නියමිතව තිබෙනවා. එලෙස Amazon Prime හරහා නිකුත් වුන නවතම මලයාලම් චිත්‍රපටිය වන්නේ Sufiyum Sujatayum (සුෆී සහ සුජාතා) චිත්‍රපටිය යි.(sufiyum sujatayum 2020 sinhala sub)

ජයසූර්යා සහ අදිති රාඕ විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටිය Naranipuzha Shanavas විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඒ වගේම IMDb අගය 5.6 ලෙස සටහන් කරන්නත්, 87% ක ගූගල් පරිශීලක මනාප ප්‍රමාණයක් ලබාගන්නටත් සමත් වෙලා තියෙනවා.. නිකුත් වීමට පෙර සිටම කතාබහකට ලක්වුණු චිත්‍රපටියක් ලෙස මෙය හඳුන්වා දීමට පුලුවන්. ඒ වගේම තමයි මේක මලයාලම් සිනමාවේ ඉතිහාසගත වාර්තාවක් තබනවා.. මොකද මේක තමයි  OTT නිකුත් කළ පළවෙනි මලයාලම් චිත්‍රපටය විදිහට ඉතිහාස ගත වෙන්නෙ..

sufiyum sujatayum 2020 sinhala subtitle

ආගම සහ ආගමික මතවාදයන් පිළිබඳව සාකච්ඡාවන් ගොඩනැගෙන ආකාරයේ චිත්‍රපට මලයාලම් සිනමාව තුළ බිහිවන නවතම රැල්ලක්දැයි හැඟී යනවා. කෙසේ නමුත් යම් බලපෑමක් කළ හැකි ප්‍රධාන පෙළේ නළුවන් සහ නිෂ්පාදකවරුන් බොහෝ දෙනා හින්දු ආගමිකයින් නිසාදෝ හින්දු ආගම විවේචනය කිරීමට තරම් දිරියක් නව රැල්ලේ සිනමාකරුවන්ට නැතුවා වන්නටද පුලුවන්… කොහොම උනත් මේ චිත්‍රපටයටත් ආගම යම් තාක් දුරකට මිශ්‍ර වෙලා තිබෙන බව පෙනුනත් සම්පූර්ණයෙන්ම ආගමික මතවාද ගැන ඉදිරිපත් කරන ආකාරයේ සලරුවක් නම් නෙවෙයි..

පැය දෙකක් පුරාවට දිවෙන චිත්‍රපටයේ අන්තර්ගතය ගැනත් කෙටියෙන් මතක් කරන්නම්..

sufiyum sujatayum 2020 sinhala subtitle

චිත්‍රපටියෙන් අපිට නිරූපණය වෙන සුජාතා කියන්නෙ කතා කරන්න බැරි තරුණ වයසෙ ඉන්න හුරතල් කෙල්ලක්.. නැටුම්
වලට ගොඩක් කැමති කෙනෙක්.. දවසක් සුජාතා ඉන්න ගමට මුස්ලිම් පල්ලි වල යාඥාවන් කරන සූෆිවරයෙක් එනවා..
එයාගෙ හැසිරීමට, කට හඬට, රූපයට වසඟ වෙලා එයත් එක්ක ආදරයෙන් බැඳෙනවා..
sufiyum sujatayum 2020 sinhala subtitle
කොහොම උනත් ඉතින් මේ ආදර සම්භන්ධය එච්චර සුදුසු එකක් විදියට අනිත් අය දකින්නෙ නෑ… මේ සිද්ධිය පල්ලියෙ
උස්තාද් දැන ගත්තම සූෆිට ගමෙන් යන්න වෙනවා.. සූෆි සුජාතගෙන් වෙන්වෙලා යනවා.. සුජාතා තමන්ගෙ පවුලෙ අයව
දාලා එයත් එක්ක යන්න හදනවා.. හැබැයි එයාට පවුලෙ අය දාලා යන්න වෙන්නෙ නෑ…

sufiyum sujatayum 2020 sinhala sub

මේ අතරෙ සුජාතාට වෙන කෙනෙක්ව කසාද බඳින්න වෙනවා.. ඒ තමයි රාජීව්…. ඒත් සුජාතා එයාගෙ සූෆිව කවදාවත් අමතක කරන්නෙ නෑ.. සුජාතා අලුත් ජීවිතය ගත කරන අතරෙ, දවසක් තමන්ගෙ පරණ ආදරවන්තයා මිය ගියා කියලා සුජාතට අහන්න ලැබෙනවා.. ඊට පස්සෙ මොනවා වේවිද සූෆිව භූමදාන කරන්න කලින් සුජාතාට අන්තිම වතාවට බලන්න ලැබෙයිද.. රාජීව් ඒකට අවස්ථාව සලසලා දෙයිද.. ? පැය දෙකක් පුරාවට ඔයාලට බලන්න ආරාධනා කරන ගමන් අදට නවතින්නම්…

sufiyum sujatayum 2020 sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

25 comments

  1. Ashen Maduranga
    Cineru Family Member

    එලම පසිදුවා ❤️❤️

  2. Peter Barthelot
    Cineru Family Member

    නියමයි පසිදු , සුපිරිම වැඩක්

  3. Rumesh Basnayake
    Cineru Family Member

    THANK YOU Pasindu 🖤

  4. බොහොම ස්තුතියි බ්‍රෝ 😊👍👊👊👊

  5. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍👊👊👊

  6. supiri aa..tnx sub ekata ❤

  7. පට්ටම වැඩක් පසියා..❤️

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  9. Sithum sanjana
    Cineru Family Member

    සුපිරිම ❤️😍

  10. Yasiyabro
    Cineru Family Member

    Excellent work

  11. පට්ට

  12. Ashen Maduranga
    Cineru Family Member

    ❤️❤️❤️

  13. Lalani Maduwanthi

    නියමයි…හොද වැඩක්. ගොඩාක් ස්තුතියි ඔබට …

  14. Lalani Maduwanthi

    thank you

  15. Malinda Sadaruwan

    පට්ට බන් පසියා❤

  16. Amila Pathum Hasaranga
    Cineru Family Member

    Ela

  17. Amila Pathum Hasaranga
    Cineru Family Member

    Supiri

  18. Amila Pathum Hasaranga
    Cineru Family Member

    පට්ට වැඩක්

  19. සුපිරි
    දිගටම කරගෙන යමු

  20. Lalani Maduwanthi

    ගොඩාක් ලස්සනයි film එක. ලස්සන කථාවක්..මෙිවගේ තවත් මලයාලමි චිත්රපට වලට උපසිරැසි දෙන්න.

  21. හේමන්ත

    ස්තුතියි -පසිඳු….

  22. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login