The title of the page
Striker 2019 Sinhala Sub
Striker 2019 Sinhala Sub
7.8
93

Striker (2019) Sinhala Subtitles |මිනීමැරුමේ සුළ මුල| සිංහල උපසිරැසි සමග

(Striker 2019 Sinhala Sub)ඔන්න එහෙනම් යාලුවනේ ටික දවසක නිමාඩුවකින් පස්සේ අදත් අපි සුපිරි චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවා,අපි කියන්නෙ අංජුල උමේෂ් වෙන මමයි දිනේශ් රුවන් සහෝදරයයි,

2019 පෙබරවාරි මස 19 වන දින නිකුත් වූ මෙම සිනමා පටය අධ්‍යක්ෂනය කර ඇත්තේ Pawan Trivikram විසිනි. Crime/Thriller ඝනයට අයත් වෙන මෙම සිනමා පටය IMDB මීටරය 7.8/10 වැනි ඉතා ඉහල අගයකට කරකවන්න සමත් වෙලා තියෙනවා, ඒ වගේම තමා මෙම සිනමා පටය සදහා ගූගල් පරිශීලක මනාප 93% ක්ද ලබාගෙන තියෙනවා …..

පැය 2 කුත් විනාඩි 2 ක් පුරාවට දිව යන මෙහි රංගන කටයුතු සදහා ……

🌟Shilpa Manjunath
🌟Praveen Tej
🌟Saurav Lokesh
🌟Dharamanna Kadur
🌟Ashok Raj

ඇතුලු තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසකින් ලස්සන වෙලා තියෙනවා .

එහෙනම් අපි කතාව පැත්තට ටිකක් ඔලුව දාලා බලමු..👇

සිද්දු (ප්‍රවීන් තේජ්) කියන්නේ මානසික ආබාධයකින් පෙළෙන තරුණයෙක්.. ඒ කියන්නේ සිද්දුට සිහිනයත් යථාර්ථයත් අතර වෙනස හඳුනා ගන්න අපහසුයි. එයාගේ ලොකුම අභියෝගය වෙන්නේ එයාගේ තත්වය නොතකා එයා එක්ක විවාහ වෙන්න කැමති ගැහැණු ළමයෙක්ව හොයා ගන්න එක. සිද්දු තමන්ගේ ආද⁣රේ මධු තුළින් සොයා ගන්නවා..ඒත් ඊට පස්සේ, මධු එයාගේ යාලුවෙක්ගේ විවාහ මංගල්‍යයට සහභාගී වෙන්න රාජස්ථාන් වලට ගියාම සිද්දුව මිනීමැරුම් නඩුවකට පැටලෙනවා…මිනීමැරුම සැබවින්ම සිද්ධ වුණාද, නැත්තන් එ්ක සිද්දුගේ පරිකල්පනයේ රූපයක්ද? සියලු සිදුවීම් වලට පස්සේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න සිද්දුට පුලුවන් වේවිද?

ස්ට්‍රයිකර් කියන්නේ ඔයාලා තුළ කුතුහලයක් ඇති කරවන්න පුලුවන් ත්‍රිලර් චිත්‍රපටයක්..කන්නඩ සිනමාව තුළ අක්‍රමිකතා වටා කැරකෙන මිනීමැරුම් නඩුවකට ගොදුරු වුණු පුද්ගලයෙක් වටා ගෙතුනු චිත්‍රපටි හම්බවෙන්නේ කලාතුරකින්…මේ ෆිල්ම් එක අධ්‍යක්ෂක පවන් ත්‍රිවික්‍රම්ගේ නව උත්සාහයක්.. මේ ෆිල්ම් එකේ සංගීත අධ්‍යක්ෂක භාරත් බී.ජේ ප්‍රශංසනීය කාර්යයක් සිද්ද කරලා තියනවා…ඇත්තටම කිව්වොත් ස්ට්‍රයිකර් කියන්නේ නැරඹන්න වටින ෆිල්ම් එකක්…

එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා හැමෝටම සුභ දවසක් 
බුදු සරණයි..!!

 

anjula

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් දිනේෂ් රුවන් සොයුරාට සහ අංජුල උමේෂ් සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

3 comments

  1. Sthuthi obata

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    එලම 😍😍❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login